POSTED ON Monday, April 21, 2014| | Edit Post
"විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වන ස්ථානය" ලබා ගෙන ඇති බවත් 2009දී මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙට්රික් ටොන් 46,506ක් වූ අතර එය 2013 වන විට මෙට්රික් ටොන් 69,780 ක් දක්වා සියයට 50කින් පමණ වැඩි වී තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

2005දී මෙරට විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම රුපියල් මිලියන 750 ක් විය. අද වන විට එය රු. මිලියන 1212 දක්වා වර්ධනය වී තිබේ. වර්ෂ 2012 සමඟ සැසදීමේදී විසිතුරු මත්ස්‍ය අපනයනයේ වර්ධනය 2013 වසරේදී සියයට 35ක් පමණ වේ. ඉදිරි වසර 2 තුළදී මේ විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම රුපියල් මිලියන 2000 ඉක්මවාලීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා දැනටමත් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යටතේ දිගුකාලින වැඩපිළිවෙලක් යොදා ඇති බවත් ඔහු පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා බණ්ඩාරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති විසිතුරු මසුන් නිෂ්පාදනය සඳහා ආධාර චෙක්පත් පිරිනැමීමේ උත්සවයේදීය.
මෙම අවස්ථාවට විසිතුරු මත්ස්‍ය වගාකරුවන් මෙන්ම මත්ස්‍ය අපනයනකරුවන්ද විශාල පිරිසක් සහභාගි වූහ. මෙහිදී අමාත්‍යතුමා අතින් විසිතුරු මත්ස්‍ය වගාකරුවන් 82 දෙදෙනෙකුට මූල්‍යමය ආධාර චෙක්පත් ලබා දුන්නේය. ශ‍්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ දිවි නැඟුම වැඩසටහන යටතේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ජලජීවි වගාකරුවන් රුපියල් ලක්ෂ 22ක මුල්‍යමය ආධාර මෙහිදී පිරිනැමුණි. මේ වැඩසටහන යටතේ විසිතුරු මසුන් වගා කිරීම හා පොකුණු ගොඩනැඟීම ද සිදු කෙරේ.

News ended.
------------------------------------------------------------------------------------------------------------------------------------------------
Pictures source : Internet

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews