POSTED ON Thursday, December 8, 2016| | Edit Post



කංචායුධ, මිල සහ pre-release review
කංචායුධ ගේම් එකේ මිල, නිර්මාණය කරන්න භාවිතා කල තාක්ශණය සහ pre-release review එක


කංඡායුධ යනු? | What is Kanchayudha?

වැඩි විස්තර හා චායාරුප - https://goo.gl/obAUSZ

කංඡායුධ , අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා  ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි.

මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය.

කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads වශයෙන්ද, ඉන් පසු වීඩීඩී හරහාද නිකුත් වන අතර, ඉදිරියේදී මැක් ඕඑස්, ප්ලේස්ටෙශන් 4 සහ එක්ස් බොක්ස් වන් සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්) ද, වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

වැඩි විස්තර හා චායාරුප - https://goo.gl/obAUSZ

SL App Store අලුත් ලොව අපේ දේ එකම තැනකින්....
අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න - www.slappstore.com.lk
අපේ රටේ දේවල් අගය කරනවා නම් SL App Store - ගන්න දේශීය දේ Ganna Deshiya De .පහල Link එක Click කර අපව Like කරන්න.මෙය share කර යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍රී ලාංකිකයෙකු වන්න..... www.facebook.com/gddslappstore

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews