POSTED ON Saturday, May 4, 2013| | Edit Post

විදාතා වැඩසටහන යටතේ නාත්තණ්ඩිය,මූදූකටුව ධීවර ගම්මානයේ ස්ථාපිත කරන ලද සූර්යතාප මාළු            විජලනය කිරීමේ තාප කුටීරය මූදූකටුව ධීවර සමිතිය වෙත පැවරීමේ උත්සවය ඊයේ (29) දින අමාත්‍ය   පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.

ගමට තාක‍්ෂණය ගෙන යන විදාතා වැඩසටහන මඟින් ප්‍රදේශයට අවශ්‍ය තාක‍්ෂණය සපයා අවේණික සම්පත් භාවිතයෙන් අගය එකතු කළ  භාණ්ඩ නිෂ්පාදනය සඳහා ජනතාව දිරිමත් කිරීමේ අරමුණින් නාත්තණ්ඩිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් එක්ලක‍්ෂ හැත්තෑ දෙදහසකි(172,000).

මූදූකටුව ධිවර ගම්මානයේ අතිරික්ත මාළු අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමයක් ලෙස සහ ධීවර ජනතාවට මාළු අස්වැන්නෙන් වැඩි ආදායමක් ලබා ගැනීමට පහසුකම්  සැලසිම  මඟින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වේ.

වෙනත් කිසිදු බලශක්තියක් භාවිත නොකර සූර්යතාපයෙන් පමණක්  ක්‍රියාත්මක වන මෙම තාප කුටීරයෙන් දිනකට මාළු  කිලෝ 120ක් පමණ විජලනය කිරීමේ හැකියාව පවතී. මෙම  විජලිත මාළුවල විශේෂත්වය වන්නේ සම්ප්‍රදායික ක්‍රමයට සකස් කරන විජලිත මාළුවලට වඩා උසස් තත්ත්වයෙන් යුත් වැලි සහ අපද්‍රව්‍යයන්ගෙන් තොර රසයෙන් සහ ගුණයෙන් යුත් සෞඛ්‍යාරක‍්ෂිත සහ ගුණාත්මක බවින් වැඩි කරවල නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකි වීමයි.

සරල තාක‍්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විජලන තාප කුටීරය භාවිතය සහ නඩත්තුව ද ඉතා සරලවීම සහ මුහුදට ආසන්නයේ ස්ථාපිත කිරීමට හැකිවීම විශේෂ ලක්ෂණයන් වේ.

ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ තාක‍්ෂණ දායකත්වය සපයා ඇති මෙම සූර්ය තාප මාළු විජලන කුටීරය තාක‍්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යාංශය මඟින් ස්ථාපිත කරනු ලැබූ පළමු විජලන තාප කුටීරය වන අතර මෙම ව්‍යාපෘතිය මීගමුව, හලාවත මුහුදු කලාපය තුළ ද විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා උතුරු නැගෙනහිර මුහුදු කලාපය තුළ ද ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

මෙම විජලන තාප කුටීරය මූදූකටුව ධීවර සමිතියට ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමිය, පළාත් සභා මන්ත්‍රී පියසිරි රාමනායක, සුමල් තිසේරා, නිලන්ත ප්‍රනාන්දු යන මැති ඇමතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ. - news.lk



Fish Dryer News 2Fish Dryer News 3

Fish Dryer News

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews