POSTED ON Thursday, September 1, 2016| | Edit Post
යම් රෝහලකට රුධිර අවශ්‍යතාවයක් ඇති වූ විටදී එම අවශ්‍ය රුධිර වර්ගය සහිත පරිත්‍යාගශීලීන් ඉක්මණින් හා රෝහල අවට ප්‍රදේශයෙන් සොයා ගැනීමට පහසු වන ආකාරයේ වෙබ් අඩවියක් eblood.lk නමින් ආරම්භ කර තිබෙනවා. මෙම මහඟු සමාජ සත්කාර සේවාව සාර්ථක වීමට නම් ප්‍රථමයෙන්ම අවශ්‍ය මොහොතකදී රුධිරය ලබා දීමට කැමැත්තෙන් සිටින පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු එක් රැස් කර ගත යුතුයි. එලෙස රුධිරය පරිත්‍යාග කිරීමට ඔබත් කැමති නම් දැන්ම www.eblood.lk වෙබ් අඩවිය වෙත පිවිස හදිසි අවශ්‍යතාවයකදී ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න.

මෙම වෙබ් අඩවියේ ලියා පදිංචි වීමේදී නම, දුරකථන අංකය, දිස්ත්‍රික්කය ආදී විස්තර කිහිපයක් ලබාගන්නවා.

හදිසි රුධිර අවශ්‍යතාවයකදී අදාළ රෝහලට ආසන්නයේ නියමිත රුධිර වර්ගය සහිත පරිත්‍යාගශීලින් sms පණිවිඩ හරහා දැනුවත්කිරීම සදහා ඉහත ලබාගත් විස්තර යොදාගන්නවා.

උදාහරණයක් ලෙස කළුබෝවිල රෝහලේ o+ වර්ගයේ රුධිර අවශ්‍යතාවක් ඇතිඋවහොත් දෙහිවල, මහරගම, නුගේගොඩ ආදී ප්‍රදේශවල පදිංචි o+ වර්ගයේ රුධිරය සහිත පරිත්‍යාගශීලින් sms පණිවිඩ හරහා දැනුවත්කිරීම සිදු කරනවා.

මෙවැනි හදිසි අවස්ථාවක sms යොමුකළ හැකි ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ජාතික රුධිර පාරවිලයන සේවයේ සහාය සහිතව සියලුම රෝහල් සදහා ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. තවද ඉදිරියේදී ඔබ ලියාපදිංචි දිස්ත්‍රික්කය තුළ සංවිධානය කරන රුධිර පරිත්‍යාගකිරීමේ වැඩසටහන් පිලිබදව email පණිවිඩ හරහා ඔබව දැනුවත් කරනු ඇති.

මෙම වෙබ් අඩවිය කාලීන අවශ්‍යතාවයක් සේ සලකා (ලාබ නොලබන) සමාජ සත්කාරයක් ලෙස දියුණු කරන ලද අතර එය වැඩිදියුණු කරගැනීම සදහා ඔබගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සමාජජාල වෙබ් අඩවි මගින් ඔබට හැකි උපරිම ආකාරයට මෙය share කර උපරිම පරිත්‍යාගශීලින් සංඛ්‍යාවක් ලියාපදිංචි කරගැනීමට ඔබගේ සහාය දක්වන ලෙස ඉල්ලා සිටිනවා.

ඔබ ලියාපදිංචිවීමේදී සැළකියයුතු කරුණු :
1. ඔබ දැනට වාසයකරන දිස්ත්‍රික්කය "දිස්ත්‍රික්කය" ලෙස ඇතුල් කරන්න.
2. දුරකථන අංකය ලෙස ඔබ භාවිතාකරන ජංගම දුරකතනයේ අංකය යොදාගන්න.
3. හැකි සෑමවිටම email ලිපිනය හා ඔබේ රුධිර වර්ගය නිවැරදිව ඇතුල් කරන්න.
4.රහස් වචනය(password) මතකතබාගැනීමෙන් පසු අවස්ථාවකදී උවද ඔබගේ විස්තර වෙනස් කල හැක.
5. ඔබට රුධිරය පරිත්‍යාග කල නොහැකි සෑම විටම "දැනට රුධිරය පරිත්‍යාග කිරීමේ හැකියාව" නැත ලෙස සකසන්න.
6. ලියාපදිංචි වීමේදී සත්‍ය කරුණු පමණක් ඇතුල් කරන්න.





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews