POSTED ON Thursday, November 14, 2013| | Edit Post
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන රාජ්‍ය ප්‍රතිපත්තියට අනූකූලව දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ ඉදිකරන ලද අපේ ගම හා ලක්සල ප්‍රදර්ශනාගාර සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් 13දා පස්වරු 5.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍ර යේ දී විවෘත කෙරේ.

මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, උද්භිත උද්‍යාන හා පොදු විනෝද කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ ඉදිකරන ලද අපේ ගම බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී 13වැනි බදාදා පස්වරු 5.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත වේ. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන අපේ ගම පාරම්පරික ගමක් සතු සියළු ලක්ෂණ වලින් සමන්විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවන නියෝජිතයන් වෙනුවෙන් අපේ ගම විවෘතවූවද එදිනෙන් පසු වසරේ දින 365 පුරාම දේශීය සහ විදේශීය සංචාරකයින් සදහා විවෘතය. ඔවුන් සදහා අවශ්‍ය සියළුම පහසුකම් අපේ ගම තුළ ඇතුලත්ව ඇත. ලක්සල ශාඛාවක්ද මෙහි පිහිටුවා තිබේ. අපේ ගම ජනාධිපතිතුමා අතින් විවෘත කරන අවස්ථාවට ආමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ආචාර්ය ජගත් බාලසූරිය, ජයරත්න හේරත් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.





















Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews