POSTED ON Wednesday, April 23, 2014| | Edit Post
ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මේ වසර තුල ඉපැරණි දේශීය සහල් කිලෝ ලක්ෂ හයක් අපනයනය කිරීමට සැලසුම්කර ඇත.

අධිකාරියට අයත් මහවැලි සී කලාපයේ රත්කිද ගොවිපොළේ මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර දේශීය වී වර්ගයක් වන සුවදැල් මෙහි වගාකර ඇත.

කාබනික ක්‍රමයට වගා කරන ලද මේහි අස්වැන්න නෙලීම පසුගියදා රත්කිඳ ගමේදි නෙලීම සිදුවිය.

සියලු කටයුතු දේශීය ක්‍රමයට සිදුවීම ඉතා දුර්ලබ අවස්ථාවක් විය : මේම වීඩියෝ ව බලන්න ( ස්වර්ණවාහිනි Live at 8 )





දේශීය වී වර්ගයක් වන සුවඳැල් මෙසේ වගාකර ඇති අතර, මෙම අස්වනු බීජ නිෂ්පාදනය සඳහාද අපේක්ෂා කරන බව මහවැලි අදිකාරිය පැවසුවා.

මේවැනි ඉපැරණි දේශීය සහල් අහාරයට ගැනීමෙන් දේශීය වී වර්ගයක් වන සුවඳැල් මෙසේ වගාකර ඇති අතර, මෙම අස්වනු බීජ නිෂ්පාදනය සඳහාද අපේක්ෂා කරන බව මහවැලි අදිකාරිය පැවසුවා.

මේවැනි ඉපැරණි දේශීය සහල් අහාරයට ගැනීමෙන් බො නොවන රොග රැසකට පිළියක බව පිළිගැනීමයි.

මා වී- දියවැඩියාව , මළ බද්ධය , ස්ථූලතාව පාලනය , කාය වර්ධනය වැඩිවෙනවා. ශක්තිය වැඩිවෙනවා.
සුවඳැල්- ශරීර වර්ධනය ,කටහඬ මිහිරිවීම බහිඝ්‍රවී කාර්රය මනා ලෙස සිදුවීම, දියවැඩියාවට ගුණදායීවීම, පාන් පිටි කිලෝවකින් ශරීරගත වුණ පාන් පිටි ප්‍රමාණය සියට හැටක් නම් ඒ ප්‍රමාණය සියට තිහක් දක්වා අඩු කරගැනීමට ප්‍රමාණවත්
කළු හීනැටි- කාය ශක්තිය වර්ධනය කරනවා.ශරීරයේ විස මර්දනය කීරීමට, සම නිරෝගීවීමට
පොක්කාලි- දියවැඩියාවට ස්න්‍යුයු පද්ධතියට මෙන්ම සමේ රෝගවලට හොඳට ගුණදායකයි.
දානාල - වකුගඩු, ස්න්‍යු රෝග නැති කිරීමට පිළිකාවන් වළක්වන්න. ගුණදායකයි.

මඩතවාළු- දියවැඩියාවට වගේම තුන්දොස් කිපීමටත් ගුණදායී.







Pictures : ada.lk

free domain



Divaina news paper article on 25-4-2014
වකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න
- වෛද්‍ය ඡන්න ජයසුමන

තලාව, එප්පාවල - රත්න බී. ඒකනායක

කාලයක්‌ තිස්‌සේ කරන ලද පර්යේෂණයන්ට අනුව උතුරුමැද පළාත පුරා පැතිරී ඇති වකුගඩු රෝගය නිවාරණය කිරීමට ඇති එකම මග කෘෂි රසායන භාවිතයෙන් තොර කළුහීනටි, රත්ඇල්, රත්සුවඳැල්, මඩතවාලු, සූදුරු සම්බා, කුරුළුතුඩු, මඩැල් වැනි දේශීය වීවර්ග වගාකොට ඒවායින් ලබාගන්නා සහල් පරිභෝජනයට ගැනීම යෑයි කැලණීය විශ්වවිද්‍යාලයීය වකුගඩු රෝග පර්යේෂණ කණ්‌ඩායමේ පර්යේෂක රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඡන්න ජයසුමන මහතා "දිවයින"ට කියා සිටියේය.

මේ පිළිබඳ තමන් එක එල්ලේම ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු රජරට පුරා දේශීය වී වර්ග ව්‍යාප්ත කිරීමට වහාම පියවර ගන්නැයි විශේෂ ව්‍යාපෘති ඇමැතිවරයා වන එස්‌. එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස්‌ ලබාදී ඇතැයි පැවසීය.

වැඩිදුරටත් කතා කළ වෛද්‍ය ඡන්න ජයසුමන මහතා - දැන් රජරට වතුර වෙළෙඳාම ලොකුම ජාවාරමක්‌ වෙලා. වතුරේ ඇති බැර ලෝහ සහ අනිකුත් අපද්‍රව්‍ය පෙරී වතුර පිරිපහදු කරන්නේ යෑයි ජනතාව නොමග යවමින් විවිධ මිල ගණන්වලට ආනයනික ජල පෙරණ රජරට පුරා අලෙවි කරනවා. මේවායින් අපේක්‌ෂිත බැරලෝහ සහ වෙනත් අපද්‍රව්‍ය හරියට ඉවත් වෙන බවට තියෙන විද්‍යාත්මක සහතිකය කුමක්‌ද? වතුරේ බැර ලෝහ තිබේද? නැද්ද? යනුවෙන් නිවැරදිව හඳුනාගත හැකි එක්‌ යන්ත්‍රයක්‌ කාර්මික විද්‍යා ආයතනයේත් තවත් යන්ත්‍රයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයේත් තියෙන බව දැන ගන්න තියෙනවා. වතුරේ බැරලෝහ තිබේද නැද්ද යනුවෙන් පරීක්‍ෂා කළ හැක්‌කේ මේ යන්ත්‍රවලින් පමණයි. දැනට රජරට පුරා අලෙවියේ ඇති විවිධ ආනයනික ජල පිරිපහදු යන්ත්‍රවලින් එය හරියට කෙරෙනවාද කියල අපි කවුරුත් දන්නෙ නෑ. මේ නිසා රටට ආනයනය කෙරෙන සියලු ආකාරයේ ජල පෙරණ යන්ත්‍රවලින් බැර ලෝහ හා අනිකුත් අපද්‍රව්‍ය ඉවත් වෙනවාද යනුවෙන් ප්‍රමිති සහතිකයක්‌ අත්‍යවශ්‍යයි. නැත්නම් මෙය මහජනතාව මුළා කිරීමක්‌ පමණයි. 
http://www.divaina.com/2014/04/25/provin05.html

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews