POSTED ON Tuesday, October 28, 2014| | Edit Post

මෙරට ඉවත දමන අබලි තඹ ප්‍රතිචක්‍රීකරණය කර ඔක්සිජන් රහිත තඹ කම්බි නිෂ්පාදනය කිරීමේ කාර්මාන්ත ශාලාවක් ඔරෙල් කෝපරේෂන් ආයතනය විසින්  මෙරට ප්‍රථම වරට ආරම්භකර ඇත.එම ආයතනයේ කළමනාකරණ  අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ මෙරටට අවශ්‍ය තඹ කම්බි නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටවූ අබලි තඹ ප්‍රතිචක්‍රීකරණ කම්හල බොරලැස්ගමුවේ ඉදිකර ඇති බවය.


බොරලැස්ගමුවේ පිහිටි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කම්හ‍ලේ දී නිෂ්පාදනය කරන තඹ යොදා ගනිමින් මීගොඩ පිහිටි කර්මාන්තශාලාවෙන් තඹ කම්බි තත්ත්ව සහතික ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය වේ.මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන ආරම්භ කිරීමත් සමග මාසිකව තඹ මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවයකින් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවත්, ඒ හරහා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන් 16 විදේශ විණිමය රටට ඉතිරිකර දීමට හැකිවන බවත්, කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවැසීය.මෙරට පවතින සම්පූර්ණ අබලි තඹ,තඹ කම්බි නිෂ්පාදනයට යොදා ගතහොත් මෙරට තඹ කම්බි ඉල්ලුමෙන් සියයට 20ක ප්‍රමාණයක් සැපයීමට ඔරෙන්ජ් ආයතනයට හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය. -http://www.lakbima.lk/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews