POSTED ON Sunday, September 11, 2016| | Edit Post
විද්‍යුත් උත්පාදක, විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේන් පසු ඇතිවන වෝල්ටීයතා අඩු වැඩිවීම වළක්වා ගැනීම සඳහා “සුහුරු පරිණාමක“ පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් ආයතනය එක්ව නිර්මාණය කර තිබේ.
‘සුහුරු පරිණාමක‘ මගින් කෙරෙනුයේ සූර්ය පැනල, විද්‍යුත් ජාලකරන සහ විද්‍යුත් උත්පාදක අපගේ විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේදී වෝල්ටීයතාව ප‍්‍රමිතියට අනුව 216 ත් 244 ත් අතර අගයක පවත්වා ගැනීමයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මඟ පෙන්වීම යටතේ ලෝචනා විජේරත්න සිසුවිය විසින් මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කෙරිණි.

සූර්ය බල පද්ධති මගින් නිපදවන ජවය කාලත් සමඟ වෙනස් වෙනවා. ඒ නිසා බෙදා හැරීමේ ජාලයේ වෝල්ටීයතාව අඩු වැඩි වෙනවා. විශේෂයෙන් සූර්ය බල පද්ධති රාශියක් ඇතිවට දවල් කාලයේදී වෝල්ටීයතාව වැඩි වෙන්න පුළුවන්. වෝල්ටීයතාව 244 ට වඩා වැඩිවුව හොත් ඒ හා සම්බන්ධවන උපකරණවලට හානිදායක වෙනවා. ඒ වගේම වෝල්ටීයතාව අඩුවුව හොත් උපකරණ ක‍්‍රියාකරන්නේ නැතිවෙනවා. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන ප‍්‍රමිතියට අනුව ඒකීය අගයක පවත්වා ගත යුතුයි යන අදහස මට ආවා. ඒ අනුව මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කරන්න හැකිවුණා.
මෙය පසුගියදා බත්තරමුල්ලේ පැවැති විදුලි හා විද්‍යුත් පර්යේෂණ ව්‍යාපෘති සම්මේලනයේ කැපී පෙනෙන නිර්මාණයක් වුණා. මෙය අනාගතයේදී විද්‍යුත් පද්ධති ‘සුහුරු පද්ධති‘ බවට පත්කිරීමට අත්‍යවශ්‍ය අංගයක් වේවි යැයි මා සිතනවා.

මෙම සුහුරු පරිණාමකය ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරතාව රැකගැනීමටත් ඉවහල් වෙනවා වගේම විදුලිබල පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 50 ක් රඳවා ගැනීමට හැමවිටම උත්සාහ කරනවා. එහෙත් සූර්ය බල හා අනෙකුත් පුනර්ජනනීය පද්ධති අධික ලෙස ඇති විට ඒවායේ ජවය විචල්‍ය වන විට විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස් වෙනවා. එබැවින් විදුලිබල පද්ධතියේ උත්පාදනය කරන විදුලි ප‍්‍රමාණය හා පරිභෝජනය කරන විදුලි ප‍්‍රමාණය අතර පවතින සමතුලිතතාව පවත්වා ගැනීමට අපහසු වෙනවා. එවැනි අවස්ථාවලදී සමතුලිතතාව පවත්වාගැනීමටත් උචිත අයුරින් පරිභෝජනය කරන විදුලි ප‍්‍රමාණ වෙනස් කිරීමටත් මෙම සුහුරු පරිණාමකයට හැකිවෙනවා යැයි ලෝචනා පැවැසුවාය.





උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/456556

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews