POSTED ON Friday, June 20, 2014| | Edit Post
ගෝලීය පරිසර තත්ත්ව තක්සේරු දර්ශකය වන පරිසර කාර්යසාධන දර්ශකය Environmental Performance Index තුළ 2014 වසරේදී 69 වැනි ස්ථානය හිමිකරගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත. එය මෙම කලාපයේ අසල්වැසි රටවල් වන ඉන්දියාව (155*, බංගලාදේශය (169* සහ පාකිස්තානය (148* ට සාපේක්ෂව
ඉතාමත් පැහැදිලි ප‍්‍රගතියකි. මෙම ශ්‍රේණිගත කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව සිදුකෙරේ.
මූලික පාරිසරික ප‍්‍රතිපත්ති කාණ්ඩ කිහිපයක ඉලක්ක හඳුනාගැනීම සහ ලොව රටවල් කෙතරම් දුරකට එම ඉලක්කවලට ළඟාවන්නේද යන්න ඇගයුමට ලක්කිරීම පරිසර කාර්යසාධන දර්ශකයේ අරමුණ වේ.
පරිසර කාර්යසාධන දර්ශකය යනු පාරිසරික නීතිය හා ප‍්‍රතිපත්ති සඳහා වන යේල් මධ්‍යස්ථානය :ශ්කැ ක්‍ැබඑැර දෙර ෑබඩසරදබපැබඒක ඛ්අ * ඡුදකසජහ - ශක්‍ෑඛඡු* සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික පෘථිවි විද්‍යා තොරතුරු ජාලය සඳහා වන මධ්‍යස්ථානය :ක්‍ැබඑැර දෙර ෂබඑැරබ්එසදබ්ක ෑ්රඑය ීජසැබජැ ෂබදෙරප්එසදබ භැඑඅදරන - ක්‍ෂෑීෂභ* එක්ව ක‍්‍රියාවට නංවන ව්‍යාපෘතියකි. ඊට ලෝක ආර්ථික සමුළුවේ අනුග‍්‍රහයද හිමිවී තිබේ.
සෑම රටකම ජාතික මට්ටමේ පාරිසරික දත්ත විවිධාකාර දර්ශක 20 ක් ඔස්සේ විශ්ලේෂණය කිරීම මගින් පරිසර කාර්යසාධන දර්ශක අගය තීරණය කරනු ලබයි. මෙම දර්ශක, ගැටලූ කාණ්ඩ 9 ක් යටතේ වර්ග කර ඇත. මේ සියල්ල, පාරිසරික සෞඛ්‍යය :ෑබඩසරදබපැබඒක ්‍යැ්කඑය* සහ ජෛවපද්ධතිවල සක‍්‍රිය පැවැත්ම :ෑජදිහිඑැප ඩසඒකසඑහ* යන ප‍්‍රධාන සාධක 2 යටතට ගැනේ.  
පාරිසරික සෞඛ්‍ය යන්නට සෞඛ්‍ය බලපෑම්, වාතයේ තත්ත්වය, ජලය සහ සනීපාරක්ෂාව ඇතුළත් ය. ජෛවපද්ධතිවල සක‍්‍රිය පැවැත්ම යටතට ජල සම්පත්, කෘෂිකර්මය, වනාන්තර, ධීවර සම්පත්, ජෛව විවිධත්වය හා වාසභූමි, පරිසරය හා බලශක්තිය ඇතුළත් වේ.
ලොව පරිසරය සුරැුකීමට වැඩිම දායකත්වයක් දක්වන්නන් සහ එයට වැඩිම හානි පමුණුවන්නන් හඳුනාගැනීමද පරිසර කාර්යසාධන දර්ශකයේ තවත් අරමුණකි.
පාරිසරික සෞඛ්‍යය මැනීමේ ක‍්‍රියා පටිපාටිය සඳහා සෞඛ්‍ය බලපෑම්, වාතයේ තත්ත්වය සහ සනීපාරක්ෂාව සලකා බැලෙන අතර ජෛව පද්ධතිවල සක‍්‍රිය පැවැත්ම තීරණය කිරීම සඳහා ජල සම්පත්, කෘෂිකර්මය, වනාන්තර, ධීවර සම්පත්, ජෛව විවිධත්වය හා වාසභූමි, පරිසරය හා බලශක්තිය යන සාධක සලකා බැලේ.  
Source ; Rivira.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews