POSTED ON Tuesday, December 16, 2014| | Edit Post
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ නිර්මාණාත්මක ‘සී හෝක්‘ නියමුවන් රහිත ගුවන් යානය නිල වශයෙන් හඳුන්වාදී නියමු රහිත ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයද විවෘත කැරිණි. තව මාස කීපයකින් ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමටද නියමිත ය.

විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ පීඨාධිපති මහාචාර්ය අනුරුද්ධ පුස්වෙවෙල, අංශ ප්‍රධානි ආචාර්ය අජිත් පැස්කුවල් හා යානය නිර්මාණය කිරීමට මඟ පෙන්වමින් අධීක්ෂණය කළ මහාචාර්ය රොහාන් මුණසිංහ යන මහත්වරුද ඉන්ද්‍රා දයාවංශ මහත්මියද ඒ අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ජාතික කොඩියේ අභිමානවත් බව දැක්වෙන අසිපත රැගත් සිංහ රුව ගුවන්යානයේ තටු දෙකෙහි සටහන්ව ඇත.

අමෙරිකාව සහ යුරෝපීය රටක නිර්මාණයක් ලෙසට බැලූ බැල්මට මෙම යානය දිස්වෙතියි එහි නිර්මාණකරුවෝ කියති.
ලේසර්, කාබන් ෆයිබර්, ෆයිබර් ග්ලාස් යනාදී අමු ද්‍රව්‍ය යොදා බල්සා දැව යොදා මෙම යානය නිර්මාණය කර ඇත.

බී.ඇස්.සී විද්‍යාවේදී උපාධි අපේක්ෂක චාමික ගමගේ සහ රොෂාන් ලලන්ත පර්යේෂණ සහායකයින් ලෙසද අනුරුද්ධ තෙන්නකෝන්, එරංග ප්‍රනාන්දු, සංචිත පියුමාල් සහ සංජීව ප්‍රනාන්දු ඇතුළු පිරිස මෙම යානය බිහි කිරීමට දායකත්වය දුන්හ. - Lankadeepa.lk

University of Moratuwa - UAV DAY 2014

Opening of UAV Research Laboratory and Exhibition. 15th December 2014 at Department of Electronic and Telecommunication, University of Moratuwa. 

This page and its content is copyright of Cinamex Studios © 2014. All rights reserved.

Photographed by Kasun Thivanka Samarasiri. (cinamexstudios.com )























Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews