POSTED ON Thursday, February 26, 2015| | Edit Post
Untitled-1රජ කාලයේ සිට  ඇස් කණ්ණාඩි සෑදීමට ප්‍රසිද්ධියක් උසුලන දියතරිප්පු පරම්පරාවේ අනාගතය අවින්ශ්චිත බවට පත්ව ඇතැයි ඔවුන්ගේ 8 වැනි පරම්පරාවේ  ගුණසෝම මහතා කියයි.
මහනුවර, පිළිමතලාවේ, කහඹ, අංක 180 පදිංචි ගුණසෝම මහතා දියතරිප්පු පරම්පරාවේ අවසන් පරම්පරාව බවට පත්ව ඇත. මෙම කර්මාන්තයට කිසිදු රජයකින් අනුග්‍රහයක් ලැබී නැතැයි ඒ මහතා සඳහන් කරයි. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් හෝ ජාතික ශිල්ප සභාවෙන් හෝ මෙම පාරම්පරික ඇස් කණ්ණාඩි කර්මාන්තය  වැඩි දියුණු කිරීමට සහයක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා තම දරුවන්ද ඒ හේතුවෙන් කර්මාන්තය ඉගෙන ගැනීමට අකමැත්තක් දක්වන බව පෙන්වා දෙයි.
රත්නපුර වැනි ප්‍රදේශවලින් හමුවන දියතරිප්පු නමැති ගල් විශේෂය අත් යන්ත්‍රයක


ආධාරයෙන් කණ්ණාඩි පලු දෙකක් ආකාරයට කපා කණ්ණාඩි සෑදීම සිදු කෙරේ. එසේ සකසා ගැනීමට පැය 4 ක පමණ කාලයක් ගතවන බවද ගුණසෝම මහතා පවසයි. කපාගත් දියතරිප්පු කැබලි ඉටිවලින් සාදා ගත් ගලක අලවා ගෙන කණ්ණාඩිය අවශ්‍ය පුද්ගලයාගේ වයස අනුව මහනුවර උඩවල ප‍්‍රදේශයෙන් ලැබෙන රිදි තිරිවානා ගල් විශේෂයක් මත සුමටව මැද ගන්නේ ඇස් කණ්ණාඩිය අවශ්‍ය පුද්ගලයාගේ වයස අනුවය. තිස් ඇඳිරිය, හතලිස් ඇඳිරිය, හැට ඇඳිරිය වැනි වයස් කාණ්ඩවලට අනුව ඇති රිදී තිරිවානා ගල් වලින් සාදා ගත් උත්තල අවතල වැනි පෘෂ්ට මත සුමටව මැදිමෙන් එය සිදු කිරිමටද පැය ගණනාවක් ගතවන බව ගුණසෝම මහතා පවසයි.
ඉන් පසු මැදගත් කණ්ණාඩිය කටු එරබදු ලීයකින් සදාගත් පවුඩර් එකක් දමා පැය තුන හතරක් පමන උලා ගත යුතු බවත් එයට එළියෙන් වැටෙන ආලෝකය වැටෙන තෙක්ම පොලිස් කිරිමක් කළ යුතු බවද ඉන් පසුව එම ඔප දමා ගත් කණ්ණාඩිය ඇස් කණ්ණාඩි රාමුවකට සවි වන ප‍්‍රමාණයට එනතෙක් ගා ගත යුතු බවද ඔවුනගේ පැරණි මුතුන් මිත්තන් එම කණ්ණාඩි රාමු සාදා ගත්තේ හරක් අං වලින් බවත් පැවසීය. එයට සවිවන ලෙස ගා ගත් කණ්ණාඩිය රාමුවට සවි කිරිමෙන් පසු එම කණ්ණාඩියේ වැඩ අවසන් වේ.
ජලයෙන් නිර්මාණය වන මෙම ගල් විශේෂය සහිත කණ්ණාඩි පැළඳවීමෙන් ඇසේ සුද නැති වී යන බවත් ඒ මෙම ගල් වල ඇති සිසිලස ඇස් වලට ලැබීම බවද දැන් මිනිසුන්ට ඇතිවන හිසරදයට දියතරිප්පු ගල් වලින් සැදු උපැස් යුවලක් පැළඳවිමෙන් සුවවූ බව එවැනි රෝගීන් තමාට ස්තූති පූර්වකව එවන ලිපිවල සඳහන් කර ඇතැයි ගුණසෝම මහතා කියයි.
4 වැනි බුවනෙකබාහු රඡුගේ අගමැතිව සිටි සේනාධිලංකාර සෙනවියාගේ මුලිකත්වයෙන් ඉදිවූ මහනුවර උඩුනුවර ලංකාතිලක විහාරයේ නිර්මාණ කටයුතු කර ඇත්තේ ස්ථාපතිරායර් නමැත්තකු විසිනි. 4 වැනි බුවනෙකබාහු රජතුමා එහි ඇති සියුම් කැටයම් නැරඹීමට නොහැකි වු නිසා ස්ථාපතිරායර් නිර්මාණකරුවා දියතරිප්පු ගල් වලින් හා හරක් අගක් භාවිතා කර උපැස් යුවලක් සාදා රජුට දුන් පසු ඉතා පැහැදිලිව විහාරයේ සියුම් කැටයම් හොඳින් බැලිමට රජුට පුර්ණ පෙනීම ලැබී ඇතැයි ඉතිහාසයේ කියැවේ. ඉන් සතුටට පත් 4 වැනි බුවෙනකබාහු රජතුමා මොවුනට කිරිවවුල ප‍්‍රදේශයෙන් සන්නසක් මාර්ගයෙන් ඉඩම් අමුනු පහක් ලබාදි ඇතැයිද රජුගේ ඔටුන්නට මැණාකද නිර්මාණය කර ඇත්තේ මෙම නිර්මාණකරුවා බවත් එතැන් සිට මෙම දියතරිප්පු පරම්පරාව ආරම්භ වු බවත් ඉතිහාසයේ සඳහන් බව ගුණසෝම මහතා සඳහන් කරයි.
ලංකාවට පැමිණි වේල්ස් කුමාරයාද ගුණසෝම මහතාගේ පියාගේ (සියදෝරිස්හාමිගේ) දස්කම් දැක සම්මානයක්ද පිරිනමා ඇති බවත් මාලදිවයින් ජනාධිපති පේරාදෙණිය සරසවිය හා උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණි අවස්ථාවේදී සියදෝරිස්හාමි මැණිකක් ලබා දී එය ඔහුගේ දෑතින්ම තමාගේ මුදුවට ඔබ්බවා ගත් බවත් ජපන් ජාතික චිත‍්‍රපට අධ්‍යක්ෂක ටුකු සේ මුන්ඩේ තම චිත‍්‍රපටය සදහා ගම්මානයක් සොයද්දි අහම්බෙන් සියදෝරිසහාමිව මුණ ගැසුණු අවස්ථාවේදී ඉස්තරම් වර්ගයේ උපැස් යුවලක් පැලද සිටියත් සියදෝරිස්හාමි දුන් උපැස් යුවලින් දැසට ලැබුන සිසිලස නිසා පැලද සිටි ඉස්තරම් උපැස් යුවල පසෙක දමා සියදෝරිස්හාමි දුන් උපැස් යුවලට ඉහල තැනක් ලබා දි ඇතැයිද ඉතිහාස වාර්තා පෙන්වා දෙයි. සියදෝරිස්හාමි මහතා 1991 මැයි 25 වැනි දින 8 වැනි දින මෙලොවින් සමුගෙන ඇත.
මෙම කර්මාන්තයට අවශ්‍ය දියතරිප්පු ගල් වර්ගය එම පතල් වලින්ම මිලට ගන්නට හැකි වුවත් අතර මැදියන් හට එය යාමෙන් දෙගුණයක පමණ මුදලක් ගෙවන්නට සිදු විම හේතුවෙන් මෙම ඇස් කණ්ණාඩි සාදා ජීවිකාව ගෙනයන ගුණසෝම මහතා තම මව බිරිඳ, නැගණිය හා දරු තිදෙනා රැක ගැනිමට මහත් වෙහසක් ගන්නා බව කියයි.
මෙම කර්මාන්තය දියුණු කර ගැනිමට නව යන්ත‍්‍ර සුත‍්‍ර මිලදි ගැනිමට වත්කමක් නොමැති විමත්, මෙම කණ්ණාඩිවලට අමතරව මොහු විසින් නිර්මාණය කරන චුඩා මානික්‍යයන් වෙනත් විදුරු වලින් නිර්මාණය කර වෙළඳපොළට පැමිණීමත ඔවුනට ගැටළුවක් වී ඇත. එමෙන්ම තම දියතරිප්පු පරම්පරාව සොයා පැමිණෙන්න් මුළාකර එම පරම්පරාව වර්තමානයේ නැතැයි කියමින් හරවා යවන පිරිස්ද ඇතැයි ගුණසෝම මහතා කියයි.
දිවයිනේ චෛත්‍ය ගණනාවක චූඩා මාණික්‍ය සාදා ඇති දියතරිප්පු පරම්පරාව මෑතකදි සිසුනට මෙම ශාස්ත‍්‍රය ලබා දිමට කුඩා අධ්‍යාපන ශාලාවක් ඇරඹීමට සූදානම් වුවද ඒ සම්බන්ධයෙන්  පිළිතුරක් තවමත් නොලැබුණු බවද ගුණසෝම මහතා පැවසීය.
Text source : Lankadeepa.lk


Untitled-1 from the time of King's eyes become අවින්ශ්චිත future generations දියතරිප්පු famous glasses that make their 8th generation Gunasoma said.
Kandy, Pilimatalawa, කහඹ, No. 180, has been a resident of Gunasoma last generation දියතරිප්පු generation. The industry has not received any government that favors said. Industry Department and the National Crafts Council, or the lack of improvement in this traditional eyeglass industry pointed out that it was reluctant to give their children learn as a result industry.
Species found in such දියතරිප්පු hands of stone machine Ratnapura



Making glasses are way off in two glasses rash. About 4 hours to set a time frame so that Gunasoma said. දියතරිප්පු waxes made from stone cut and pasted to a mirror to the right person quartz silver from the age-old from Kandy ETH person to do sight Middle flowing stone species. Thirty curfew, forty curfew, silver quartz flowing through the concave surfaces of the convex lens made from stone age group of sixty-time curfew track it Gunasoma said that a number of hours.
Cover timber and iron mirror shell powder is then allegedly put about three to four hours until the police briefly grazing should be added after the fall of the light that falls outside the polished mirror eyeglass frame to fit the size and waiting to be taken that their old G horned cattle, said the ancestors of the frames was made. The G apiece from being a mirror frame in the mirror after the work is completed.
The rock formation is a special cataract glasses of water pinned and that it has not received the stones of the Cooling eyes that are caused by people headaches දියතරිප්පු jagged rocks that line the specs පැළඳවිමෙන් such cases mentioned in letters that he gratefully thank Mr. Gunasoma said.
4 Buwanekabahu රඡුගේ prime Senalankadhikara invasion revision work of Kandy built ස්ථාපතිරායර් has been named by virtue Lankathilake. 4 Bhuvanekabahu alleged history of its delicate carvings can see that the designer ස්ථාපතිරායර් දියතරිප්පු stones and beef tufted using specs King made it clear that the tiny temple carved a taste better king full sight. The happy 4th King Buwenakabahu given land through the barrage of five Olympic is a binding Charter area had been designed by the designer that මැණාකද's ඔටුන්නට Gunasoma said that the history of the generations since the start දියතරිප්පු.
Prince of Wales's father Gunasoma arrivals (සියදෝරිස්හාමිගේ) saw the award presentation skills that the Maldives is a jewel in the සියදෝරිස්හාමි when he visited the University of Peradeniya Botanic Gardens and hand-Japanese film director for his film Tucuna as debunking the walled village that was studded his gifting සියදෝරිසහාමිව met by chance at a stunning specs wear glasses, but it turns out that the සියදෝරිස්හාමි දැසට Cooling receive the best specs wear glasses that සියදෝරිස්හාමි The couple had left behind a high place in history reports. සියදෝරිස්හාමි has weighed on the 8th day of May 25, 1991.
The industry needs to buy ourselves දියතරිප්පු stones, but the miners made a living carrying the spectacles Gunasoma said through his wife, a mother, due partially to pay twice as much as it is going, and to protect children, sister and said that the great angry.
The industry is hoping the new machinery has been developed without the larger asset purchase price, in addition to the mirror, he has created a problem for them චුඩා මානික්යයන් coming from other power market design. He also said that the battle turned Gunasoma saying that the present generation to deceive generation coming into its දියතරිප්පු.
The recent generation of students to observe the academy දියතරිප්පු made several priceless monument crest of the island, but the answer is still prepared to start a small jewel of Education found that Gunasoma said.
Text source: Lankadeepa.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews