POSTED ON Wednesday, April 22, 2015| | Edit Post
කිසිදු සිංහල බෞද්ධ දරුවකු නොමැති
ලංකාවේ එකම දහම් පාසල මහින්දාලංකාරය


ඡේ. ඒ. ජයකොඩි - මනම්පිටිය


නැගෙනහිර පළාතේ වාලච්ෙච්න මයිලන්කරච්චි ගම්මානයේ සිටින මුස්‌ලිම්, දමිළ ජනතාවගෙන් වටවී ඇති එකම කුඩා පන්සල වන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්‌ථානය වසර ගණනාවක සිට පැවත එන බෞද්ධ පන්සලයි.

එහෙත් කිසිදු ස්‌වාමීන් වහන්සේ නමක්‌ වැඩසිට නොමැති මෙම බෝධිරාජාරාමයට 2013 වසරේ වැඩම කළ කටුගස්‌තොට මහින්දාලංකාර හිමියන්ගෙන් ආරම්භ කළ මහින්දාලංකාර නමින් දහම් පාසලක්‌ ආරම්භ කළේ උන්වහන්සේගේ තිබූ උත්සාහයෙනි.

දහම් පාසලට සිංහල බෞද්ධ දරුවන් ඇතුළත් විය යුතු වුවද කිසිදු සිංහල බෞද්ධ දරුවකු අහළ පහළ නොමැති කමින් සිය කැමැත්තෙන්ම හින්දු ආගම අදහන දමිළ බස කතා කරන දමිළ දරුවන් කිහිප දෙනකුගෙන් පසුගිය වසරේ (2014) ආරම්භ කළ මෙම දහම් පාසලේ මේ වනවිට දමිළ දරු දැරියන් 54 දෙනකු ඉතා හොඳින් පන්සිල්, ගාථා කියමින් සෑම පෝය දිනයකම සිල් සමාදන්වී ධර්ම දේශනාවලටද සහභාගිවීම විවිධ භාෂාවන් හා විවිධ ආගම් අදහන සියලු දෙනාට ලබාදෙන්නේ ඉමහත් පණිවිඩයකි. සිංහල භාෂාව, දැනුම ඇති මෙම දහම් පාසලට යාබද නිවසේ පදිංචිව සිටින දහම් පාසලේ දරුවන්ට දහම් දැනුම ලබාදෙන ගුරුතුමිය වන එච්. එල්. සිසිලියා (56) මහත්මිය මෙසේ පැවැසුවාය.

මේ පන්සල මගේ තාත්තා 1948 කාලෙ ඉඳලා දියුණු කරන්න කටයුතු කළා. බෝධිය හිටෙව්වේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ. යුද්දෙ තිබෙනකොට මේ පළාතම පාළුයි. ඒ දවස්‌වල අපි පන්සල රැකගත්තා. නමුත් පන්සලේ කිසිම හාමුදුරුනමක්‌ වැඩ සිටියෙ නැහැ. 2013 දී තමා මේ අපේ කටුගස්‌තොට මහින්දාලංකාර හාමුදුරුවො වැඩියේ. උන්වහන්සේ හරිම උනන්දුයි. අපට ලොකුම ශක්‌තියක්‌. මට ටිකක්‌ සිංහල පුළුවන්. මේ දහම් පාසල පටන්ගත්තට සිංහල බෞද්ධ ළමයි නැහැ.

ඉතිං මම දෙමළ ළමයින්ට ගාථා, පන්සිල්, දෙමළෙන් සිංහලෙන් තේරුම් කරලා දෙනවා. දෙමළෙන් ලියාගෙන පාඩම් කරලා. දැන් ළමයි හරිම දියුණුයි. ඉරිදට දහම් පාසල් එනවා. හැම පෝයම සිල් සමාදන් වෙනවා. ළමයින්ට සිංහලත්, බුදු දහමත් වැටහෙනවා. දෙමව්පියො හරිම කැමැත්තෙන් ළමයින් එවනවා. එයාලා පන්සලටත් උදව් කරනවා. මට තනියෙන් උගන්වන්න බැරි නිසා තවත් දෙමළ ගුරුවරියන් දෙන්නෙක්‌ අරගෙන දහම් පාසලේ උගන්වනවා. මගෙ ඉඩමෙන් අක්‌කර 1/2 ක්‌ පන්සලට දුන්නා.

මම හිතන්නේ අපේ මේ පන්සලෙන් රටටම හොඳ පණිවුඩයක්‌ දෙන්න පුළුවන්. මේ වගේ සමගියෙන්, සමාදානයෙන්, හැමෝම තම තමන්ගේ ආගමට, භාෂාවට ගරුකරනවා නම් කිසිම දවසක ජාතීන් අතර මතභේද, ආරවුල් ගැටුම් ඇතිවෙන්නෙ නැහැ. දෙමළ ළමයින් ඉගෙන ගන්න, දෙමළ ගුරුවරු උගන්වන සිංහල බෞද්ධ දහම් පාසලක්‌ මම කොහේවත් දැකල නැහැ. මේ වගේ ආදර්ශවත් දේවල් රටට කියන්න පෙන්වන්න ආපු ඔබතුමාටත් මාධ්‍ය ආයතනයේ නිලධාරීන්ටත් අපි පිං දෙනවා.

මයිලන්කරච්චියේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්‌ථානයේ වැඩවසන කටුගස්‌තොට මහින්දාලංකාර හිමියෝa

මේ පන්සල වටේට ඉන්නෙ දෙමළ අයයි, මුස්‌ලිම් අයයි. ඒ අය පන්සලට එනවා, උදව් කරනවා. දෙමළ ළමයි 54 දෙනෙක්‌ මේ දහම් පාසලේ බුදු දහම ඉගෙන ගන්නවා. හැම ඉරිදාවකම දහම් පාසලට එනවා. හැම පෝයටම සිල් සමාදන් වෙනවා. මට මේස, ඇඳන්, පුටු, විදුලි පංකා එහෙම පහසුකම් ලබා දුන්නේ මුස්‌ලිම් ජාතික අය. මේ ජාති තුනම ඉතා සමගියෙන් ඉන්නවා.

දවස්‌ 365 ටම මට දානේ දෙන්නෙ නාවල්අඩි යුද හමුදා කඳවුරේ මහත්වරු. නියමිත වෙලාවට නොලැබුණොත් හැමදාම මාව කුසගින්නේ තියන්නෙ නැතිව ඒ මහත්වරු ලොකුම පිනක්‌ කර ගන්නවා.

ඒ වගේම මඩකලපුව නියෝජ්‍ය පොලිස්‌පති චන්ද්‍රd වාකිස්‌ට මහත්තයත් ඒ නිලධාරීනුත් උපකාර කරනවා. පොලිස්‌ ස්‌ථානාධිපතිතුමාත් නිලධාරීනුත් නිතරම ඇවිත් උපකාර කරනවා. 9 වන ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී කාංචන කුමාර, පොල්ගස්‌ඕවිට ස්‌ටෝර්ස්‌ අධිපති නාමල් හරිස්‌චන්ද්‍ර, නීතිඥ අනුර වෛද්‍ය ගජනායක යන මහත්වරුත්, තලගල සුමනරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ ගොඩනැඟිල්ල ඉදිකර දුන්නා. හැම ඉරිදාම දහම් පාසල් ළමයින්ට වාලච්ෙච්න උගාබේ හෝටලයෙන් කෑම වේලක්‌ දීමත් ලොකුම පිනක්‌ වගේම ලොකු සේවයක්‌. Source : http://www.divaina.com/2015/04/22/provin04.html



Free Classifieds ads in http://www.siyalla.lk ඔබේ සියලුම ලුහුඬු දැන්වීම් සඳහා...
Paid advertisement | Need to advertise here ? YES 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews