POSTED ON Friday, March 21, 2014| | Edit Post
මොරටුව විශ්ව විද්‍යාලය නියමුවන් රහිත තවත් ගුවන් යානයක් අත්හදා බලයි. රාවන් ලෙස නම්කර ඇති මෙම යානය ගුවන්ගත කිරීමේ බලපත‍්‍රය ලබාගැනීම සඳහා අයදුම්කර තිබේ. සිවිල් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හා ගුවන් හමුදාවෙන් බලපත‍්‍රය ලැබූ වහාම රාවන් යොදා ගුවනේ සිට දත්ත ලබාගැනීම් ආරම්භ කරන බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය සුදත් රෝහණ මුණසිංහ මහතා පවසයි.



රථ වාහන තදබදය, වන විනාශය, ආපදා, කැරලි කෝලහාල ආදී ඕනෑම දෙයක් පිළිබඳව ගුවනේ සිට එසැණින් පොළොවට ඡායාරූප ඒවීමේ හැකියාව රාවන් සතුව ඇතැයි සුදත් රෝහණ මුණසිංහ මහතා කියා සිටි.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මොරටුව විශ්වවිද්‍යාලය සමග එක්‌ වී නියමුවන් රහිත ගුවන් යානා (යූ. ඒ. වී) සහ බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ නිපදවීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කර ඇත. යුද හමුදාවේ සහ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශවල තාක්‍ෂණික සහ ප්‍රායෝගික දැනුම උපයෝගී කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ යටතේ මේ වනවිට යූ. ඒ. වී. යානයක්‌ නිපදවා සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඉදිරියේදී තවත් එවැනි යානා නිපදවීමට නියමිතව ඇත.

මේ අතර යුද හමුදාව විසින් නිපදවන යුනිකෝන් බෆල් රථ ප්‍රමාණය වැඩිකර ඒවා සාක්‌ කලාපීය රටවල හමුදාව වෙත අළෙවි කිරීමට කටයුතු යොදා ඇත.



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews