POSTED ON Saturday, October 17, 2015| | Edit Post
තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙලේ දී ( NBQSA - National Best Quality ICT Awards) භාෂා ලංකා සමාගම සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගනියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක‍්ෂණික සමාගමක් වන වන භාෂා ලංකා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධනික පෙරේරා එහිදී 'වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයා' (The Most Innovative ICT Entrepreneur of the Year) සම්මානයට පාත්‍ර විය.
සම්මාන උළෙල - පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වුණේ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්.

NBQSA සම්මාන උළෙලේදී භාෂා ලංකා සමාගමේ නිපැයුම් ද්විත්වයක් වන Puvath Reader සහ MobiTV නම් වූ 'ජංගම දුරකථන යෙදවුම්' ද සම්මානයට ලක් කෙරිණි.

MobiTV ජංගම දුරකථන යෙදවුම මගින් මෙරට සියලු රූපවාහිනී නාලිකාවන් ජංගම දුරකතනයෙන් සජීවිව සහ පසුව නැරඹීමේ පහසුකම පරිශීලකයන් වෙත ලබා දෙයි.

Puvath Reader ජංගම දුරකථන යෙදවුම මගින් දේශීය සහ විදේශීය පුවත් අති නවීණ Push Notification තාක්ෂණය ඔස්සේ එසැණින් සිංහලෙන්ම ලබාගැනීමේ හැකියාව පවති.

මෙම සම්මානනීය තාක්ෂණික විසඳුම් ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් සහ වින්ඩෝස් ෆෝන් දුරකථන සඳහා සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන බව භාෂා ලංකා සමාගම පවසයි.

2011 දී ආරම්භ කළ භාෂා ලංකා සමාගම, m-Billionth දකුණු ආසියානු සම්මාන 2 ක්, ඊ-ස්වාභිමානී ජාතික සම්මාන 4ක් මෙන්ම NBQSA ජාතික සම්මාන 6ක් පසුගිය වසර හතර ඇතුළත හිමි කරගෙන ඇත.

ඩවුන්ලෝඩ් - www.slappstore.com.lk

SL App Store අලුත් ලොව අපේ දේ එකම තැනකින්....
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
වෙබ් අඩවිය - www.slappstore.com.lk
මෙය share කරන්න. Link එක Click කර අපව Like කරන්න.
www.facebook.com/gddslappstore
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

http://www.hirunews.lk/sinhala/busines



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews