ශ්‍රි ලංකාවේ  ඉදිවු  ප්‍රථම සෆාරි  උද්‍යානය හම්බන්තොට රිදියගම දී පසු ගියදා  විවෘත විය.

උද්‍යානය භුමි අක්කර  500 කි. උද්‍යානය වටා  ආරක්ෂිත තාප්පයක් හා  විදුලි වැටක් ඉදිකර ඇත.අප්‍රිකා  සිංහ කලාපය අක්කර  35 ක් ද , ලෝක ශාක භක්ෂක කලාප අක්කර 80 ක් ද හා ශ්‍රි ලාංකික අලි කලාපය අක්කර  54 කින් සමන්විතය.


008 හදන්න පටන් ගත්ත අක්කර 500ක් පුරා විහිදුනු මේ සෆාරි උද්‍යානය සම්පුර්ණයෙන්ම ඉවර කරන්න රුපියල් මිලියන 2600ක් යනවා.

 මේ සත්ව උද්‍යානයේ සිංහ කලාපය, ලෝක සත්ව කලාපය සහ ආසියානු අලි කලාපය කියලා කලාප 3ක් තියෙනවා. සිංහ කලාපය අක්කර 35ක් විතර විශාලයි. මෙතන අප්‍රිකානු සිංහයෝ නව දෙනෙක් ඉන්නවා.

ආසියානු අලි කලාපයට අක්කර 54ක් වෙන් කරලා. ලෝක සත්ව කලාපය අක්කර 80ක්.

හෙට විවෘත කෙරෙන මේ සෆාරි උද්‍යානයේ සත්ව වර්ග 22කට අයත් සතුන් 200ක් විතර දකින්න පුළුවන්.

අප්‍රිකානු සිංහයින්
සීබ්‍රා
ජිරාෆ්
තිත් මුවන්
මොල්ලි දෙකේ මුවන්
ඉන්දියානු නිල් ගවයා
පැස්බරා
අප්‍රිකානු කුළු හරක් ඇතුළු සත්ව ගණනාවක්ම මේ උද්‍යානයේ ඉන්නවා..මෙහි දෙවන අදියර විදියට බෙංගාල ව්‍යාඝ්‍ර කලාපය, ශ්‍රී ලංකා දිවියන්, ඕස්ට්‍රේලියානු සත්ව කලාපය, ශ්‍රී ලංකා වළස් කලාපය සහ ශ්‍රී ලංකා උග්‍ර කලාපයත් හැදෙනවා.

තව අවුරුදු දෙකකින් මේ සම්පුර්ණ සත්ව උද්‍යාන හදලා ඉවර කරනවා.

උද්‍යානයට පෞද්ගලික වාහන ඇතුළු වීමට  අවසර  නොදෙන අතර  වායුසමනය කළ ශ්‍රි ලාංකික බස් සේවාවක් ක්‍රියාත්මක වේ.විදේශිය සංචාරකයන් සඳහා රුපියල් 2500ක් ද, වැඩිහිටි පුද්ගලයකුට රුපියල් 300 ක් ද, පාසල් ළමයින්ට  රුපියල් 50 ක් ද,දෙමව්පියන් සමඟ පැමිණෙන ළමයින්ට රුපියල් 200 ක ටිකට්පතක්  නිකුත් කරයි. 

පසු සටහන - වසර 08 ක් පුරා බිලියන 15 ක් වැයකොට ඉදි කරමින් තිබූ රිදියගම සෆාරි උද්‍යානය විවෘත කර මාසයක කාලයක් ඉක්මවන්නටත් මත්තෙන් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යනු ලැබීය. ශ්‍රී ලංකාවේ සත්ත්ව ලෝලීන්ට වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දෙන්නට මෙම සෆාරි උද්‍යානය සමත් වි ඇති අතර පසුගිය 15, 16 සහ 17 යන දින වලදී සත්වෝද්‍යාන ඉතිහාසයෙහි වාර්තාගත ආදායමක් ලබා ගන්නට ද සමත් වි ඇත.

අප්‍රේල් මස 15 වන දින සංචාරකයින් 2,019 ක් පැමිණි අතර, ආදායම රුපියල් 334,000 ක් විය. අප්‍රේල් මස 16 වන දින සංචාරකයින් 20,982 ක් පැමිණි අතර, ආදායම රුපියල් 465,000 ක් විය. අප්‍රේල් මස 17 වන දින සංචාරකයින් 3,160 ක් පැමිණි අතර, ආදායම රුපියල් 475,000 ක් විය. 

පසුගිය දින තුනෙහිම අධික සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් සෆාරි උද්‍යානයට නව බස් රථ 04 ක් කුලී පදනම යටතේ ගෙන්වා ගැනීමට ද සිදු වී ඇත. මෙය සංචාරකයින්ගේ පහසුව උදෙසා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණයක් වන අතර, ඉදිරියේ දී සංචාරක පහසුව සඳහා නව වැඩ පිළිවෙළවල් රැසක් දියත් කිරීමට අමාත්‍යංශය සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මේ වන විටත් සාකච්ඡා කොට අවසන්ය.

නිදැල්ලේ සැරිසරන සතුන් දැක බලා ගැනීමට පාසැල් දරු දැරියන් විශාල ප්‍රමාණයක් මෙම සෆාරි උද්‍යානයට පැමිණ ඇති බව ද හම්බන්තොට සෆාරි උද්‍යාන කාර්යය මණ්ඩලය පවසයි.
































Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews