POSTED ON Friday, August 28, 2015| | Edit Post
ශ්‍රී ලංකාවේ පිරිසක් විසින් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම රථය අනතුරු වලට ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව පවත්වන ලද තත්ත්ව පරීක්ෂණයද සාර්ථක වී ඇතැයි බවයි පැවසෙන්නේ. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති මොටර් රථ ප්‍රදර්ශනයට මෙම ත්‍රිරෝද රථය ඉදිරිපත්කර තිබුණා.

මෙම ත්‍රිරෝද රථයේ වැසිය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වේ. ත්‍රිරෝද රියේ නිෂ්පාදකයා වන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ත්‍රිරෝද රථ අමතර කොටස් ගෙන්වීමේ ව්‍යාපාරයේ යෙදී සිටින දිල්මා ඔටෝ ට්‍රේඩින් සමාගමයි. එහි අධ්‍යක්ෂ ලසිත් චන්දිම මහතා අප සමග පැවසුවේ තම සමාගම මුලින් බලාපොරොත්තු වූයේ මෙරටදී මෝටර් රථයක් නිපදවීම බවයි.

"අපි දිගු කලක් තිස්සේ අමතර කොටස් හදන සමාගම් හඳුනනව. ඒ අයගෙන් කොටස් ගෙන්වල තමයි ත්‍රිරෝද රථයේ එන්ජිම ඇතුළු නෙකුත් උපාංග නිපදවූවේ." ලසිත් මහතා පවසනවා.

මෙම ත්‍රිරෝද රථය පණගැන්වීම දුරස්ථපාලකයක් මගින් ද කළ හැකි වනවා. ත්‍රිරෝද රථයකට පළමු වරට ටියුබ්ලස් ටයර් භාවිත කිරීමේ හැකියාවද මින් හිමිවනවා. අනතුරකදි රියදුරුගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක උපක්‍රමද අනුගමනය කර ඇති බවයි නිෂ්පාදන සමාගම පවසන්ෙන්. ඒ අනතුරකදී රථය පිටුපසට විසි වෙන අයුරින් නිපදවා තිබීමය. 

බැටරියෙන් දුවන සහ හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීම තම ඉදිරි බලාපොරොත්තුව බව ලසිත් මහතා පවසනවා. අඩු ආදායම් ලභීන්ට ගැලපෙන මොටර් රථය නිපදවීමේ සිහිනයද ඔවුන් අත්හැර නැත.

- See more at: http://offair.nethfm.com/article/25134#sthash.NXimJARu.dpuf


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews