POSTED ON Monday, January 18, 2016| | Edit Post
බණ්ඩාරවෙල කිතල්ඇල්ලල රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනාධිපති මඩවල උපාලි හිමියෝ සූර්ය බලයෙන් ධාවනය වන වාහන නිර්මාණය කරමින් ඒවා සඳහා පේටන්ට් බලපත් ලබාගැනීමට සූදානම්ව සිටිති.

සූර්ය බලයෙන් ධාවනය වන ආබාධිතයන්ට භාවිත කළහැකි රෝදපුටුවක් හා ත්‍රිරෝදරථයක් දැනටමත් සාර්ථකව නිමවා ඇති උන්වහන්සේ මෝටර් රථ 2ක් නිර්මාණය කරමින් සිටිති.

ලෝකයේ සූර්යබලයෙන් ධාවනය වන වාහන නිපදවා ඇතත්, ඒවාට වඩා මෙම නිර්මාණ විශේෂත්වයක් දක්වන නිසා පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම්කරන බව උන්වහනසේ පැවසූහ.

“සූර්ය බලය යොදාගෙන යනකොට සමහරවිට බැටරි බලය මදි වෙනවා. එතකොට නතර වෙනවා. නමුත් මෙම වාහනය තැනිතලාවක පොඩි පොඩි පල්ලම් වල යනකොට අපි ඒක බැටරිය චාඡ් කරන්න පාවිච්චි කරනවා. ඒ වගේම වගේම තිරිංග යොදනකොට අපතේ යන විශාල ශක්තියක් තියෙනවා. ඒකත් ත් අපි බැටරි චාඡ් කරන්න යොදා ගැනීම විශේෂත්වයක්” යැයි උන් වහන්සේ පැවසූහ

පැවිදි වීමට පෙර විද්‍යා ගුරුවරයෙකු ලෙසත් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙකු ලෙසත් සේවය කළ බවත් උගත් කමින් හා පර්යේෂණ මගින් ලැබූ දැනුම නව නිර්මාණය සඳහා උපයෝගි කරගත් බවත් මඩවල උපාලි හිමියෝ පැවසූහ.

( පාලිත ආරියවංශ ) 2016-01-14 







Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews