POSTED ON Tuesday, December 16, 2014| | Edit Post

නූතන තාක්ෂණ වර්තමානයේ අප ජීවිතයේ සෑම අංගයක්ම ආකර්මණය කර ඇත. විශේෂයෙන් ගත් කල ගෘහස්ථ තාක්ෂණය, මෙලෙස ප්‍රධාන වශයෙන් තාක්ෂණීක ආකර්මණයට ලක් වූවකි. ශ්‍රී ලංකාව ගත් කල එහිද නිවාස තාක්ෂණය වර්තමානයේ ඉතා වේගයෙන් පරිණාමය වෙමින් පවතී. පහතින් විස්තර කර ඇත්තේ එසේ දියුණු වන ගෘහස්ථ තාක්ෂණයන් කිහිපයකී.


උෂ්ණත්ව පාලනය 

ශ්‍රී  ලංකාව වැනි උෂ්ණාධික රටවල නිවෙස් තුල හිතකර උෂ්ණත්වයක් පවත්වාගෙන යෑම ඉතා වැදගත් වේ. නවීන තාක්ෂණයට අනූව ඕනෑම තැනක සිට තම නිවසෙහි උෂ්ණත්වය  පාලනය කිරීමට හැකියාව පවතී. Wi-Fi පහසුකම් සහ sensor-enabled thermostat මඟින් මෙලෙස උෂ්ණත්වය පාලනය හා නියත අගයක පවත්වා ගත හැක. මෙම පද්ධතියේ ඇති මතක තබා ගැනීමේ හැකියාව ආධාරයෙන් ඔබ නිවසෙහි නොමැති අවස්ථාවන්හිදී නිවසෙහි උෂ්ණත්වය පාලනය කිරීමටත් ඇතුලත වාතයේ තත්වය පරීක්ෂා කිරීමටත් හැකියාව පවතී.

නිවාස ආරක්ෂාව 




සමීක්ෂණ වලට අනූව නිවෙසක් තෝරා ගැනීමේදී 20%ක වැදගත්කමක් හිමිවන්නේ නිවසෙහි ආරක්ෂාවටයි. එබැවින් ශ්‍රී  ලාංකීය නිවාස තාක්ෂණයේද මෙම දියුණු ආරක්ෂක උපාංග දැකගත හැකිවේ. එවන් උපාංගයක් ලෙස දොරගුලු මත සවිකර ඇති ඇඟිලි සලකුණු කියවනයන් ( Fingerprint Reader )  හැදින්විය හැක. මෙමඟින් දොරගුලු විවර කරන පුද්ගලයාගේ අනන්Hතාව, අවසරලත් පුද්ගලයන්ගේ අනන්යතාව හා සසඳා බැලේ. එසේ අනන්Hතාව තහවුරු කර ගැනීමට නොහැකි අවස්ථාවල ඇතුලුවන්නාගේ ඡායාරූපයක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට හෝ ආරක්ෂක ආයතනය වෙත යොමු කල හැක.

ස්මාර්ට් ශීතකරණ

ශීතකරණයක් යනු සෑම ශ්‍රී  ලාංකීය නිවෙසකම පාහේ දැකගත හැකි ගෘහස්ථ උපකරණයකී. ඒසේ වෙතත් ගෘහනියන් හට ශීතකරණය පිරිසිඳු කිරීම තරම් කරදරකාරී ක්‍රියාවක් නැතිතරම්ය. මෙයට විසඳුමක් ලෙස Ocado විසින් Self-Cleaning Fridge  නමින් නව පරපුරේ ශීතකරණයක් නිර්මාණය කර තිබේ. නුදුරු ආනාගතයේදී ශ්‍රී  ලංකාව තුලද මෙම ශීතකරණ දැකගත හැකි වේ. මෙහි ඇති අනෙකුත් විශේෂත්වය වන්නේ එයට ඉතිරි ආහාර ප්‍රමාණයද, අවසන් වූ ආහාර වර්ග සහ කල් ඉකුත්වූ ආහාර වර්ගද හඳුනා ගැනීමේ හැකියාවයි.

පිරිසිඳු කිරීමේ රොබෝ යන්ත්‍රය




ශ්‍රී  ලාංකීය ගෘහනියන්ගේ නිශ්චිත දෛනීක අංගයක් වන්නේ කොසු මඟින් නිවෙස් අතුගෑමයි. එය ඉතා ආතතිය දනවන වෙහෙසකර වූ කි%යාවකී. නමුත් අනාගතයේ බොහෝ නිවෙස්වල මේ සඳහා ස්වයංකි%යව කි%යාකරන  ර්‍Robot vacuum Cleaner දැකගත හැකිවේ. මීට උදාහරණයක් ලෙස දැනට වෙළඳපලෙහි පවතින Roomba 880 හැඳින්විය හැක. මෙයට ස්වයංකි%යව මුළු නිවෙස පුරා පිරිසිදු කර නැවත ආරම්භක ස්ථානයට පැමිණීමේ හැකියාව පවතී.

- (ගයාන් දිසානායක ) විසිනි

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews