POSTED ON Tuesday, March 19, 2013| | Edit Post

ඔබ ගාලු පාර පාවිච්චි කරන්නෙක් නම් ඔබේ වෙහෙසකර ගමනේ විඩාව නිවන ඔබේ නෙතට ප්‍රිය උපදවන මනස්කාන්ත තුරු ලිය ගොමුවක් පානදුරේ සිට රත්මලාන තෙක් ඔබට දැකගත හැකිවනු ඇත.එම පෙදෙස පසු කරද්දී අනෙක් පෙදෙස් පසුකරාට වඩා සිසිලසක් මෙන්ම ගතට පහසුවක් දැනීම අප මෙන්ම ඔබත් අත්විද ඇතුවාට සැක නැත.මෙවැනිම පෙදෙස් කැලනිය-කඩවත  ,නුවර පාරේ කොස් කැලය පෙදෙස ,කතරගම යද්දී මෙන්ම තවත් බොහෝ පෙදෙස් වලදීද දකින්නට ලැබේ.

එමෙන්ම නුගේගොඩ,පානදුර, මොරටුව ,කොළඹ ආදී නාගරික ප්‍රදේශවල දහවල් කාලයේදී ඇවිදීමේදී අදික අවුරශ්මියක් හා දාහයක් දැනීමද අත්විද ඇතුවාට නිසැකය.මෙම කාලයේදී එය තවත් දරුනුවට අත්විදීමට අවුරුද්දට භාන්ඩ ගැනීමට ගිය බොහෝදෙනෙකුට ඉඩලැබෙන්නට ඇත.මේ එම වීදි දෙපස ගස්වැල් වැවීම ගැන සාකච්චා කෙරෙන වැදගත් ලිපියකි.ඔබත් කියවන්න.

 වර්තමාන ලෝකයේ බරපතළ පාරිසරික ගැටලුවක්‌ සේ සැලකිය හැකි වායු දූෂණය නිසා ඇති වී තිබෙන ගැටලු පිළිබඳව මේ විමසුම ඔස්‌සේ අප විටින් විට සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් විවිධ වායු දූෂක හා ඒවා නිසා මානව සෞඛ්‍යයට ඇති වන බලපෑම් හා පොදු පාරිසරික බලපෑම් විශේෂයෙන් අවධානයට ලක්‌ වූ කරුණු විය. එසේ ම මේ වායු දූෂණය වැළැක්‌වීමට ගෙන ඇති විවිධ උත්සාහ හා ක්‍රමවේද පිළිබඳව ද අපේ අවධානය යොමු කර ඇත්තෙමු
.
පසුගිය දා පළ වී ඇති අධ්‍යයනයකට අනුව විවිධ වෘක්‌ෂලතාදියෙන් සමන්විත වීදි, වායු දූෂණය පාලනය කිරීමට මෙතෙක්‌ සිතා සිටියාට වඩා ප්‍රයෝජනවත් බව හෙළි වී තිබේ. ඒ පිළිබඳව මේ සතියේ පරිසර විමසුම වෙන් කිරීමට අදහස්‌ කරමු.


නාගරික වායු දූෂණය පිළිබඳ අධ්‍යයනයක්‌

වායු දූෂණය ප්‍රමාණාත්මකව අධික වන්නේත් එහි බලපෑම් බරපතළ වන්නේත් නාගරික ප්‍රදේශවල ය. ඊට හේතු වන්නේ රථවාහන මඟින් හා කර්මාන්තශාලාවලින් නිකුත් වන විවිධ වායු දූෂක වැඩි වශයෙන් දැකිය හැක්‌කේ නාගරික ප්‍රදේශවල වීම බව පෙනේ. එසේ ම විදුලි බලාගාර වැඩි වශයෙන් පිහිටා ඇත්තේ ද මෙවැනි ප්‍රදේශවල ය. ඒ නිසා වායු දූෂණයේ බලපෑම් අධික ලෙස දැකිය හැක්‌කේ ද නාගරික ප්‍රදේශවලය. අප මේ විමසුම ඔස්‌සේ මින් පෙර ද සාකච්ඡා කර ඇති ආකාරයට නාගරික මංමාවත්වල සිට පදිංචි ප්‍රදේශවලට ඇති දුර මත වායු දූෂණය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලුවල බරපතළ බව වෙනස්‌ විය හැකි බව ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ.
අප මාතෘකා කරගන්නා අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇති වායු දූෂක වන්නේ නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් (භධ2) හා අංශුමය ද්‍රව්‍ය (ඡඵ) ය. ලෝකයේ බොහෝ නාගරික ප්‍රදේශවල මේවායේ සාන්ද්‍රණය ආරක්‌ෂිත මට්‌ටමට වඩා අධික ය. එසේ ම මේ දූෂක දෙකෙන් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු ද බරපතළ හා සංකීර්ණ ඒවා බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
මෙවැනි වායු දූෂක ඉවත් කිරීම සඳහා යෝග්‍ය ක්‍රම පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කර ඇති අතර ඒ මත පදනම් ව විවිධ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් වායු දූෂක විමෝචනය වීම පාලනය කිරීම එවැනි ක්‍රමයකි. තවත් ක්‍රමයක්‌ වන්නේ මේ වායු දූෂක විසිරී යැමට සැලැස්‌වීම ය. අනෙක්‌ ක්‍රමය වන්නේ ඒවා තැන්පත්වීමේ වේගය ඉහළ නැංවීම ය. උක්‌ත අධ්‍යයනයේ දී අවධානය යොමු කර ඇත්තේ අඩු අවධානයකට ලක්‌ ව ඇති තුන්වැනි ක්‍රමවේදය පිළිබඳ ව ය. එය සිදු කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ය.

ගස්‌-වැල් මඟින් වායු දූෂණය පාලනය කිරීම

උක්‌ත අධ්‍යයනයේ දී පෙනී ගොස්‌ ඇති ආකාරයට නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් හා අංශුමය ද්‍රව්‍ය යන වායු දූෂක පරිසරයෙන් ඉවත් කිරීමට ගස්‌-වැල්වලට ඇති හැකියාව මෙතෙක්‌ සිතා සිටියාට වඩා අධික ය. විශේෂයෙන් වීදි මට්‌ටමේ වැවෙන තෘණ, තාප්ප හා වෙනත් ආධාරක දිගේ වැවෙන වැල් වර්ග හා වෙනත් ගස්‌ මේ සඳහා යොදා ගත හැකි ය. මේ ශාක වැස්‌මේ මතුපිට ස්‌වභාවය අනුව උක්‌ත වර්ග දෙකේ දූෂක තැන්පත් වීම විවිධ ප්‍රමාණවලින් සිදු වේ. එහෙත් ගොඩනැඟිලි වැනි ව්‍යqහ මතුපිට ඇති දැඩි මතුපිටක තැන්පත් වනවාට වඩා වැඩි ප්‍රමාණයකින් ශාක වැස්‌මක්‌ මත මේවා තැන්පත් වීම සිදු වේ.
පරිගණක ආකෘතියක්‌ ද භාවිත කරමින් සිදු කර ඇති මේ අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය සියයට 40ක්‌ පමණ ද, අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය සියයට 60කින් තරම් ද අඩු කළ හැකි ය. මින් ඉහත සිදු කර ඇති අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇත්තේ නාගරික හරිත වැස්‌මක තැන්පත් වීමෙන් වායු දූෂණය අඩු කළ හැක්‌කේ සියයට 5ක්‌ තරම් ප්‍රමාණයකින් බව ය. එහෙත් නව අධ්‍යයනය මේ හරිත වැස්‌මේ ප්‍රයෝජනය බොහෝ සේ අධික බව පෙන්වා දෙයි. මීට හේතුව නාගරික ප්‍රදේශවල වීදිවල ඇති දොරුවක්‌ වැනි වූ භෞතික ස්‌වභාවය මත වාතය වැඩි වේලාවක්‌ රැඳී තිබීම මෙතෙක්‌ නො සලකා හැර තිබීමයි.
මේ සඳහා විවිධත්වයෙන් යුක්‌ත ශාක වැස්‌මක්‌ යොදාගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් වීදි මට්‌ටමේ ඇති බිත්ති දිගේ මුල් මඟින් වැවෙන පැළෑටි හා වැල් වර්ග ද මීට යොදා ගත හැකි ය. එසේ ම විශාල ගස්‌වල කිරුළ ප්‍රදේශයේ දූෂක රැඳී පැවතීම වැළැක්‌විය හැකිනම් ගස්‌වලින් ද දූෂක ඉවත් කිරීමට වැඩි ප්‍රයෝජනයක්‌ ලැබේ.
ප්‍රායෝගිකත්වය
මේ අනුව ශාක වැස්‌මක්‌ යොදාගැනීමෙන් නාගරික වායුදූෂක පෙරහනක්‌ සෑදිය හැකි බව පැහැදිලි ය. ඉන් ලැබෙන ප්‍රයෝජන හා සංසන්දනය කරන විට මෙවැනි ශාක වැස්‌මක්‌ ඇති කිරීම එතරම් අපහසු හා මිල අධික ක්‍රමයක්‌ ද නො වේ. මෙ මඟින් නාගරික ප්‍රදේශයේ වාතයේ ගුණාත්මක බව ඉක්‌මනින් ඉහළ නැංවිය හැකි ය.
වායු දූෂණය වැළැක්‌වීම සඳහා ගෙන ඇති විවිධ පියවර අතරින් මෙයින් තවත් ප්‍රයෝජන ද සැලසේ. වීදි දෙපස ඇති ශාක වැස්‌මක්‌ මඟින් නගරයට සෞන්දර්යාත්මක බවක්‌ ලැබේ. එසේ ම ජෛවවිවිධත්වයට ද වෘක්‌ෂලතා වැස්‌මක්‌ තිබීම වැදගත් වේ.
කෙසේ වෙතත් නාගරික ප්‍රදේශවල ශාක අවරණයක්‌ ඇති කිරීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක්‌ ද තිබේ. ඒ සඳහා තෝරාගන්නා ශාක පවත්නා දේශගුණ තත්ත්වයනට ඔරොත්තු දීම හා අධික තාපයට හා ඔරොත්තු දිය හැකි වීම වැනි කරුණු වැදගත් වේ. (මූලාශ්‍රයEnvironmentalScience & Technology, DOI: 10.1021/es300826w)











1 comment:

  1. මම හිතන්නේ නෑ මේක සාර්ථක වෙයි කියල මොකද පහුගිය දවස් ටිකේ නුවර town එකේ තිබ්බ විශාල බොහොම පැරණි ගස් ගොඩාක් කැපුවා දැන් ඉතිරි වෙලා තියෙන්නේ ගස් දෙකක් හෝ තුනක් විතරයි ඉතින් එහෙව් එකේ කොහොමද මේක හරියට ක්‍රියාත්මක වෙයි කියල හිතන්නේ

    ReplyDelete

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews