මේ ගීතය අනිවර්යෙන්ම අහන්න..ඔබෙන් රටටවෙන්න ඕන යුතුකම ඔබ එටුකර ඇත්දැයි ඔබේ හදවතින්ම අසන්න...

ලක්වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිදු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙ‍තොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන් නම්‍‍
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිත මින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
පද රචනය - S . මහින්ද හිමි
ගායනය - සුනිල් එදිරිසිංහ

මේ ගීතය පල කරන්න අදහස් කලේ අපිත් සමග එකතුවෙලා ඉන්න අලුත් මෘදුකාන්ග නිපැයුම්කරුවන් කීප දෙනෙක්ම අපිට පල කල අදහස් කීපයක් නිසයි.අපට කියූ ලෙස ඔවුන්ගෙන් එක් අයෙකුට තමන් නිර්මානය කර මෘදුකාන්ගය නිස මරන තර්ජන පවා එල්ලවෙලා තියනවා.ඒ මෘදුකාන්ගය තමයි "වන්නි මෙහෙයුම".ඔහු තමන්ගේ අලුත් නිර්මාන කිරීම නතර කරන්න තරම් තැනකට පත් වෙන්න ඒවා හේතු උනා.ඒත් පසුව ඔහු තමන්ගෙන් රටට වෙන්න ඕන සේවාව හදුනාගෙන ආපසු පුරුදු පරිදි නව නිර්මානකරනයට යොමු උනා.එයින් තමයි ඔහුගේ ඊලග නිර්මානය "වන්නි මෙහෙයුම ඇන්ඩ්‍රොයිඩ් ඇප්" එක නිර්මානය උනේ.

අනිත් නිර්මානකරු, තමන්ගේ ම්‍රදුකාන්ගයට එල්ල වන සුලු ප්‍රමානයක් වන නරක ප්‍රතිචාර නිසා .මින්පසු ලංකාවේ අයට මෘදුකාන්ග නිර්මානය නොකරන බවටත් , පිටරටට පමනක් නව නිර්මාන කරන බවටත් පවසා සිටියා.මෙය ඉතාමත් අවාසනාවන්ත තත්වයක්, මෙලෙස ඉදිරියට එන නිර්මානකරුවන්ට අපේ සමාජයෙන් එල්ලවන ඇනුම් බැනුම් නිසා කී දෙනෙක්නම් පසුබට වී නව නිර්මානකරනය නතර කරනවද???? මේ එක උදාහරනයක් පමනයි.

අපි ඔබෙන් ඉල්ලනනේ ඔබත් මේ රටට ආදරය කරන අයෙක් ලෙස එවැනි නව නිර්මානකරුවකු හෝ නිශ්පානයක් දුටුවිට එයට නිග්‍රහ නොකර ඔබට හැකි අයුරුන් වචනයෙන් හෝ ඒ සදහා උදව්වක් වන ලෙසයි..
- "ගන්න අපේ දේ" පනිවිඩයකි.

යාලුවන්ටත් දැනගන්න මෙය share කරන්න...


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews