දස අවුරුදු සැළැස්ම පිළිබඳව කෙටියෙන්
==========================
මොකක්ද මේ Back to Green 

ලෝකයම දිනෙන් දින උනුසුම් වෙනව. මිනිස්සු එදිනෙදා වැඩවලින් හෙම්බත් වෙලා. පරිසරය සතා සීපාව ගැන හිතන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ දැන් හරිම කාර්ය බහුලයි. ඉතින් WildREACH අපි හිතුව මිනිස්සුන්ගේ ජීවන රටාව වෙනස් කරනවට වඩා පරිසරයට මිනිසාගේ ඇති බැඳිම වැඩි කරන්නත් එක්ක පරිසර හිතකාමී මිනිස් පවුරක් බිහිකරන ක්‍රමවේදයක් ඒ කාර්ය බහුල ජීවන රටාවට එකතු කරල එදිනෙදා වැඩ කොටසේම එක අංගයක් විදියට පරිසරයට මිනිසා ලං කරන්න.

ඒ සිතුවිල්ලේ එක් අදියරක් තමයි මේ ව්‍යාපෘතිය.
දැක්ම
-------
එන්න. අපි ලෝකයටම හුස්ම දෙමු.

අරමුණු
---------
ලොව පුරා රුක් රෝපනය
වන සංහාරයට එරෙහි වීම
වන රෝපනය
පරිසර ගැටලු වලට ඍජුව මැදිහත් වීම
සත්ව සංරක්ෂණය

සිටුවන ශාක
--------------
දේශීය හෝ ආවේණික ශාක
තර්ජිත හා දුර්ලභ ශාක
සතුන් සඳහා වාසස්ථාන ලබා දෙන ශාක
දැව හෝ සෙවන දෙන ශාක
ඔසු පැල
ආහාර, පළතුරු හෝ වෙනත් වටිනාකමකින් යුත් ශාක

ස්ථාණීය සුදුසුකම්
--------------------
සිටුවන ශාක විශේෂ අදාල පරිසර තත්වයන්ට ගැලපෙන ශාක විය යුතුය

සිටුවන ශාක පිළිබඳව වගකීම
-----------------------------------
ව්‍යාපෘතිය යටතේ සිටුවන සෑම පැළයක්ම රැක බලා ගැනීම සහ එහි වගකීම ඉදිරි වසර 10ක් පුරාවට අප භාර ගන්නෙමු

Back to Green රුක් රෝපනය
-------------------------------------
කාලීන වැඩසටහන් - මේ ඔස්සේ වර්ශය පුරාම විවිධ සංස්කෘතික හා දේශීය සිදුවීම් පාදක කොටගෙන ඊට අදාලව රුක් රෝපනය සිදු කිරීමට මහජනතාව දැනුවත් කිරීම හා පෙළඹවීම සිදු කරනු ලබයි.
උදාහරනයක් ලෙස පොසොන් පොහොය නිමිති කරගෙන අඹ පැල සිටුවීම දිරි ගැන්වීම

මාසික රුක් රොපන වැඩසටහන් - මේ යටතේ සෑම මාසයකම දිවයිනේ කිසියම් ස්ථානයක රුක් රෝපන වැඩසටහනක් සිදු කිරීම

Back to Green අභියෝගය - සමාජ ජාල මගින් රුක්රෝපණය ප්‍රවර්ධනය සඳහා අභියෝගයක් ලෙස ව්‍යාප්ත කිරීම.

Back to Green අධ්‍යාපන වැඩසටහන් - මේ යටතේ විවිධ ජන කොටස් නියෝජනය වන පරිදි පාසැල් සිසුන් දැනුවත් කිරීම, පුසිද්ධ දේශණ, විවිධ මාධ්‍යයන් ඔස්සේ රුක් රෝපනය ප්‍රවර්ධණය කිරීම අදිය සිදු කරයි
Back to Green පැල තවාන් - සාමාජිකයින් විසින් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පැල වර්ග වගා කිරීම සහ මෙම වැඩසටහනට සක්‍රීයව දායක වීමට කැමති පාර්ශවයන් ද දායක කර ගැනීම මගින් පැල තවාන් ඇති කර ඒවා විවිධ අවස්ථාවන් හිදී රෝපනය කිරීම

පසු විපරම් මූලෝපාය
-------------------------
- ව්‍යාපෘතිය යටතේ සිටුවන සියලුම පැල පිළිබඳව ස්ථානීය ව රැක බලාගැනීමට වගකිවයුතු පද්ගලයෙක් නම් කරනු ඇත.
- සෑම මාස 3කට ම වරක් අපි විසින් සිටුවන ලද පැල පිලිබඳව පසු විපරමක් කරනු ඇත.
- සෑම පැලයකම ඡායාරූපයක් සහිත සියලු තොරතුරු GIS දත්ත පද්ධතියකට ඇතුලත් කරනු ඇත

Back to Green GIS දත්ත පද්ධතිය
------------------------------------------
මෙය 2017 අගෝස්තු මාසයේ සිට සියලුම දෙනාට නැරඹිය හැකි පරිදි වෙබ් අඩවියට ඇතුලත් කරනු ඇත. එමගින් ව්‍යාපෘතිය යටතේ සිටුවන සියලුම පැල වල තොරතුරු ඔබේ ජංගම දුරකතනවෙන් හෝ පරිගණකයෙන් ලෝකයේ ඕනෑම තැනක සිට දැක ලබාගත හැකිවනු ඇත.

අපට උදව් කරන්න
----------------------
අප විසින් කරන මේ සත්කර්යය ට මිනිසුන් වශයෙන් ඔබ සැමගේ ශක්තිය අනිවාර්යයෙන් ම අපේක්ෂා කරන්නෙමු. ඒ සඳහා ඔබත් දායක වන්න.

වැඩසටහන් සංවිධානය
---------------------------
ඔබ ප්‍රදේශයේ, ආයතනයේ, සංවිධානයේ හෝ ඕනෑම ස්ථානයක රුක්රෝපන වැඩසටහනක් සංවිධානය කරන්න. ඒ සඳහා අපටත් ආරාධනය කරන්න. පුලුවන් මට්ටමින් පැලත්, ශ්‍රමයත් අරන් අපි එන්නම් එතනට.

ආධාර
--------
ඔබට අප හා එක්වීමට අවස්තාවක් නැතිනම් අප වෙත පැල, පැල තවාන් සෑදීම සඳහා අවශ්‍ය පහසුකම්, ඊට අවශ්‍ය අනෙකුත් උපකරණ ලබා දීම හෝ ඊට මූල්‍යාධාර සැපයීම කල හැකිය

* ආයතනික මට්ටමින් අප සමග සම්බන්ධවී කටයුතු කිරීමට අවශ්‍යනම් email මගින් අමතන්න.
අප අමතන්න 
+94 71 8085090
WildREACH Trust

අප සංවිධානය 2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සඳහා විවිධ අයුරින් දායක වී ඇත. ඒ පිළිබඳව www.wildreach.com වෙබ් අඩවිය ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබාගන්න.


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews