POSTED ON Friday, May 23, 2014| | Edit Post
ලොවක් දිනූ පුතු වෙනුවෙන් පළමු තාක්‍ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය තඹුත්තේගමට.

රටවල් 172 ක් සමග තරඟ කැර නව නිපැයුම් අංශයෙන් ජයග‍්‍රහණය කළ සිසුවාට උපහාරයක් ලෙස ලංකාවේ පිහිටුවන ප‍්‍රථම තාක්‍ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය තඹුත්තේගම දී ලබන ජූනි මස 02 දා ආරම්භ කරන බවත්,මෙතෙක්
තාක්‍ෂණ විෂය සම්බන්ධයෙන් ගුරුවරුන් බිහි සඳහා විද්‍යා පීඨයක් ආරම්භ කරනොතිබූණත් මෙයට සමගාමීව ලංකාව පුරා තාක්‍ෂණ විද්‍යා පීඨ දෙසිය පනහක් (250) ආරම්භ ඉදිරියේ දී ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. 
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 2014 ලෝක නව නිපැයුම් කරුවන්ගේ තරඟයෙන් රටවල් 172 ක් අතරින් කර්මාන්ත අංශයෙන් ප‍්‍රථම ස්ථානය සහ සමස්ත තරඟාවලියෙන් දෙවන ස්ථානය ද හිමි කර ගත් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ 12 වෙනි වසරේ ඉගෙනුම ලබන ඩබ්ලිව්.ඒ. නාමල් උදාර පියසිරි ශිෂ්‍යයාට උපන් බිමේ දී පැවැති උපහාර උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

උපහාර උත්සවයට එක් වූ අධ්‍යාපන ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේ පසුගිය වසරේ ලෝක ශූරයා වූ මිහින්තලේ ශිෂ්‍යයා කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරමින් එම ජයග‍්‍රහණය ලබා ගත් බවත්තාක්‍ෂණ විෂය හඳුන්වා දීමෙන් පසු බිහිවූ ප‍්‍රථම දරුවා මොහු වීම විශේෂත්වයක් බවත්ය. අත් ට‍්‍රැක්ටරයක් භාවිතා කරමින් කූඹුරේ නියර බැඳීම, හී වැල් දත්ත කැපීම, නියර තැලීම ආදියට ට‍්‍රැක්ටරයේ කොටස් නිර්මාණය කොට ඒ සඳහා පළමුව තරඟයන්ට ඉදිරිපත් වූ නාමල්, කුඹුර සී සෑමටත්, නියර බැඳීමට හා රැහීමටත්, හී වැල් දැත්ත ඇරීමටත්, නියර පස් තද කිරීමටත්, පොරු ගෑමටත්, පස් කැපීමටත් හැකි යන්ත‍්‍රයක් නිපදවා පළාත් තරඟයටත් ජාතික තරඟයටත් ඉදිරිපත් කර පේටන්ට් බලපත‍්‍රය ලබාගෙන ඇත. නව යන්ත‍්‍රය මගින් සේවකයන් 10 දෙනෙකු පමණ යොදවා දින කීපයක් කරන වැඩ දිනකින් ඉටුකර ගැනීමේ හැකියාව තිබෙන බව නාමල් උදාර සිසුවා පැවැසීය.
Source : lakbima.lk

Free medical advices

Web hosting Rs.950/-

Watch New Teledrama







------------------------------------------------------------------

How to add twitter posts as a news ticker to your website ?

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews