POSTED ON Thursday, November 7, 2013| | Edit Post
දිනෙන් දින ඇති වෙන තාක්ෂණික විප්ලවයත් එක්ක අපේ රටත් තරග කාරී විදිහට ඉදිරියට යමින් ඉන්නවා.කවදත් අලුත් ම දෙයක් ඔයාලට ගෙන්න හදන ගන්න දේශීය දේ  කණ්ඩායම අලුත්ම වැඩකට අත ගහන්නයි සැරසෙන්නේ.මින් ඉදිරියට ඔයාලට අපි එක්ක එකතු වෙලා  රොබෝ තාක්ෂනය ගැන,Android ගැන,PIC Program ගැන , වගේම අලුතෙන්ම ලෝකෙට එන, ඇවිත් තියන දේවල් ගැන දැනුවත් වෙන්න ඉගෙන ගන්න කතා කරන්න පුළුවන්.ඔයාලට කරන්න තියන්නේ දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න එක.මෙහිදී අපේ අරමුණ වෙන්නේ අපේ ශ්‍රීලංකාව තුල දේශීයත්වයට මුල් තැන දෙමින් රටට අඩුවක්ව පවතින නවමු නිර්මාණ කරැවන් බිහිකිරීමයි.

මේකට තියන ආරම්භක පියවරක් විදිහට මම ඔයාලට මෙන්න මේ ලිපි පෙළ ගෙන එන්නම්..

අරුම පුදුම මිනිස් රොබෝ අපේ යහළු Asimo.

යාලුවනේ මේ රූපයෙන් දැක්වෙන්නේ ලොව ජනප්‍රිය රොබෝවෙක්. Honda සමාගමේ නිෂ්පාදනයක් වන මොහුගේ නම "Asimo". 2000/10/21 දින පළමුවරට එළිදැක්වුණු මෙම අපූරු රොබෝ යන්ත්‍රය අයත් වන්නේ "Humanoid" ගණයටය.(එනම් මිනිසුන්ට සමාන ස්වරූපයක් ඇති රොබෝ කාණ්ඩයටයි). ආබාධිත හෝ වයෝවෘධ පුද්ගලයන්ගේ සහායකයකු ලෙස යොදාගත හැකි රොබෝවෙකු නිර්මාණය කිරීම අරමුණුකොට ගෙන ඇරඹි පර්යේෂණාත්මක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස බිහිවූ මෙම අපූරු නිර්මාණය ලොව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුනා.
අඩි 4යි අඟල් 3ක් උසින්ද, 54Kg බරින්ද යුත් Asimo , මිනිසකුට සමාන ලෙසින් ඇවිදීමට, දිවීමට, බර ඉසිලීමට පමණක් නොව, පාපන්දු ක්‍රීඩාවේ යෙදීම, පඩිපෙල් නැගීම වැනි ඉතා සියුම් ක්‍රියාවන් වුවද කිරීමට සමත් ඇති දියුණු රෝබෝවෙකි. එසේම තමන්ගේ බැටරි තත්වය පරීක්ෂා කර බලා ඒ අනුව ස්වයංක්‍රීයව නැවත විදුලි සැපයුමකට සම්බන්ධ වී recharge කරගැනීමට Asimo සමත් වෙයි. මෙවැනි සුවිශේෂී ලක්ෂණ බොහොමයක් සහිතව සැකසුනු Honda සමාගමේ මෙම අපූරු නිර්මාණය ලොව රොබෝ නිර්මාණකරණයේ විශාල ඉදිරි පියවරක් ලෙස ඉතිහාසගත වෙනවා.

Asimo ගේ විශිෂ්ට හැකියාවන්  බලන්න මෙතනින්.


මේ වැඩසටහන් ඔයාලට අරගෙන එන්නේ Variant Technologies Pvt Limited ආයතනය මගින්.(Variant Technologies Pvt Limited ආයතනය දිවයිනේ ඉලෙක්ට්‍රොනික ස්වයංක්‍රිය කරණයේ නියැලී සිටින ආයතනයකි.)

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews