POSTED ON Saturday, August 15, 2015| | Edit Post
ලෝකයේ ලාබාල සිසුන් අතරින් ලෝක වාර්තා පිහිටුවීම සඳහා දක්‍ෂ සිසුන් බිහිවන්නේ ඉතා කලාතුරකිනි. මෙතෙක්‌ ලෝක ආවර්තිතා වගුවේ මූල ද්‍රව්‍ය 118 ම මතකයෙන් කිවහැකි ළාබාලම තැනැත්තා වශයෙන් ලෝක වාර්තාවක්‌ පිහිටුවූයේ ඉන්දියාවේ දරුවෙකි. ඔහු ශ්‍රී නිවාස හරිහරන් අග්යර් නමින් හඳුන්වන අවුරුදු 05 මාස 07 ක්‌ වයසැති දරුවෙකි. ඔහු එම තත්ත්වයට පත්ව ඇත්තේ වර්ෂ 2012 අගෝස්‌තු 20 වැනි දිනදීය.

එම වාර්තාව බිඳ හෙළමින් වර්ෂ 2015 මැයි 29 දා වයස අවුරුදු 05 මාස 06 ක්‌ වූ අපේ රටේ කඩවත සූරියපාළුව කනිෂ්ඨ විද්‍යාලයේ 1 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉන්ද්‍රජිත් සුභාෂ්වර කරුණානායක සිඟිත්තා ආවර්තිතා වගුවේ අඩංගු මූල ද්‍රව්‍ය සියල්ල මතකයෙන් නිවැරදිව ඉංග්‍රීසියෙන් කිවහැකි ලොව ළාබාලම තැනැත්තා බවට පත්ව ඇති බව ලෝක වාර්තා ඇගයීමේ හා වාර්තා කිරීමේ (රෙකෝඩ් සෙටර්) ඇමෙරිකන් ආයතනය සනාථ කර ඇත.

මේ තරගය සඳහා ප්‍රභාගේ අයදුම් පත්‍රය ඔහුගේ පියා විසින් අන්තර්ජාලය ඔස්‌සේ ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2015 මැයි මස 09 වැනි දින දීය. අන්තර් ජාලයේ ගූගල් සේවාවෙන් ඉන්ද්‍රජිත් සුභාෂ්වර කරුණානායක නමින් ඉල්ලූ විට ඔහුගේ සියලු තොරතුරු ලබාගත හැකි බව පියා පැවැසීය.

"ලෝක වාර්තා ඇගයීමේ හා සටහන් කිරීමේ අමෙරිකානු ආයතනය වන රෙකෝඩ් සෙටර් (Reජදරා Seඑඑeර) ආයතනය විසින් අධ්‍යාපනික හා බුද්ධිමය වාර්තා අතර ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව දැන් ශ්‍රී ලංකාව සතුය".

කඩවත සූරියපාළුවේ දී වර්ෂ 2009-10-23 දින උපත ලැබූ ඉන්ද්‍රජිත් සුභාෂ්වරගේ පියා පරිගණක ඉංජිනේරුවරයකු වූ කාමින්ද කරුණානායක වන අතර මෑණියන් වන මෙලානි ද සිල්වා මහත්මිය වරලත් ගණකාධිකාරිවරියක්‌ ලෙස සේවය කරයි.

බහ තේරෙන වයසේ සිටම ලෝකයේ විවිධ රටවල් පිළිබඳ අදහස්‌ දක්‌වමින් පියාගෙන් ඒ පිළිබඳ නිතර නිතර විස්‌තර විමසන්නට වීම නිසා ඉන්ද්‍රජිත් පුතුට මාස 8 දී අකුරු කියවීමට සිදුවූ බැව් පියා පැවැසීය. ඉන් අනතුරුව සිංහල මෙන් ඉංග්‍රීසි බස පිළිබඳ ඉගෙන ගත් ඔහු කැන්දලියෑද්දපාළුව මලිති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්‌ථානයට ඇතුළත් කරනු ලැබීය. ජී. රත්නකාන්ති පෙරේරා ගුරු මාතාව යටතේ ළදරු පාසලේ ඉගෙනුම ආරම්භ කළ ඔහු වසර අවසානයේ පැවැති සිඟිති දස්‌කම් ඉදිරිපත් කිරීමේ ප්‍රදර්ශනයේ දී විදුලි මෝටරයක්‌, දුරේක්‍ෂයක්‌ සූර්ය ග්‍රහ මණ්‌ඩල ආකෘති ඉදිරිපත් කරමින් ඒවා නිපදවන ආකාරය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ විස්‌තර කළ අයුරු නරඹන්නන් මවිත කරන සුලු විය. මේ සියල්ල වීඩියෝ දසුන් මගින් දැක බලා ගැනීමට අවස්‌ථාව අපටද උදාවිය.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews