POSTED ON Sunday, May 11, 2014| | Edit Post
පිළිකා නාශකයක් සොයාගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුවකු වන රඛිත මාලේවන සිසුවා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ජගත් තරුණ විද්‍යාඥයන්ගේ ඔලිම්පියාඞ් තරගාවලියේ දී 03 වැනි ස්ථානය දිනාගනියි.

ශ‍්‍රී ලංකාවේ කොළ තේ හෙවත් ‘ග‍්‍රීන් ටී’වල අඩංගු කැටජින් නමැති රසායනිකය පිළිකා නාශකයක් ලෙස ක‍්‍රියාකරන බව මෙම සිසුවා විසින් සොයාගත්තේ ය.

එම රසායනිකය පියයුරු පිළිකා, ගැබ්ගෙළ පිළිකා ආදිය වළක්වන බව ද හෙතෙම වෛද්‍ය පර්යේෂණාගාරයකදී තහවුරු කරගත්තේ ය.

මෙම ජයග‍්‍රණය සම්බන්ධයෙන් රඛිත මලේවන සිසුවාට සුබපැතීම සඳහා විශේෂ උත්සවයක් ඔහු දිවයිනට පැමිණි පසු පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

Source : Rivira.lk

මෙම පර්යේෂණය පිල්බඳ 2014-03-15 දින දිවයින පත්‍රයේ පලවු ලිපිය.

"ලියුකේමියාවට ප්‍රතිකර්මයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ කොළ තේ
පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය ඇමතිට

ලියුකේමියාවට ප්‍රතිකර්මයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ කොළ තේ Green Tea වල අඩංගු කැටචින් නමැති රසායනිකය යොදාගත හැකි බවට නැනෝ තාක්‌ෂණය යටතේ පර්යේෂණයක්‌ කළ නාලන්දා විද්‍යාලයේ සිසු රඛිත මාලේවන සිසුවා විසින් සිය පර්යේෂණය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වෛද්‍ය පර්යේෂණ සිදු කිරීම සඳහා පාසල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් වෛද්‍ය සිසුන් මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් උනන්දු කිරීම සඳහා අරඹන ලද වෛද්‍ය පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ නාලන්දා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබන රත මාලේවන සිසුවා විසින් ශ්‍රී ලංකාවේ කොළ තේ Green Tea සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ ව්‍යාපෘතියක්‌ සිදු කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය යටතේ නව පර්යේෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙයි.

එම පර්යේෂණය වන්නේ ශ්‍රී ලංකාවේ කොළ තේ වල අඩංගු වන කැටචින් ණ්‌ඒජයසබ නමැති රසායනිකයට ලියුකේමියා නැතහොත් ලේ පිළිකා රෝගය වැළැක්‌වීමේ හැකියාවක්‌ ඇති බවයි. රඛිත මාලේවන සිසුවා විසින් නැනෝ තාක්‌ෂණය යොදාගෙන මේ සම්බන්ධයෙන් කරන ලද වෛද්‍ය පර්යේෂණය 2014 ශ්‍රී ලංකාවේ හොඳම වෛද්‍ය පර්යේෂනය වශයෙන් නම් කර තිබේ.

එමෙන්ම එම ව්‍යාපෘතිය මෙම වසරේ ඇමරිකා එක්‌සත් ජනපදයේ ලොස්‌ ඇන්ජලිස්‌ හි තරුණ විද්‍යාඥයන්ගේ නව පර්යේෂණ තරගාවලියේ අවසාන වටයට තේරී තිබේ.

ජාතික සෞඛ්‍ය සතියේ 5 වන දින වන අද දින පාසල් දරුවන්ගේ දිනය වශයෙන් නම්කර ඇති අතර කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ දී ඒ පිළිබඳ වැඩසටහනක්‌ පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී අමාත්‍යවරයා එම දරුවාට සුබ පැතුම් පිරිනමනු ලැබීය.

එහිදී අදහස්‌ පළ කළ අමාත්‍යවරයා රජය සෑම විටම සෑම පියවරක්‌ම ගනුයේ රටේ දරුවන් ගැන සිතා බව කී අතර රජය යහපත් කටයුත්තක්‌ කළහොත් එහි ප්‍රතිඵල දරුවන්ට ලැබෙනවා මෙන්ම, අයහපතක්‌ කළ හොත් එහි ප්‍රතිඵල ද දරුවන්ට ලැබෙන බව කීය. එමෙන්ම මෙවැනි ව්‍යාපෘතියක්‌ කළ ඒ දක්‍ෂ දරුවාට රජය වෙනුවෙන් තමන් සුබ පතන බවද කීය."


▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න , share කරන්න, යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍රී ලාංකිකයෙකු වන්න. https://www.facebook.com/GannaApeDe
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
වෙබ් හොස්ටින් https://www.facebook.com/weburl
නොමිළේ දැන්වීම් : http://ezads.info/
ටෙලි නාට්‍ය බලන්න : http://goo.gl/Qdh3J9
ඔබේ නව යොවුන් හා ලිංගික ගැටළුවලට විසඳුම් http://goo.gl/ifZLb8

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews