POSTED ON Friday, February 27, 2015| | Edit Post
​ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ජපානය, චීනය හෝ ඉන්දියාව වැනි රටක උපන්නේ නම් අද වන විටත් මේ විශ්වකර්ම වැඩ කරන අපේ ශ්‍රී ලාංකික තරුණයා අති දක්‍ෂ ගුවන් යානා සහ අති නවීන ස්වයංක‍්‍රීය අවි තනන්නෙකු වනු නොඅනුමානය.

ඓතිහාසික කන්ද උඩරට ගමක උපන් ඔහුගේ එකම ආශාව වූයේ කෙදිනක හෝ හෙළිකොප්ටර් යානාවක් නිර්මාණය කිරීමය. වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මහනුවර තල්වත්තේ පදිංචි මහේෂ් බණ්ඩාරය. වයස අවුරුදු 33ක් වූ ඔහු විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාවක් හෝ තාක්ෂණික විදුහලක තාක්ෂණික පාඨමාලාවක් හෝ අඩුම වශයෙන් කාර්මික විදුහලක පාඨමාලාවක් හෝ හදාරා නොමැති අයෙකි.


කුඩාකල සිටම විවිධ නිර්මාණ සකස් කිරීමේ සහජ දක්‍ෂතාවලින් හෙබි මහේෂ් බණ්ඩාර පාසල් අධ්‍යාපනය හමාර කළේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුවය.

විවිධ අංශ තුළින් පාපැදි, යතුරුපැදි, ත‍්‍රිරෝද රථ සහ වෙනත් යන්ත‍්‍ර අලූත්වැඩියා කිරීමට උපන් හපනෙකු වූ ඔහු කුඩා කල සිට තම සිතේ හිරවී තිබූ ආශාව ඉටුකර ගන්නට දැඩි ප‍්‍රයත්නයක් දැරීය.

ඉතා දුක්මහන්සියෙන් විවිධ දෛනික ස්වයංරැුකියාවන්හි නිරත වෙමින් උපයා ගත් මුදල් වැය කළේ ඔහුගේ කුඩා කල සිට සිතේ පැලපදියම්ව තිබූ හෙළිකොප්ටර් යානාවක් හැදීමේ කාර්යය සඳහා ය. අවස්ථා කීපයක දී ඔහු විවිධ අන්දමට කුඩා හෙළිකොප්ටර් යානා සකස් කළේය. එහෙත් ඒවා කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි විය. එහෙත් ධෛර්යවන්ත තරුණයා තම සිතෙහි රැුඳුණු අපේක්ෂාවන් කෙසේ හෝ ඉෂට කරගන්නට අදිටන් කරගත්තේය.


විවාහකයෙකු වූ දරු දෙදෙනෙකුගේ පියෙකු වූ මහේෂ් බණ්ඩාර තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් යළිත් හෙළිකොප්ටර් යානාව නිපදවීමට වැය කරන්නට සිතා ගත්තේය. දෙමව්පියෝ මෙන්ම ඔහුගේ දයාබර බිරිඳ ද ඔහු කරන්නට වෙර දරන අසීරු කාර්යය පිළිබඳව මැනවින් වටහා ගෙන සිටිය ද ඔහුට බාධා නොකර ඔහුගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට කරගන්නට සිතින් ආශිර්වාද කළහ.

තරුණ අවධියේ සිටම විවිධ අංශයන්හි දක්‍ෂතා දැක්වූ මහේෂ් බණ්ඩාර තමන් එකතු කරගත් මුදල් වැයකරමින් හෙළිකොප්ටරය තැනීමට අවශ්‍ය අමතර කොටස් යකඩ, යතුරුපැදි එන්ජින් ඇතුළු අවශ්‍ය මෙවලම් රැුසක් මිලදී ගත්තේය. ඔහුට රුපියල් ලක්‍ෂ පහකට ආසන්න මුදලක් මෙම අමතර කොටස් සඳහා වැය කිරීමට සිදුවිය.

දැඩි ආත්ම විශ්වාසයත්, අධිශ්ඨාන ශක්තියත් තමන් විසින් සිදු කිරීමට නියමිත කාර්යය පිළිබඳව තබාගත් විශ්වාසයත් මල්ඵල ගන්වමින් ඔහු තමන් විසින් නිෂ්පාදනය කිරීමට සූදානම් හෙළිකොප්ටරය කොටස් වශයෙන් සකස් කළේය.

ඉතා අසීරුවෙන් දිවා රාත‍්‍රී නොබලා නිපදවූ හෙළිකොප්ටරය ගුවනට නැංවීම සඳහා අත්‍යවශ්‍ය උපකරණයක් වන එහි උඩ කොටසේ හුළං පෙති (වායු තටු) ඉතා උනන්දුවෙන් සකස් කර ගත්ත ද එය ක‍්‍රියාත්මක කිරීමට යාමේදී එහි යම් යම් දෝෂ ඇති වීම හේතුවෙන් ඔහු නිපදවූ අලූත්ම ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වූ හෙළිකොප්ටර් යානාව ගුවන්ගත කිරීමට නොහැකි විය. තම බලාපොරොත්තුව බිඳ වැටුණා යැයි සිතමින් මේ අධිශ්ඨානශීලී ධෛර්යවන්ත තරුණයා තම අපේක්‍ෂාව අත්හරින්නට තරම් දුර්වලයෙකු නොවීය.

ඔහු ගුවන් යානා නිපදවීම පිළිබඳ විවිධ පොත්පත් පරිශීලනය කළේය. රූපවාහිනී දසුන්වල දකින විවිධ හෙළිකොප්ටර් සහ ගුවන් යානා ගැන විස්තර එක්රැුස් කළේය. අන්තර්ජාලය ඔස්සේ විවිධ හෙළිකොප්ටර් පිළිබඳව තොරතුරු හා දත්ත සොයා බලා නිරීක්‍ෂණය කළේය. දක්ෂයාට කළ නොහැක්කක් නැතැයි කියමනක් තිබේ. උත්සාහ වන්තයා කෙදිනක හෝ ජයගන්නවා යැයි ඔහු සිතුවේය. යළිත් වරක් තමා එකලස් කරගත් හෙළිකොප්ටර් යානාවේ කොටස් කාටත් නොකියා කුඩා ලොරියක පටවා ගත් ඔහු ඒවා සියල්ල හන්තාන පෙදෙසේ පිට්ටනියක් වෙත රැුගෙන ගියේය. හන්තානේ කන්ද පෙදෙසේ පිට්ටනියකට රැුගෙන ගිය කොටස් ඉතා සූක්‍ෂම අයුරින් යළිත් සකස් කරගත් මහේෂ් හෙළිකොප්ටර් යානාව සම්පූර්ණ තත්ත්වයට පත් කළේය.


ඉන්ධන ටැංකියක් සකසා හෙළිකොප්ටර් යානයේ එන්ජිම පණ ගන්වන්නට ඔහු උත්සාහ කළේය. ඔහුගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට විය. එන්ජිම පණ ගැන්වී හෙළිකොප්ටර් යානයේ සියලූ අංග ක‍්‍රියාත්මක විය.

තමා කුඩා කල සිට ප‍්‍රාර්ථනාවක් ඇතිකර ගනිමින් හෙළිකොප්ටරයක් නිපදවීමේ සිහිනය සැබෑකරගත් මහේෂ් බණ්ඩාර ලැබුවේ පුදුමාකාර සතුටකි. එය සැබෑ හෙළිකොප්ටරයක්ම බව එහි ක‍්‍රියාකාරිත්වය දුටු අපි ද මවිතයට පත්වූවෙමු.

කාර්මිකයෙකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කළ මේ ගැමි තරුණයා ඔහුගේ අවාසනාව නිසාම ශ්‍රී ලංකාවේ ඉපදී ඇත්දැයි මට සිතුණි. වෙනත් රටක නම් ඔහුගේ නිර්මාණය ඇගයීමකට ලක්කෙරනු ඇත. ඔහුව ගුවන් යානා ඉංජිනේරු පාසලකට යවා ඔහුට ගුවන්යානා ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදී උපාධියක් ද ලබා දෙනු ඇත.

එහෙත් ජනතාවගේ බදු මුදල්වලින් සුපිරි හෝටල්වල සුර සැප විඳින ජනතාවගේ කතිරයෙන් දේශපාලන තනතුරු ලබන දේශපාලනඥයන්ට මේ තරුණයා පිස්සෙකි, මෝඩයෙකි. කරන්නට බැරි වැඩ කරන්නට දඟලන නිකමෙකි.

මහේෂ් බණ්ඩාර මෙරට දේශපාලනඥයින් හා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපයන් මැනවින් වටහා ගෙන සිටි තරුණයෙකු නිසා තමන්ගේ නිර්මාණය පිළිබඳව ඔවුන්ට දන්වන්නට නොසිතුවේය.

ඔහු පැමිණියේ තමන්ට පිහිටක් ලබාගත හැකි තමාගේ නිර්මාණය අගය කරන්නට තරම් මානුෂීය හැඟීම්ක් ඇති මාධ්‍යවේදීන් සොයාගෙනය.

සැබැවින්ම ඔහු නිර්මාණය කළ හෙළිකොප්ටරය සැකිල්ල නිසි පරිදි ආවරණය කළා නම් එය විදේශීය රටක නිපදනවන ලද යානාවක් වනු නොඅනුමානය.
ඉදිරියේ දී තමන් නිපදවූ මෙම හෙළිකොප්ටරය මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කිරීමට අපේක්ෂාවෙන් සිටින මහේෂ් බණ්ඩාර මහතා තමන්ට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් අනුග‍්‍රාහක ආයතනයක උපකාරය අවශ්‍ය වී තිබෙන බව අප හා පැවසීය.

වැඩිදුරටත් තම නිර්මාණය පිළිබඳව අප වෙත කරුණු දැක්වූ මහේෂ් බණ්ඩාර මහතා මෙසේ කීය.

මගේ මේ උත්සාහය සඳහා මගේ දයාබර බිරිඳ සුධර්මා ප‍්‍රියදර්ශනී මට විශාල ලෙස සහයක් දැක්වූවා. මම නිපදවූ මේ හෙළිකොප්ටරය අඩි දසදහසක් වුවද උඩුගුවනට නැංවිය හැකි අන්දමට සියලූ උපාංග යථා තත්ත්වයේ පවතිනවා. මේක හදන්න අවශ්‍ය සියලූ උපාංග හැදුවේ මා විසින්මයි. අවශ්‍ය යකඩ, යාන්ත‍්‍රික කොටස් සහ එන්ජිම සකස් කරගත්තේ යතුරුපැදියක කොටස් හා මෝටර්රථ අමතර කොටස් යොදාගෙනයි.

මගේ මේ නිෂ්පාදනය සඳහා නව නිපැයුම් පේටන්ට් බලපත‍්‍රය ලබා ගැනීමට මම අපේක්ෂා කරනවා. කොළඹ පේටන්ට් බලපත‍්‍ර නිකුත් කරන කාර්යාලයට මා ගිහින් එහි නිලධාරීන් හමුවී මා නිපදවූ හෙළිකොප්ටර් යානය ගැන ඔවුන් දැනුවත් කළා. එවිට එම නිලධාරීන් මගෙන් ඇහුවේ ඔබ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා ද, ඉංජිනේරු විභාගය සමත් ද? කියලයි.

මම දුක්මහන්සියෙන් දෛනිකව උපයාගත් මුදල් මේ සඳහා වැය කළා. මගේ මේ නිර්මාණය අගය කරන විදේශීය රටක හෝ ආයතනවලින් මම ඉල්ලා සිටිනවා මට උදව් කරන්න කියලා. මට හැකියාව තිබෙනවා  ඕනෑම වර්ගයේ ස්වයංක‍්‍රීය ගිනි අවියක් වුවත් නිෂ්පාදනය කරන්න. ඒත් මම නීතියට පිටින් කිසිම දෙයක් කරන්නේ නැහැ. මගේ නිෂ්පාදන සමාජයේ යහපැවැත්මට නීත්‍යානුකූල අන්දමට සකස් කිරීමයි මට අවශ්‍ය වන්නේ.

මට උදව් කිරීමට කැමති දේශීය හෝ විදේශීය ආයතනයකට හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු අංශය හෝ මට සහාය දෙනවා නම් මට සාර්ථක නිර්මාණ ඉදිරිපත් කළ හැකියි.

මට අතදෙන්න හැකිවන්නේ මාධ්‍යයට පමණයි. මං ගැන රටට ලෝකයට කියන්න ඉන්නේ මාධ්‍ය විතරයි. ඒනිසා මං වගේ දක්‍ෂතා තියෙන ශ්‍රී ලාංකිකයන්ගේ දක්‍ෂතාවය ගැන මුළු රටටත් ලෝකයටත් හෙළිකරන්න කියලා මම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

මහනුවර තල්වත්තේ අංක 7/151 දරන ලිපිනයේ පදිංචි මහේෂ් බණ්ඩාරගේ දුරකථන අංකය 072-8413677වන අතර ඔහුගේ ඊමේල් ලිපිනය වන්නේ mahesh.prabath@gmail.com තමාගේ උත්සාහය අත් නොහරින බව ඉතා අධිෂ්ඨානශීලීව පවසන මහේෂ් මහතා තමන් නිපදවූ හෙළිකොප්ටරය ගුවන්ගත කරවීම තමන්ගේ එකම ආශාව බව කියයි. එහෙත් ඔහුගේ මෙම කාර්යයට ‘නීතිය’ හරස්විය හැකි බව අප පැවසිය යුතුය.

මෙම ධෛර්යවන්ත අධිෂ්ඨානශීලි තරුණයාට අත හිත දීමට රජයේ අවධානය යොමුවිය යුතුය.

රුපියල් කෝටි ගණනින් කර්මාන්ත ප‍්‍රදර්ශනවල ප‍්‍රචාරක කටයුතුවලට මහජන මුදල් වැය කරන ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙවැනි දක්‍ෂ නිමැවුම් කරුවෙකුට අත දීමට ඉදිරිපත්වීම ශ්‍රී ලාංකීය අභිමානය ඉහළ ඔසවා තබන මගකි.

වෙඩි නොවදින හෙළිකොප්ටරයක් නිපදවීම තමාගේ ඊළඟ අධිෂ්ඨානය බව පවසන මහේෂ් බණ්ඩාර මහතා තමන්ට අවශ්‍ය ඉංජිනේරුමය උපදෙස් සහ අත්‍යවශ්‍ය අමතර උපාංග සකසා ගැනීමට සහාය දෙන රජයේ හෝ ආරක්ෂක අංශයේ හෝ විදේශීය හෝ දේශීය හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් තමන් තමන්ගේ නව නිෂ්පාදන එළි දක්වන බව සඳහන් කළේය.

මහේෂ් බණ්ඩාර මහතා තැනූ හෙළිකොප්ටරය ක‍්‍රියාත්මක කර අප වෙත ප‍්‍රදර්ශනය කළ අවස්ථාවේ හෙළිකොප්ටර් යානයක තිබිය යුතු සෑම අත්‍යාවශ්‍ය අංගයක්ම එහි තිබෙන බව අපි සියැසින්ම දැකගත්තෙමු.

ඉරිදා ලංකාදීප පාඨකයන් වෙනුවෙන් මේ අත්විතීය දක්‍ෂතා ඇති මිනිසා හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි ද සතුටට පත්වූයෙමු. ශ්‍රී ලාංකීය අභිමානය ඉහළට ඔසවා තබා ජාත්‍යන්තරය තුළින් ශ්‍රී ලාංකිකයන්ට කරන්න බැරි දෙයක් නැතැයි හෙළිදරව් කිරීම තමන්ගේ එකම අභිප‍්‍රාය වූ නිසාම තමන් මෙම හෙළිකොප්ටරය තැනූ බව මහේෂ් බණ්ඩාර මහතා පැවසුවේ නිහතමානී ලෙසය.

උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවියෙනි http://www.lankadeepa.lk/index.php/articles/299363


USA, UK, Germany, Japan, was born in a country such as China or India today is still the most talented young Sri Lankan air විශ්වකර්ම our work and will receive the latest automatic weapons තනන්නෙකු.

His only desire was to create a historic hill village birthday ever military helicopters. He settled Mahesh Bandara Thalwita Kandy Central College of Education Wattegama. He was a 33-year-old university engineering courses or technical school who has no technical course or at a technical school or completing a course.


Consisting of a variety of creative talent from childhood Mahesh Bandara school education, after having sat the GCE Ordinary Level.

Various sectors of the bike, motorcycles, cars and other machinery repairs champion, he was born to take great effort to fulfill his desire to become stuck in his mind since childhood.

දුක්මහන්සියෙන් earned money is being spent his childhood in a variety of everyday ස්වයංරැුකියාවන්හි to build aircraft for the purpose helicopter was fully in mind. He tried several times on different types of small aircraft, helicopters. But they could not have been any success. But the courageous young man determined to make ඉෂට somehow made the prospect of adding to his heart.


The married father of two children Mahesh Bandara was thought to spend their hard earned money to build aircraft helicopter again. While parents and well understood the difficult task of trying to disturb him and his beloved wife, he did not fulfill his wish to carry their blessings heart.

From a young age, Mahesh Bandara different aspects of performance parts to build a helicopter on Saturday they have collected money iron, motorcycle engines and purchased a number of tools required. He had to spend nearly five million for the additional shares.

Strong self-confidence, strength and determination to fulfill itself in possession of the work to be carried out by the trust, he said they are ready to make a helicopter parts produced by them.

Hard flat section on its essential tool for improving the air day and night helicopter made chips (air wing) has taken a very keen to implement it when it is due to some errors he made a flying latest product, the Sri Lankan military helicopters failed. I think it was his intention to break down the inferior man courageous enough to give up their hope lockout.

He said many of the users are producing aircraft. Collect information about the sights he sees many television helicopters and planes. Check observed data and information on the Internet through various helicopters. Southern has not saying impossible. Thankfully, he thought, to ever overcome. He loaded them again, he assembled all Nokia-based helicopter landing small truck all were taken to area Hanthana ground. Place in a sophisticated way back ground parts were taken Hanthane mountain Mahesh military helicopters had prepared a complete state.


He tried to revive the engine helicopter designed to achieve a fuel tank. His wish was fulfilled. The engine-powered helicopter, all features implemented.

I am glad Mahesh Bandara was the dream of producing amazing සැබෑකරගත් wish to establish a small helicopter with. We also saw the surprise පත්වූවෙමු its performance, it is true හෙළිකොප්ටරයක්ම.

Began his career as a mechanic, who felt that the Iraqis because of his bad luck if I was born in Sri Lanka. His assessment is that everyone is created in other countries. He sent him to boarding aircraft engineering degree will be given special training on the aircraft's technology.

But the young people of this luxury hotel taxes levied by politicians to further the political positions of the people suffering from the society and people mad, idiot. Lynn and your work you can do.

Mahesh Bandara tell them about creating their due role for the country's youth was well understood by politicians and some government officials considered.

He came to appreciate the media has created a humanitarian feelings can build its own සොයාගෙනය.

It would crash if indeed he covered the නිපදනවන foreign helicopters template designed properly.
We have been told that before they made the helicopters are expected to show the public that they Mahesh Bandara domestic or foreign agencies that have a sponsor to help.

Who made us more about the design of their Mahesh Bandara say.

My dear wife showed me a great support for my efforts Sudharma Priyadarshini. I even made the ten-foot venue launches, giving an all Accessories are restored. I tried all elements needed to build it himself. For steel, mechanical parts and motorcycle parts and automobile engine framed then used accessories.

I expect to get a patent for the invention of my products. I go there, I made the officers in the helicopter, they were informed Colombo office issued patent. Then you asked me that officials studied Engineering, University of Moratuwa and engineering examination of? Says.

I spent the money earned දුක්මහන්සියෙන් daily. I asked my design values ​​or foreign institutions to help me. I even have the ability to produce any kind of automatic weapon fire. But I do not do anything extra. I want to make my products according to the legal community well-being.

I want to help local or foreign institution or Sri Lanka Air Force Engineering or give me help if I can make a successful design.

I just BLUEprint media. I'm here to tell the world about the country only media. Therefore, I urge you, I beg talents county's tell the world all about performance of Sri Lankans.

Mahesh Bandara, a resident of Kandy Thalwita No. 7/151 is his email address and phone number 072-8413677වන mahesh.prabath@gmail.com said Mahesh says a determination that boldly stated that his efforts to bring his flying helicopters made their only desire. But his work "law" to say that crossing.

Attention should be drawn to support these courageous young අධිෂ්ඨානශීලි government.

Millions of rupees industrial output shows that an effective propaganda arm to offer some of the spending of public money, state officials such a way to hoist the Sri Lankan high esteem.

If bulletproof helicopter making his next Mahesh Bandara said that it wants to resolve the essential engineering and Accessories are designed to support the government or security or foreign or domestic, or coming forward, he said that they are launching their new products.

We saw that දැකගත්තෙමු has every essential aspect must be demonstrated to the helicopter, airplane and helicopter engaged in by Mr. Mahesh Bandara.

We are also pleased to introduce Lankadeepa aback that this man අත්විතීය talent for readers. Mahesh Bandara said that his only intention was very modest as they made it impossible not to disclose the helicopter lifted up the dignity of the Sri Lankan International to provide Sri Lankans.


Source - Lankadeepa Web site http://www.lankadeepa.lk/index.php/articles/299363

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews