POSTED ON Thursday, November 7, 2013| | Edit Post
ඔන්න ඔයාල ට මම පොරොන්දු උනාවගේ වැඩේ පටන් ගන්න මුල..පුරන්න හිතුන..මෙතැනදී මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද මුල ඉදන්ම සරලව android app එකක් සංවර්ධනය කර ගන්න මුල පුරන්නේ කියල. මේ කියල දෙන පාඩම් ටිකත් එකක්ම ඔයාලට දිගටම රැදෙන්න පුළුවන් අපේ අනෙකුත් පාඩම් එක්කත් ඕනෑම වේලාවකදී ඇති වෙන ප්‍රශ්න මගෙන් විමසන්න කියලත් යහළු යෙහෙළියන්ගෙන් ඉල්ලා සිටිනවා.ගන්න දේශීය දේ පිටුව සමග එකතු වෙලා හිටියොත් දිගටම මේ දේවල් ඔයාලට දන ගන්න පුළුවන් ඉස්සරහට..
මෙන්න මේ ලින්ක් වලට ගහින් කටියම එකයි සදහා වන eclipse IDE, Android SDK එකයි ඔයාලගේ පරිගණකයට බාගත කර ගන්න..


හරි නේද ? වැඩේ  එළකිරි නේ .. දැන් ඔය දෙකම ඔයාලගේ Programe files දමාගෙන eclipse IDE එකේ Shortcut එකක් Desktop එකට දමාගන්න .මම හිතනවා මම කියන දේ පැහැදිලි ඇති කියල අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම..

මන් ඉතුරු ටික කට්ටියට ලේසි වෙන්න පියවර වශයෙන් කියනම්

01.Eclipse IDE එක Open කර ගන්න...අරම්බක පිටුව කැමති අය close කරලා දාන්න..(Start page)


02.හරි දැන් Help menu >> ගිහින් Install new software එකට යන්න.මම ඔයාලට ලේසි screen shot වගයක් site එකකින් හොයා ගත්තා දාන්නම් ඒ ටිකත් ඔයාලට බලා ගන්න..





03.එතන Work with කියල තියන තැන විදිහට මන් මේ දාල තියන එක https://dl-ssl.google.com/android/eclipse ලින්ක් එක දාල Enter කරන්න..ටික වෙලාවක් pending තිබිල ..ඔයාලට name කියල තියන තැනට අදාල වන software ටික load වෙයි.මෙතන https:// දල හරි ගියේ නැත්නම් http:// දාල ට්‍රය් කරන්න. 






04.හරි නේද?. දැන් available software ඔතනට ආවට පස්සේ ඒ ටික All select කරන් finish කරන්න.වැඩේ හරි.


05.ඊට පස්සේ eclipse එක restart වෙයි.නැත්නම් File menu >> එකට ගිහින් Restart කරන්න..ඔන්න දැන් වැඩේ හරි.
06.Window menu>> එකට ගිහින් Preference යන්න.එතන ගිහින් ඔයාල SDK එක දාපු තැන හොයල තෝරලා Apply කරලා OK කර ගන්න..




07.දැන් අපහු Window menu>> Android SDK manager ගිහින් ටික වෙලාවක් බලාගෙන ඉන්න.එතන තියන මන් සදහන් කරලා තියන ..මගේ එකේ තියන packages ටික select කරලා යන install packages විදානය ලබා දෙන්න.ඌකට සැහෙන වෙලාවක් වගේම(නෙට් Connection අනුව තමයි) ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා..ඉවර උනාට පස්සේ IDE අපහු එක Restart පාරක්දාල ගන්නකො..(සමහර විටAndroid SDK manager,AVD දෙක වෙන වෙනම තියෙන්නේ එහෙම උනොත් මුලින්ම Android SDK manager තොර ගන්න)








08.ඔන්න ඔයාල දැන් වැඩේ කරලා ඉවරයි..ඔයාල මුලික පියවරට අත ගහල ඉවරයි..ඕක කරන්න ගියහමත් ගොඩක් ප්ර්සන අපේ යාළුවන්ට මතු වෙයි.ඒ වගේම දමා ගන්න නම් ඔයාලගේ පරිගණකයේ කලින් බාගත කරලා තියන්න වෙනවා..මොනවා හරි ගැටළු තිබේ නම් යොමු කරන්න..

මේ වැඩසටහන් ඔයාලට අරගෙන එන්නේ Variant Technologies Pvt Limited ආයතනය මගින්.(Variant Technologies Pvt Limited ආයතනය දිවයිනේ ඉලෙක්ට්‍රොනික ස්වයංක්‍රිය කරණයේ නියැලී සිටින ආයතනයකි.)

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews