POSTED ON Friday, October 31, 2014| | Edit Post
​ශ්‍රී ලංකාවේ එකම හා ප්‍රථම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන්නේ දුරකථන සඟරාවයි.එය ලංකාවේ ජනප්‍රිය ඩීවීඩී තැටියකින් නිකුත්වන මාසිකසඟරාවක් වන රෑ පරිගණක සඟරාවත් සමග සෑම මසකම නිකුත්වේ. 2012 ඔක්තෝස්බර් මස ඇරඹි දුරකථන මාසික සඟරාව මේ වන විට කලාප 20 ක් නිකුත් කොට තිබේ. 

ශ්‍රී ලංකාව තුල පලවන අන් කිසිඳු සඟරාවක් සිය පාඨකයින් උදෙසා නොකරන අන්දමේ ව්‍යාපෘතියක් දුරකථන සඟරාව 2013 වසරේදී ආරම්භ කරන්නට යෙදුනි ඒ සිහල බසින් නිමවන ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) මෘදුකාංග සෑම මසකම පාඨකයින්ට නොමිලේම සිය ජංගම දුරකථන සඳහා ලබාගතහැකි පරිද්දෙන් ගූගල් ප්ලේ වෙත නිකුත් කිරීමයි. 



ඇන්ඩ්‍රොයිඩ් අත්පොත යනු එලෙස නිකුත් කරන ලද ප්‍රථම ඇප් එකයි එය ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ගමන් කළ හැකියි ලෙස සකසා තිබේ.

දුරකථන සඟරාවෙන් අප කල මේ සද්කාර්යය ජාත්‍යන්තරව ඇයුමට ලක්වුනේ පසුගිය ජූලි මස ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති Mbillianth Award South Asia 2014 උලෙලේදී මොබයිල් අධ්‍යාපනික කාණ්ඩයෙන් සුවිශේෂී ඇගයුම් සහතිකයක් ලබා දෙමිනි. 


 Mbillianth Award South Asia 2014 

මෙයට අමතරව මේ වන විට අපේ රටේ පැවැත්වෙන ජාතික තොරතුරැ තාක්ෂණික සම්මාන උලෙල වන ඊ ස්වභිමානි 2014 හී තවත් සුවිශේෂී ඇගයුමකට පාත්‍ර වීමට නියමිතය 


ඇන්ඩ්‍රොයිඩ් අත්පොත නවතම නිකුතුව මේ වන විට ගූගල් ප්ලේ වෙත නිකුත් කොට ඇති බව ඔබට දන්වනනේ සතුටිනි එය Athpotha for Android ලෙස ඔබේ දුරකථනයෙන් සර්ච් කර හෝ පහත සබැඳියෙන් සෘජුවම පිවිස ලබාගත හැක. 





   නැතනම් මෙම QR කේතය ඔබේ දුරකථනයෙන් ස්කෑන් කරන්න







Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews