POSTED ON Tuesday, April 21, 2015| | Edit Post
ටැක්ටර් 40 ක් සිය ඇඟ මතින් ධාවනය වෙන්නට සළස්වා පොළොන්නරුවේ ශාන්තිපුර තරුණයෙක් අද ලෝක වාර්තාවක් තැබීමට කටයුතු කළේය.

වයස අවුරුදු 26 ක් වන මෙම තරුණයා සිදු කළ මෙම ක්‍රියාව පටිගත කර ලෝක ගිනස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබුණි.

වාර්තාවට අනුව ටැක්ටර් 40 ක් විනාඩි 19 යි තත්පර 54 කදී සිය ඇඟ උඩින් ධාවනය කරවීමට හැකි විය.

පියුම් ලක්මාල් නැමැති මෙම තරුණයා සිය මිය ගිය කරාතේ ගුරුවරයා වන සේනක බණ්ඩාර මහතාට උපහාරයක් ලෙස මෙම ක්‍රියාව සිදු කළ බවයි සඳහන් කළේ. ඔහුගේ අනාගත බලාපොරොත්තුව ඉදිරියේදී ලාබාලතම ශක්තිවන්තයන් 10 දෙනා අතරට සිය නමද එක් කර ගැනීමට කටයුතු කිරීම බවත් සඳහන් කළේය.




එම වීඩියෝව පහතින් නරඹන්න…

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews