POSTED ON Monday, April 11, 2016| | Edit Post
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

සිසු නිල ඇඳුම වෙනුවට අසාර්ථක වවුචර නැවතත් කරළියට

පසුගිය කාලෙ ආන්ඩුව මාස 8 පමණ වෙහෙස වෙලා ලංකාව බිහිකල කීර්තිමත්ම ව්‍යාපාරයක් වන ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය සම්පූර්නයෙන්ම විනාශ කලා.  ව්‍යාපාරයක් හදල  ඒක ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක මුහුදු ආරක්ෂක සේවාවන්හි අංක එක බවට පත්කිරීම ඉතාම දුෂ්කර කාර්යක්. හැබැයි ව්‍යාපාරයක් විනාෂකරන එක හරිම ලේසියි. ඩොලර් මිලියන ගණනින් රටට විදේශ විනිමය ගෙනාපු අපේ රනවිරුවන් 3000 සකටත් අධික ප්‍රමානයකට රැකියා ලබාදුන් ඒ නැවුම් නිර්මාන ශීලී ව්‍යාපාරයේ මළගම සනිටුවන් කරපු මේ ආණ්ඩුව දැන් තවත් දේශීය ව්‍යාපාරයකට අත තියල තියෙනව.


ඒ තමයි දේශිය රෙදි නිෂ්පාදන කර්මාන්තය. 1991 වර්ෂයේ පටන්ම ලංකාවේ රජයේ පාසල්වල දරුවන්ට නිල ඇඳුම් දීම ආරම්භ කලේ නිල ඇඳුමක්  නොමැතිවීම නිසා දරුවෙක්ගේ පාසල් ගමන නැවතීමට සදහටම තිත තියන්න. දුප්පතාගෙ දුක දන්නා ප්‍රේමදාස මැතිතුමන් තමයි පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතිය ආරම්භ කලේ.  මෙය ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකපු බලයට පත්වුනු සියලු රජයන් මේකට අත තිබ්බෙ නෑ.

නමුත් 2002 දි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙ ආණ්ඩුව රෙදි මිලදී ගෙන බෙදාහැරීම දුෂ්කර ලෙස සලකා වවුචරයක් ලබා දෙන්න කටයුතු කලා. මේ වවුචරය ලබාදෙන්නේ රාජ්‍ය බැංකු  හරහා.  රාජ්‍ය බැංකු  නාගරික පෙදෙස්වල ජනතාවට ආසන්නව තිබුනත් ග්‍රාමීය ප්‍ර‍දේශවල සෑම ගමකම සෑම ප්‍රදේශයකම රාජ්‍ය බැංකු නැහැ. ඒනිසා නිල ඇඳුම්  වඩාත් අවශ්‍ය දුප්පත් දරුවන්ටම තමයි නිල ඇඳුම් වවුචරය මුදල් කරගැනීමේ දුෂ්කරතාවය වඩාත් පැන නැගුනේ. මේ වවුචරය රුපියල් 200 යක 225 පමන වවුචරයක්, මේක මුදල් කරගන්න කාර්යාලයක වැඩ කරන කෙනෙකුට නම් කෙටි නිවාඩුවක් දාන්න පුළුවන් නමුත්, කුලී වැඩ කරන්නෙකුට, කුඩා ස්යං රැකියා කරන්නෙකුට, දල වශයෙන් සිය දෛනික ආදායම වන රුපියල් 1000 හෝ 1500 වැනි මුදලක් අහිමි කරගෙන තමයි මේ රුපියල් 225 ලබාගන්න වෙන්නේ.

අනික් පැත්තට මේ වවුචරය මුදල් කරගත්තත් ඊටපස්සේ තාත්තට රෙදිකඩය වෙනුවට තැබෑරුම සිහිවුනොත් අනේ පුංචි දරුවට අබ සරණයි. ඒ වගේම අම්මට උනත් මේ සල්ලිවලින් ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගන්න සිහිවුනොත් පුංචි දරුවගෙ  නිල ඇඳුම් සිහිනය බිද වැටෙනව.

නමුත් මින්පෙර සිදුවුනේ නිල ඇඳුමට අවශ්‍ය රෙදිටික දරුවගෙ අතට ලබාදීමයි. ඉතින් දෙමවුපියන් විසින් එම රෙදි කැබැල්‍ලෙන්  නිල ඇඳුමක් මසා දෙන තුරුම දරුවා ඉන්නේ ඒ ගැන අවධානයෙන්. ඒ විතරක් නෙවෙයි දෙමවුපියන්ට මෙය විකුණන්නත් බෑ. මොකද සෑම දරුවෙකුටම නිල ඇඳුමක් සදහා රෙදි ලැබෙන නිසා විකුණන්න වෙලද පොලකුත් නෑ. ඒ වගේම දරුවෙක්ගෙ පාසැල් නිල ඇඳුම් රෙදි විකුණන්නට යමෙක් උත්සහ කලත් කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නෑ ඒවා මිලදී ගන්න, මොකද අනේ පුංචි දරුවෙකුට දුකක් දෙනව නේද කියල සිතෙන නිසා. නමුත් රුපියල් සතවලින් මේක අතට ලැබුනහම අම්මල තාත්තල තමයි මේ ගැන තීන්දු ගන්නේ. දරුවට මේක නොලැබේන්නත් පුළුවන්. ඉතින් මේ වවුචර ක්‍රමය වසරක් ක්‍රියාත්මක කරල මෙහි තියෙන අසාර්ථක භාවය දැක්ක නිසාම ඊලග වසරෙ ඉදලම නිල ඇඳුම් සදහා රෙදි නිකුත් කරන්න රනිල් වික්‍රම සිංහ මැතිතුමන් තීන්දු කරනවා.

මේ නිල ඇඳුම් ලබාදීමේ ක්‍රියාවලියේ මහා දැවැන්ත පිම්මක් පනින්නේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි.  2005 නොවැම්බර් මස රාජපක්ෂ මහතා බලයට එනව.  අපේ රටෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් මේ නිල ඇඳුම් රෙදි සදහා විදේශ රටවලට වැයවෙනවා කියල රාජපක්ෂ ආණ්ඩුව දකිනව.  ඒ නිසා එතුමා රෙදි සපයන්නන්ට කියනව මින් එහාට ආනයනය කල රෙදි සපයන්න බෑ. එහි පලමු පියවර විදිහට 2006 සිට සුදු රෙදි, නිල් රෙදි, සිවුරු රෙදි වෙනුවට අමු රෙදි ගෙන්වා වර්ණ ගැන්වීම ලංකාවේදී ආරම්භ කරනව.

2007 වර්ශයේ පළමුවතාවට ලංකාවේ නිෂ්පාදනය කරන රෙදි, දේශිය නිෂ්පාදකයන් විසින් සපයන්න ආරම්භ කරනවා. 2007 වර්ෂයේ අපේ සමස්ථ පාසැල් නිල ඇඳුම් අවශ්‍ය තාවයෙන් 10% මේ රට තුල වියන ලද රෙදි වලිනුයි ලබාගත්තේ. 90% පිට රටින් අමුරෙදි ගෙනල්ල ඒවා වර්ණ ගැන්වීමෙන් නිපදවා ගත්තෙ. පිට රටින් සුදු රෙදි ගෙන්වීම සම්පූර්නයෙන්ම නතරවුනා.  20013 වෙන විට සමස්ත නිෂ්පාදනයම ශ්‍රී ලිකාවේ වියන ලද රෙදි වලිනුයි සිදුකලේ. නූල් පිටරටින් ගෙනත් වියන්නේ ලංකාවේ. සායම් ගන්වන්නේ ලංකාවේ.  ලංකාව ඇතුලත එකතුකල අගය 60%ක්,  40% තමයි විදේශයට යන්නේ.

එතකොට 2014 අපේ නිල ඇඳුම් සදහා සමස්ත වියදම රුපියල් මිලියන 1800 ක්.  ඒ මිලියන 1800න් මිලියන 1100ක්ම ලංකාවෙ රුදුනා.  මිලියන 700 තමයි නූල් හා සාසම් සදහා වෙනත් රටවලට ගියේ.  මේ හරහා වසරකට රුපියල් බිලියන ඉක්මවා ගිය මුදලක් රටට ඉතිරිකර දෙන 3000 සකට අධික ගණනකට රැකියා ලබාදෙන කර්මාන්තයක් මේ රටේ බිහිවුනා පාසැල් නිල ඇඳුම් ආශ්‍රිතව.

නමුත් මේ කර්මාන්තයට කන කොකා අඩන්න පටන් ගන්නේ වත්මන් රජය බලයට පත්වූවාට පසුවයි. සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ දේශීය නිෂ්පාදකයන්ගෙන් මිල ගනන් කැදවනවා.  ඔක්තොම්බර් මාසයේ සමස්ථ නිශ්පාදනදය ආණ්ඩුවට බාර දෙනව.  දෙසැම්බර් නිවාඩුවට දරුවන් ගෙදර යන්නේ ඊලග වසරට අවශ්‍ය පාසැල් නිල ඇඳුම් රෙදිත් අරගෙනයි.

නමුත් මේ වසරේ ජනවාරි මාසයේ ටෙන්ඩර් කැදවීම කෙරෙන්නේ නෑ.  අපේ රටේ පිළිගත් ප්‍රතිපත්තිය තමයි දේශීය නිෂ්පාදකයා දිරි ගැන්විය යුතුයි.  මේ අවුරුද්දේ  මැයි 25 තමයි මේ ආණ්ඩුව මිල ගනන් කැදවන්නේ.  ඒකත් සිදුකරන්නේ විවෘත මිල කැදවීමක් විදිහටයි.  ඒ කියටන්නේ ලෝකෙ ඕනෑම රටක හදන දෙයක් මෙහිදී ඉදිරිපත් කරන්න පුලුවන්.  මේ දැවැන්ත ටෙන්ඩරය විදේශීය සමාගමකට ලබාදීමේ කුමන්ත්‍රණයක් තියෙන බව දේශීය නිෂ්පාදකයට වැටහෙන්න ගන්නවා.

ජූනි මාසෙ 15 වෙනිදා අධ්‍යාපන ඇමතිතුමන් අමුතු ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.  මේ පත්‍රිකාවේ කියනවා දේශීය නිෂ්පාදන දිරිගැන්වීමේ ප්‍රතිපත්තිය යටතේ ප්‍රසම්පාදනයේදී දේශීය නිෂ්පාදකයාට ලබාදෙන 20% මිල වාසිය ඉවත්කරන්න කියල. රාජ්‍ය ප්‍රතිපත්ති, ප්‍රසම්පාදන මාර්ගෝපදේශන වල අඩංගු මේ කාරනය පැත්තක දාල ඇමති මණ්ඩලය අද ගොලු  බිහිරි රංගනයක යෙදෙමින් මේ දේශද්‍රෝහී ඉල්ලීමට ඉඩ දෙනවා.  ඇමති මණ්ඩලයේ සියලු දෙනාම මේ දේශීය ව්‍යාපාරය විනාශ කිරීමේ සාමූහික වගකීමට බැදෙනව අධ්‍යාපන ඇමතිවරයගේ මෙම ඉල්ලීමට ඉඩදීමෙන්.

20% මිල වාසිය යනු කුමක්ද?

20% මිල වාසිය කියන්නේ විදේශිය භාණ්ඩයක මිල අඩුම වුණත් ඊට 20% මිල පරාසයක දේශිය නිෂ්පාදකයෙක් ඉන්නවා නම් අඩුම කෙනාට දෙනවාට වඩා අපි දෙන්නේ දේශිය නිෂ්පාදකයාට. ලෝකයේ සැම රටක්ම දේශිය නිෂ්පාදකයා සුරකීමේ මිල වාසිය දෙනවා අපේ රටේ 20%. මොකද 20% අපිට පාඩුවක් නෙවෙයි විදේශ විනිමය ඉතිරි වීම, රැකියා ජනිත වීම, දේශිය අමුද්‍රව්‍ය කියන කාරනා තුනම එකට සැලකු විට.

කොහෙම නමුත් මේ දේශද්‍රෝහි ඇමතිමණ්ඩල තුල පත්‍රිකාව අනුමත වෙනවා. හැබැයි අඩුම මිල ඉදිරිපත් කරලා තිබුණේ චින නිෂ්පාදනයක් ඉදිරිපත් කල සළුසල ආයතන මිල රුපියල් 120යි. දේශිය නිෂ්පාදකයෝ එකතු වෙලා මේකට ටෙන්ඩරය දැම්මා මිල රුපියල් 140යි. 20% මිල වාසිය තිබ්බ නම් 120ට සියට 20ක් එකතු කලාම 144යි. ඇමතිමණ්ඩල ප්‍රත්‍රිකාව නැතිව සමාන්‍ය ක්‍රමය අනුගමන කරා නම්, දේශිය නිෂ්පාදකයටයි මේ ටෙන්ඩරය යන්නේ.

හැබැයි කුමන්ත්‍රණශිලිව චින සමාගමකට යන්න සළුසල ආයතනය හරහා අවස්ථාව සැලසුවා. ලාභ බඩුවේ හිලක් ඇත කියන සිංහල කියමන සනාථ කරමින් තාක්ෂණික කම්ටුව මේක ප්‍රතික්ෂේප කරනවා. දෙවන වතාවටත් දේශිය නිෂ්පාදකයාට අවස්ථාව ලැබෙනවා. නමුත් දෙන්නේ නෑ. අපේ කාලේ තමයි කියුවේ චීන එජන්තයෝ තමයි රට පාලනය කරන්නේ කියලා. නමුත් අද චීන සමාගමට දෙන්නමයි උත්සහය.

අන්තිමට දේශිය නිෂ්පාදකයින් මේ අවනඩුව අරන් යනවා අගමැතිතුමා ළගට. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික කළමණාකරන කමිටුව රැස්වෙනවා නොවැම්බර් මාසේ තුන්වදා. අගමැතිතුමා පැහැදිලිවම කියනවා දේශිය නිෂ්පාදකයන් දිරි ගැන්විම රජයේ ප්‍රතිපත්තියයි කියලා. සමස්ථ අවශ්‍යතාව වන මිටර මිලියන 1000න් 60% දේශිය නිෂ්පාදකයන්ටත් ඉතිරි 40%  විදේශයෙන් ආනයනය කරන්න ආර්ථික කළමණාකරන කමිටුව තිරණය කරනවා. නොවැම්බර් මාසේ 11වන දින නැවතත් අධ්‍යාපන ආමත්‍යන්ශය නිවේදනය කරනවා යළිත් අපි වවුචර් ක්‍රමයට යනවා කියල.

මේ ක්‍රමයේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි (වවුචර් ක්‍රමයේ) ප්‍රමිතියක් නොමැත. කලින් තාක්ෂණික කමිටුවකින් අනුමත වන රෙද්ද විතරයි දරුවගේ ඇදුමට යන්නේ. වවුචරය දිලා වෙළදපොළෙන් ගන්න විට වවුචරයේ මිලට අර බල බඩුවේ මිලත් ඉහල දමනවා. ඒ නිසා දවස පුරා ඇදන් ඉන්න බැරි, ඉක්මනින් දුර්වර්ණ වන, ඉක්මනින් ඉරෙන රෙදි දරුවන්ගේ අතට පත්වෙන්න පුළුවන්, දෙමවුපියන් විසින් නිසි කලට වවුචරය මුදල් කර ගෙන මිලදී ගත්තත්.

අධ්‍යාපන ඇමතිතුමනි මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න

අපිට ගරු අධ්‍යාපන ඇමතිතුමන්ගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

නිල ඇදුම් සදහා ජනවාරිමාසයේ මිල ගණන් කැදවිය යුතුව තිබුණත්, එය මැයි මාසය දක්වා ප්‍රමාද කළේ ඇයි? දේශිය නිෂ්පාදකයන්ට නිෂ්පාදනය කරන්න තියෙන කාලය අහිමි කරන්න ද?
රුකියා 3000ක් අපමණ අහිමි කරමින් රුපියල් බිලියනයකට අධික විදේශ විනිමය රටට අහිමි කරමින් දේශිය නිෂ්පාදකයාට තිබෙන වාසිය ඉවත් කිරීමට අධ්‍යාපන ඇමතිතුමාට උපදෙස් දුන්නේ කවුද?
දේශිය නිෂ්පාදන දිරි ගැන්විමේ ප්‍රතිපත්තියට පටහැනිව අමත්‍යමණ්ඩල ප්‍රත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඇමතිවරයා පෙළබුවේ කවුද?
අගමැතිතුමගේ ප්‍රධානත්වයෙන් පවතින ආර්ථික කළමණාකරන කමිටුව ගත් තින්දුව ආපස්සට හරවන්න අගමැතිතුමටත් ඉහලින් සිටින බලවතා කවුද?
වවුචර් මුදල් කිරීමට විශාල පිරිසක් ඉදිරිපත් නොවන නිසා, ආණ්ඩුව අද මුහුණ දී තියෙන මුදල් දුෂ්කරතා වලට පිළියමක් විදිහට අසාර්ථක වුණු වවුචර් ක්‍රමය නැවත පටන් ගත්තා ද?
දේශිය නිෂ්පාදකයාගෙන් චින නිෂ්පාදකයාට මෙම ඇනවුම තල්ලු කරන ඇමතිමණ්ඩලයේ ඉන්න බලවතා කවුද?
ගරු අධ්‍යාපන ඇමතිතුමනි ඔබගේ කිර්තිනාමය ආරක්ෂා කර ගැනිම සදහා මේ ප්‍රශ්න වලට පිළිතුරු ජනතාව ඉදිරියේ තබයි කියලා අපි ඔබතුමගෙන් බලාපොරොත්තු වෙනවා.

සීපා එනවා. සූදානම් වෙන්න. මලික්ගේ ප්‍රකාශය ගම්මන්පිල හෙළි කරයි.

පසුගිය නොවැම්බර් මාසෙ 5 වෙනිදා වෝටස් එජ් හෝටලයේ පැවති උත්සවයකදී කොයිල් නමින් හදුන්වන තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය ඇමතූ මලික් සමරවික්‍රම අමාත්‍ය වරයා ප්‍රකාශ කරනවා සීපා වලට විරුද්ධ වීමෙන් පලක් නෑ. 2016 මැයි මාසෙ සීපා ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.  ඒ නිසා මේ අභියෝග වලට මුන දෙන්න ලෑස්තිවෙලා මේ විරෝධතා හකුලගන්න කියල.  සීපා නිසා ලංකාව ඉන්දියාවේ ආර්ථික කොලනියක් වෙන බව අපි රටට මින් පෙරත් පැහැදිලි කලා.  අද 5% වන මෙරටේ විරැකියාව වසර දෙක්ක ඇතුලත 10% ඉක්මවා යනවා.  ලංකාවේ කම්කරුවෙකු රුපියල් 1000 සක අවම වැටුපක් ඉල්ලද්දි රුපියල් 200ට වැඩකරන ඉන්දියානු කම්කරුවෙක් ලංකාවෙ ඉන්නකොට අපි හැමෝම ජාති ආලය පැත්තක තියල ලාබයට සේවය සපයන අය වෙත හැරෙනවා.  වෛද්‍ය වරුද, නීතිඥයන්ද, බාබර්ද, ටේලර්ද හැම තැනකම සිදුවෙන්නේ මේ දෙයමයි.  බලා ඉද්දි මේ රටේ ආර්ථිකය කඩා වැටෙනව.

ඒ නිසා ලංකාව ඉන්දියාවට ආර්ථික වශයෙන් යටත් කරන ඉන්දියාවේ ආර්ථික කොලණියක් බවට පත්කරන සීපා අත්සන් කරල රට නැවත නිවැරදි කල නොහැකි උගුලක හිරකරන්න එපා කියල අපි මේ ආණ්ඩුවට කියනව.

1815 උඩරට ගිවිසුම අත්සන් කරලා රදලයො සුද්දොත් එක්ක එකට සැමරුව. වාරියපොල  සුමංගල හිමි සුද්දදගෙ කොඩිය ඇදල දාපු එකට අපේ රදලයො විරුද්ද වුනා.  හැබැයි අවුරුදු තුනක් යද්දි ඒ අයට තේරුනා අපිට වැරදුනා කියල. කැප්පෙටිපොල, දුල්ලෑවෙ, මඩුගල්ල වැනි සුද්දගෙ පැත්තෙ හිටපු නිලමෙලම තමයි සුද්දට එරෙහිව ආයුධ අතට ගත්තේ.  නමුත් එතකොට අපි පරක්කු වැඩි.  ඈත එපිට සුද්ද වගේ නෙවෙයි කිලෝමීටර් 32 එහාපැත්තෙ ඉන්න ඉන්දියාන් කාරය රට ඇතුලට දාගත්තට පස්සේ කනෝ කනෝ කියල කෑගහනව මිසක් ආපහු ඉන්දියාවට යවන කතානම් බොරු.  ඔබතුමාලට අපි කියන දේ ගැන ගැටළුවක් තියෙනවනම් අපි සමග සංවාදයකට එන්න.  මේ රටේ ආර්ථිකය විනාශවෙන දෙයක් ලෙස මෙය අපි ප්‍රභලවම කියන නිසා කරුණාකරල මේ ගැන අපිත් එක්ක සංවාද කරන්න.  ඒ සංවාදයේදී අපි වැරදිනම් ඔබතුමන්ල නිවරදිනම් අපි ලෑස්තියි සීපා පිලිගන්න.  නමුත් ඔබලා බලපෑමට යටත්වෙලා ඉන්දියාවට කළගුණ සලකන්න මේ විනාශයනම් කරන්න එපා කියල මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

අද දවසේ ෆිජි ඉරනම හෙට දවසේ ලංකාවට

ඒ වගේම ඉන්දියානු ශ්‍රමිකයන් මේ ආකාරයෙන් ලංකාවට ආවොත් ෆීජි රටට  වෙච්ච දේ ලංකාවය වෙන අවදානමක් තියෙනව.  ෆීජි රටේ අද බහුතරය ඉන්දීය සංක්‍රමනිකයන්.  දේශිය ජනතාවට වඩා ඉන්දීය සංක්‍රමණිකයන්.  ඒ නිසා අද ඒ රටේ ජනාධිපති අගමැති වෙලා රට පාලනය කරන්නේ ඉන්දීය සංක්‍රමණිකයන්.  දේශීය ජනතාව බලවත්ව ඉන්නේ යුධ හමුදාවේ පමනයි.  හමුදා කුමන්ත්‍රණයක් කරල රටේ බලය බලෙන් අල්ලාගන්නවා හැරුණුවිට කවදාවක් තමන්ගේ රටේ බලය ඡන්දයෙන් ලබාගන්න ෆිජි රටේ ස්වදේශික ජනතාවට නොහැකි වෙලා තිබෙනවා.

අද දවසේ ෆිජි රටේ ඉරනම හෙට දවසේ ලංකාවට උදාකර දෙන්න එපා කියල අපි මේ ආණ්ඩුවට කියනවා.

ආණ්ඩුව ව්‍යාපාර වලින් ඉවතට. බැංකු, රක්ෂන, ගුවන්සේවා  පෞද්ගලීකරණයට

ඒ වගේම මලික් සමරවික්‍රම ඇමතිතුම තවත් අනාවැකියක් කියනවා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රාජ්‍ය ව්‍යාපාර කිරීම නෙවෙයි. ඒ නිසා රාජ්‍ය ව්‍යාපාර වලින් ආණ්ඩුව බැහැර වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් ව්‍යාපාර ලෙස තිබෙන රක්ෂණය, බැංකු, සළුසල යන සියල්ල පෞද්ගලිකරනය කරනවා කියලා තමයි මලික් සමරවික්‍රම මහතා කොයිල් සංවිධානයට දැනුම් දීලා තියෙන්නේ. ඒවා මිලදී ගන්න කියලා ඒ සංවිධානයේ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලලා තියෙනවා.

පෞද්ගලීකරණය කරන ආයතනත් නම් කරලා තියෙනවා. ශ්‍රිලංකන් එයා ලයින්ස් (Srilankan Air Line), ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් (SrilankaInsurance), ලිට්රො ගැස් (Letro Gas), ලංකා රෝහල (Lanka Hospital)මේ තියෙන ආයතන දෙකක්ම චන්ද්‍රිකා මැතිනියගේ කාලේ පෞද්ගලීකරණය කරල මහින්ද රාජපක්ෂ යුගයේ යලිත් අත්පත් කර ගත් එවා. ශ්‍රි ලංකන් එයා ලයින්ස් (Srilankan Air Line), ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් (SrilankaInsurance). අපිට තියෙන ප්‍රශ්නය තමයි එදා වසර ගාණනවක් පාඩු ලබලා වහලා තිබුණු ඇබිලිපිටියේ කඩදාසි කම්හල පෞද්ගලිකරණය කලාම එකට එරෙහිව සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණ අද නිහඩයි.

මේ ලාබ ලබන ආයතන වල ලාබය යන්නේ රටේ සංවර්ධනයට එවා නැති කරලා ඒ මුදල් මුදලාලිලාගේ සාක්කුවට දාන එජාප ප්‍රතිපත්තියට ජවිපෙ නිහඩ ඇයි කියලා තමයි අපිට ප්‍රශ්නේ. සොමවංශ මැතිතුමා කියුව රතු අලි පැටියා කියපු එක යළි යළිත් සනාථ කරමින් ජවිපෙ කටයුතු කරනවා කියලා තමයි අපිට හිතෙන්නේ.

මේ ව්‍යාපෘති වලින් පෙනි යන්නේ 2003 වසරට මේ රට යලි ගෙනයමින් තිබෙනවා. යලි පුබුදමු ශ්‍රි ලංකා නමින් එක්සත් ජාතික පක්ෂය ගෙනාපු ජනතාව පරාජය කරපු වැඩපිළිවෙකට තමයි මේ අය ගිහින් තියෙන්නේ. අපි ඉතාම පැහැදිලිවම දැක්කා මේ ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කලා. එකක් ජනවාරි 08වෙනිදාට ජනාධිපතිවරනයට. අනිත් එක ආගෝස්තු 17වනදා පාර්ලිමේන්තු මැතිවරණයට. මේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකෙන් එකකවත් තිබුණේ නෑ සිපා ගිවිසුම අපි අත්සන් කරන්නෙමු කියලා. රජයේ සියලුම ව්‍යාපාර අපි පෞද්ගලි කරනය කරන්නෙමු කියලා. රණවිරුවන් යුධ අපරාධ අධිකරනයට දක්වන්න අපි දෙමුහුන් යුද අපරාධ අධිකරනයක් පිහිටුවන්නෙමු කියලා. අපි ආණ්ඩුවට කියන්නේ ඔබ කරන දේට ජවතාව කැමතියි කියලා විශ්වාස නම් යන්න ජනමත විචාරනයකට. ඔබට ජන වරමක් නෑ යුධ අපරාධ අධිකරණයක් පිහිටුවන්න. ඔබට ජන වරමක් නෑ සීපා ගිවිසුමට අත්සන් තබන්න. ඔබට ජන වරමක් නෑ ලාබ ලබන ආයතන පෞද්ගලිකරනය කරන්න. මැතිවරණ ප්‍රකාශනයේ නැති දේ සිදු කිරීමට ජනතාවගෙන් ජනමත විචාරනයක් ගන්න කියලා අපි කියනවා.

ජනපති ඇරයුමෙන් ලංකාවට එන කොටි හිතවාදී එමානුවෙල් පියතුමා.

ගෝලිය දෙමළ සන්සදයේ නායක එමානු‍වෙල් පියතුමා නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ගෝලිය දෙමළ සන්සදය නිවේදනය කරනවා. එමානු‍වෙල් පියතුමා කියන්නේ තමාට ලංකාවේ ජනාධිපතිවරයා විසින් පෞද්ගලිකව කරපු ආරාධනවක් නිසා ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා කියලා. එතුමා රටේ විදේශ ඇමතිවරයා හමුවුනු වේලාවේ ජිනිවා යොජනාව සම්මත වුණාට පස්සේ එක සමරන්න විදේශ ඇමතිවරයා එංගලන්තයේ සංචාරය කල වේලාවේ ගොලිය දෙමළ සන්සදයේ නායකයින් හමු වුණා.

එතනදී එමානුවෙල් පියතුමා කියුවේ ජනාධිපතිතුමාගේ ආරාධනවට ලංකාවට එන්න කැමතියි නමුත් රාජපක්ෂ ආණ්ඩුව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1373 කියන යෝජනාව යටතේ ත්‍රස්තවාදින්ට උපකාර කරන සංවිධානයක් ලෙස නම් කරලා ගෝලිය දෙමළ සන්සදය තහනම් කරලයි තියෙන්නේ. විදේශ ඇමතිවරයා පොරොන්දු වෙලා තියෙනවා ගොලිය දෙමළ සන්සදය තහනම් කරල සංවිධාවන ලැයිස්තුවෙන් ඉවත් කරලා දෙන්න. අපි ආණ්ඩුවෙන් අහන්නේ එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් තහනම් කල ගොලිය දෙමළ සන්සදය ත්‍රස්තවාදීන්ට උදව් දෙන ලැයිස්තුවෙන් ඉවත් කරන්න ලංකා ආණ්ව කටයුතු කරන්නේ ත්‍රස්තවාදයට සහය දැක්වීම ගැන දැන් කණගාටු වෙනවාද? අනාගතයේ දී ත්‍රස්තවාදීනට සහය නොදෙන බවට ප්‍රතිඥවක් දී තිබෙනවාද? ත්‍රස්තවාදින් එක්ක තිබුණු සබදතා ආරක්ෂ අංශ වෙත ඉදිරිපත් කල තිබේද? ජාතික ආරක්ෂාවට මේ සංවිධානයෙන් අනතුරක් නොවේ කියලා ආණ්ඩුව දෙන සහතිකය කුමක්ද?

මේ සංවිධානය මැතකදී ත්‍රස්තවාදි කටයුතු වලය සෘජුවම සම්බන්ද වුණු තොරතු නැතත්. ඉතා සෘජුවම දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනිසිටින සංවිධානයක්. දෙමල ඊළම අරමුණ කරගත් සංවිධානයක්. අපේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (ආ) වගන්තිය යටතේ යම් සංවිධානයක් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට සෘජුව හෝ වක්‍රව ක්‍රියා කරයි නම් අනුබල දෙනවා නම් ලංකාවේ නීතිය අනුව වරදක් කලා වෙනවා. එහෙමනම් ශ්‍රී ලංකාව තුල ත්‍රස්ථවාදී ක්‍රියා වලට සහය නුදුන්නත් බෙදුම්වාදයට සහය දී තිබෙන තවමත් වරදක් කරන සංවිධානයක් ඒ නිසා අපි ගෝලිය දෙමළ සන්සදයේ නායකයින් ලංකාවට එනවාට සම්පුර්ණයෙන්ම විරුද්දයි.

අපිට ජනාධිපතිතුමාගෙන් නෙවෙයි දැන ගන්නේ ගොලිය දෙමළ සන්සදයෙන් තමයි දැන ගන්නේ එම සංවිධානයට ලංකාවට ආරාධනා කරලා තියෙනවා කියලා. ජනාධිපතිතුමනි කොටියාට කිරි පෙවු අයට සිදුවුයේ කුමක් දැයි ඔබතුමා නොදන්නා බවයි පෙනෙන්නේ. කොටියාට කිරි පෙවු සැම දෙනාම කොටියා විසින්ම සපා කා මරා දමා තිබෙනවා.

මුලින්ම කොටියාට කිරි පෙවු ඒ අමිත්ත ලිංගම්ලා, වී යොගේෂ්වරම්ලා, නිලම් තිරුචෙල්වම්, කොටියට අවි ආයුධ දුන් වන්නිය කොටියට අත්පත් කරගන්න දුන් ප්‍රේමදාස ජනාධිපතිතුමා, කොටින් සමග සුහදව කතා කරලා කොටින් සදාරනයි කියලා ඇසක් අහිමි කර ගත් චන්ද්‍රිකා ජනාධිපතිතුමිය, කොටින්ට සහාය දක්වලා තමන්ට හානියක් සිදුවුනේ නැතැ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විතරමයි. එතුමාගේ වාසනාවේ රහස ජනාධිපතිතුමාට කියල නම් බයවෙන්න එපා කොටියට කිරි පොවන්න. ඒ රහස දන්නේ නැත්නම් මේක මහ භයානක වැඩක් ජනාධිපතිතුමනි කියලා අපි අනතුරු අගවනවා. මොකද විනාශ වෙන්නේ මේ ආණ්ඩුව විතරක් නෙවෙයි අපි හැමෝගෙම රට.’

– අරවින්ද අතුකෝරල

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/137695/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews