POSTED ON Tuesday, June 11, 2013| | Edit Post
ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමිවෙයි.

ස්පාඤඤයේ  ග්‍රැනඩා නුවර පැවැති ජගත් තොරතුරු තාක්‍ෂණ සංස‍දයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී සූරියවැව නැණසලට මෙම සම්මානය ලැබී තිබේ.

රටවල් තිහක තරඟකරුවන් හැටදෙන‍කු අභිබවා සූරියවැව නැණසල ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ලබා ගැනීම විශේෂ සිද්ධියක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව් ඈපාසිංහ මහතා පවසයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව බිහිවුනු නැණසල ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ තොරතුරු තාක්‍ෂණ අවශ්‍යතා ඉටු කරනු ලබයි. ‘ඉ-ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන හත්සියකට ආසන්න සංඛ්‍යාවක් දැනට පිහිටුවා තිබේ.
විශේෂයෙන් කාන්තා කළමනාකාරවරියක් විසින් ක්‍රියාත්මක කරනු ලබන සූරියවැව නැණසලට මෙම ජාත්‍යන්තර සම්මානය හිමිවීම විශේෂ සිද්ධියක් බව පවසන මහාචාර්ය පී.ඩබ්ලිව් ඈපාසිංහ මහතා, කාන්තා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් සතු නිපුණතා ලොව අන් කවර රටකවත් නොදෙවෙනි බව ද මෙමගින් තහවුරු වන බව පෙන්වා දෙයි.

ජනාධිපතිතුමාගේ දර්ශනය වන්නේ ග්‍රාමීය ජනතාව සෑම ආකාරයකින්ම සවිබල ගැන්වීමයි. එම දර්ශනය යථාර්තයක් කල එක් සිද්ධියක් ලෙස සූරියවැව නැණසල ලබා ගත් මෙම ජයග්‍රහණය හැඳින්විය හැකි යයි ICTA සභාපතිතුමා ප්‍රකාශ කළේය.

දිපිකා ප්‍රියදර්ශනි මහත්මිය සූරියවැව නැණසල මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන අතර ඇය මෙම ජාත්‍යන්තර සම්මානය පසුගියදා ස්පාඤඤයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී ලබා ගත්තාය.
NENASALA OFFICIAL WEB SITE - www.nanasala.lk/
- ICTA

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews