POSTED ON Monday, November 28, 2016| | Edit Post

කසුන් චාමර නමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මාංශ පේශී දුර්වලතා හේතුවෙන් උපතින්ම ආබාධිතය. නමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත්වුයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.

කසුන්ගේ මව කසුන් පිළිබඳව පවසන්නේ මෙසේය.

 පුතා ඉපදුනේ 1990 අවුරුද්දේ. අපිට ඉස් ඉස්සෙල්ලාම ලැබුන දරුවා. ඉපදුනාට පස්සේ ඔලුවවත් හොලවගන්න බැරුව හිටියේ. පොඩි කාලේ කොළඹ රිජ්වේ ආර්යා රෝහලෙන් බෙහෙත් කළා. මාතර ඉඳල කොළඹ යන්න එන්න වියදම් වැඩි නිසා මාතර රෝහලට මාරු කරලා දුන්නා.මාංශ පේශි දුර්වලතාවයකින් පෙලෙන නිසා ව්‍යායාම වලට යොමු කළා. 

 රෝහලෙන් උපදෙස් දෙන විදියටම ගෙදර ගෙනත් දරුවට සාත්තු කෙරුවා. ඊට පස්සේ තමයි ඔලුව ඔස්සලා ටික ටික වැඩ කරන්න පටන් ගත්තේ. එක වසරේ ඉඳල 7 වසර දක්වා දම්පැල්ල කනිෂ්ඨ විද්‍යාලයේත් ඊට පසුව උසස් පෙළ දක්වා මාතර රාහුල විද්‍යාලයේත් ඉගෙනුම ලැබුවා. වාණිජ අංශයෙන් ඉගෙනුම ලබලා විශ්ව විද්‍යාලයට තේරුණාම දරාගන්න බැරි තරම් සතුටක් දැනුනා.

 ළමයි තුන්දෙනාම ඉගෙනගන්න දක්ෂයි. මහත්තය රුහුණු විශ්ව විද්‍යාලයේ රියදුරෙක් වශයෙන් සේවය කරමින් සිටිද්දී දරුවාගේ වැඩ වල පහසුවටත් එක්කම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට මාරුවක් ගත්තා. 

 ඉස්සර පුතාට ඕනේ වුනේ පලවෙනි පන්තියේ සාමාර්ථයක් අරන් බැංකුවක රස්සාවක් කරන්න. දැන් කියනවා කැම්පස් එකේම මහාචාර්යවරයෙක් වෙනවලු. 

 විද්‍යෝදය විද්‍යාර්ථින්ගේ සංගමය මෙම සිසුවාට අධ්‍යනය කටයුතු වෙනුවෙන් ලක්ෂයක මුදලක් ලබා දිකිමට ඉදිරිපත්ව සිටී.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews