POSTED ON Monday, November 11, 2013| | Edit Post
පොදු රාජ්‍ය මණ්ඩල උළෙල වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නව ව්‍යාපෘති හතරක්  විවෘත කරන ලදී.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ අක්කර 28ක භූමියේ ඉදිකල රුහුණු මාගම්පුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා විසින් විවෘත කළේ තවත් ප්‍රභුන් රැසකගේ සහභාගීත්වයත් සමඟිනි.

එය ආසන 1,500කින් සමන්විත ප්‍රධාන ශාලාවකින්, ආසන 250කින් යුත් අනු ශාලා 3කින්. ඊට අමතරව කුඩා කමිටු ශාලා 10කින්ද සමන්විත වේ.

එකවර වාහන 800ක් ගාල් කල හැකි මෙහි හෙලිකොප්ටර් අංගනයක්ද ඉහිටුවා ඇත. මේ මස 10 වන දින සිට 14 වනදා දක්වා පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව මෙහි පැවැත්වේ. සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමෙන් පසු මාතර හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ සිරිබෝපුර මංසන්ධියේ ඉදි කළ නව ගුවන්පාලමක්ද ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදී. ඒ සඳහා වැය කෙරුණු මුදල රු. කෝටි 267කි .

අනතුරුව මාතර වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මිරිජ්ජවිල මංසන්ධියේ ඉදිකල අන්තර් හුවමාරුවද ඊයේ ජනාධිපතිවරයා විසින් විවෘත කළ අතර ඒ සඳහා වැය කෙරුණු මුදල රු. කෝටි 420ක් හෙවත් මිලියන 4,200කි.

ඉන්පසු මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානයද ජනාධිපතිවරයා විසින් ඊයේ විවෘත කරන ලදී. වියලි කලාපීය ප්‍රදේශයක වූ ලංකාවේ ප්‍රථම උද්භිත උද්‍යානයය වන මෙය වන අතර අක්කර 300ක භූමියක් පුරා පැතිර පවතී.මෙහි ඉදිකිරීම් ආරම්භ වූරේ 2008 වසරේදීය.මෙහි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් මෙයට පැමිණ සිහිවටන ශාක රෝපනය කිරීමට නියමිතයි. මේ සඳහා පළමු අදියර වෙනුවෙන් වැය කර ඇති මුදල රු. මිලියන 500කි.

හම්බන්තොට ඉදීයේදී විවෘත කිරීමට නියමිත තවත් ව්‍යාපෘති පිළිබඳව තොරතුරු මෙතනින් හා මෙතනින්.

මාගම් රුහුණුපුර වරායේ නව පරිපාලන සංකීර්ණය විවෘත කෙරේ.


මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය පරිශ‍්‍රයේ ඉදි කළ නව පරිපාලන සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. මහල් 14 කින් යුක්ත එම සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියනයක්. නාවික කර්මාන්තයට අදාළ සියලූ සේවාවන් එකම වහළක් යටතේ ලබාගැනීමට මේ තුළින් අවස්ථාව සළසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළා.

 The Administrative office complex of Ruhunu Magampura Mahinda Rajapaksa International Sea Port declared open today under the patronage of President Mahinda Rajapaksa.
උපුටා ගැනීම - https://www.facebook.com/hirunews












 ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය 

ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය වන රුහුණු, මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් 07 වැනි දා පස්වරුවේ විවෘත කෙරිණ.
හම්බන්තොට සිරිබෝ ප‍්‍රදේශයේ අක්කර 28 ක භුමි ප‍්‍රදේශයක ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 15.3 කි.




















Mirijjawila and Hambantota Interchange Sections Declared open

President Mahinda Rajapaksa declared open New Mirijjawila and Hambantota Interchange premises at the event held at Hambantota. Pix by Srinathprabashwara Aberathna




Construction works at proposed Botanical Gardens, Hambanthota

Visit At the construction works at proposed Botanical Gardens, Hambanthota which is under faster progressive development in line with the CHOGM 2013, The official Tree Plantation Program of CHOGM 2013 will be held in this newly built Botanical Gardens under the patronage of Head of States of Common Wealth Countries. 






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews