POSTED ON Wednesday, May 28, 2014| | Edit Post
මොහොතකට අහස ඔවුන්ගේ විය රළු පවනේත් මද සිසිලේත් වෙනස දරාගනිමින් දෙනෙතට විස්මයත් හදවතට තිගැස්මක් ගෙන එන්නේ ඒ මොහොත අභිමානයේ මොහොතක් කරමිනි.
මේ එද අහස දෙස බලගෙන කුරුළු කිරිල්ලියන්ට අත්පුඩි ගැසූ දිල්රුක්ශිලාය. අද ඔවුහු අහස ජය ගනිමින් දහස් සංඛ්‍යාත සිත් වලට සාඩම්බරය මුසු කරති.


ශ්‍රි ලංකා ගුවන් හමුදා ඉතිහාසය අළුත් කල සත් දෙනිකුගෙන් යුත් පළමු කාන්තා පැරෂුට් කන්ඩායමේ සාමජිකාවෝ ඔවුහුය. 2008 වසරේ සිට ඔවුහු අහස වර්ණවත් කරති. විජයග්‍රහණයේ පළමු සැමරුමේ මෙන්ම පස් වන සැමරුමදාත් ඔවුහු මතර නගරයට ගොඩබට පරෂුට් භටයන් අතර වූහ. ගුවන් හමුදා කාන්තා පැරෂුට් කන්ඩායමේ සාමජිකාවන් වූ මේ දෙදෙනාම දිල්රුක්ෂිලාය.

තුෂාරි නයනා දිල් රුක්ෂි (32) ( සැරයන් හේවාගමගේ )පළමු ගුවන් කාන්තා පැරෂුට් පිම්මේ හිමිකාරියයි.
ඇය කොළඹ ගූවන් හමුදා කඳවුරේ ශාරිරික අභ්‍යාස පුහුනු උපදේශක ලෙස කටයුතු කරන්නීය.

නායක ගුවන් කාන්තා ඉරොෂා දිල් රුක්ෂි රාජපක්ෂ දැනට සේවය කරන්නෙ ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේයි.

අහසේදි නියමිත උපදෙස් ලැබුනාම බිමට පැන්නා
පැරෂුට් එකත් දිග හැරුනා ඒත්..නොසිතූ දේයක් උනේ මාව හුලඟේ ගහගෙන ගිහින් පැය තුනකට පස්සේ බුද්ධංගල කැලේට තමයි පහත් උණේ. ඒ අත්දැකීමනම් මට කවදාකවත් අමතක වෙන්නෙ නැහැ..

Source : rivira.lk


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews