POSTED ON Saturday, March 1, 2014| | Edit Post
රියදුරන් නොමැතිව ද දුම්රියක්‌ ඉබේ ධාවනය වූ අපූරු පුවතක්‌ ගැන පසුගිය දිනක අසන්නට ලැබිණි. එහෙත් එය එදින මැදියම් රැයේ එසේ ධාවනය වී තිබීම නිසා කිසිත් අනතුරක්‌ ගැන වාර්තා වීමක්‌ සිදු නොවීය.

ජංගම දුරකථනයක්‌ ක්‍රියාත්මක කොට දුම්රිය හරස්‌ මාර්ගවල ඇති දුම්රිය ගේට්‌ටු දුම්රිය ගමනය සඳහා විවෘත කිරීම හා නැවත ඒවා වැසීමට හැකි සරල උපකරණයක්‌ හදා රන් පදක්‌කමක්‌ දිනාගත් දක්‍ෂ සිසුවකු ගැන උඩදුම්බර නවෝද්‍ය පාසලෙන් වාර්තා වී තිබේ.


එම විද්‍යාලයේ 13 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන මොරගහමඩිත්තේ වලව්වේ හර්ෂ ගයාන් විජයරත්න සිසුවායි ඔහු.

ඔහුගේ මෙම සරල නිර්මාණය "ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය" වෙත ඉදිරිපත් කොට තාරකා පිළිබඳ විද්‍යාඥ චන්දන ජයරත්න මහතා අතින් ඔහු මෙසේa රන් පදක්‌කම හා වටිනා සහතික දිනා ගෙන ඇත. මෙම සමස්‌ත ලංකා තරගය 2013. 12.04 සහ 05 යන දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ.



හර්ෂ ගයාන් විජයරත්න සිසුවා, උඩදුම්බර නගරයට කි. මී. පහක්‌ පමණ දුරකින් පිහිටා ඇති, ගොඩකුඹුර ගම්මානයේ ජීවත් වෙයි. මෙම ගම්මානයට අහළ පහළින් දුම්රිය මාර්ගයක්‌ හෝ එවැනි ශබ්දයක්‌වත් නොමැත. එවැන්නක්‌ සඳහා එහි සිට සැතපුම් තිහක පමණ දුරක්‌ ගෙවා මහනුවරට පැමිණිය යුතු වේ.

මොහු ගැන තොරතුරු සොයා බැලීම සඳහා ඔහු දැනට ඉගෙනුම ලබන උඩදුම්බර නවෝද්‍ය පාසල වෙත ගොඩවැදුණෙමි.

13 ශේ්‍රණිය භාරව සිටින රේණුකා ප්‍රියදර්ශනී ගුරු මහත්මිය මුණගැසිණ.

"13 ශේ්‍රණියේ සිසුන්ගේ කේවල ව්‍යාපෘති නිර්මාණයේදී හර්ෂ ගයාන් විජයරත්න ශිෂ්‍යාගේ සුවිශේෂ හැකියාවක්‌ ඇති බව මට අවබෝධ වූහ. ඔහු මුලින්ම නිර්මාණය කිරීමට ඉදිරිපත් වූයේ නිවාසවල ඉදිරිපස සවිකර ඇති යකඩ ගේට්‌ටු ස්‌වයංක්‍රීයව ඇරීම හා වැසීම සඳහා වූ සරල උපකරණයක්‌. පසුව එම අදහස අත්හැර ජංගම දුරකථනයක්‌ ක්‍රියාත්මක කොට දුම්රිය හරස්‌ මාර්ගවල ඇති යකඩ ගේට්‌ටු ස්‌වයංක්‍රීයව ඇරීම හා වැසීම සිදු කළ හැකි සරල උපකරණයක්‌ නිර්මාණය කිරීම ආරම්භ කළා. මේක සාර්ථක නිර්මාණයක්‌ කර ගැනීමට ඔහුට මාස ගණනාවක්‌ ගත වුණා.

"මාස කීපයක අත්හදා බැලීම්වලින් පසුව මෙම උපකරණය සාර්ථක නිර්මාණයක්‌ බවට පත් වුණා. මෙම ක්‍රමය දුම්රිය හරස්‌ මාර්ගවලට ආදේශ කර ගැනීමෙන් සිදුවන අනතුරු ප්‍රමාණය සැලකිය යුතු මට්‌ටමකින් අඩුකර ගත හැකිවීමත්, උපකරණයට හා එය නිපද වූ හර්ෂ ගයාන් විජයරත්න සිසුවට ඒ සඳහා වටිනාකමක්‌ ලබාදීමත් අරමුණ වී තිබුණා."

"මෙම තරගයට ඉදිරිපත් වීමට තවත් ඉතිරිව තිබුණේ දින තුනක්‌ වැනි කෙටි කාලයක්‌. එම සාර්ථක නිපයුමට සමස්‌ත ලංකා මට්‌ටමින් රන් පදක්‌කමක්‌ ලැබීම ගැන මම හුඟක්‌ සතුටුq වෙනවා.

උඩදුම්බර නවෝද්‍ය පාසලේ විදුහල්පති ශාස්‌ත්‍රපති පිටවල සාරානන්ද හිමි මෙසේ කීහ.

හර්ෂ ගයාන් විජයරත්න සිසුවාට මෙම රන් පදක්‌කම දිනාගන්නට මෙම පාසලේ ගුරු මණ්‌ඩලය දැක්‌වූ මග පෙන්වීම හා ගුරුහරුකම් ගැන මම ඔවුන් අගේ කරනවා. මෙම සිසුවා පාසලටත් ප්‍රදේශයටත් රටටත් කීර්තියක්‌ ලබාදී තිබෙනවා.

"රන් පදක්‌කමක්‌ දිනාගත් හර්ෂ ගයාන් විජයරත්න සිසුවාගේ ජංගම දුරකතනයෙන් දුම්රිය හරස්‌ මාර්ගවල ඇති ගේට්‌ටු ස්‌වයංක්‍රීයව අරින වහන සරල උපකරණයට අවශ්‍ය පේටන්ට්‌ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය සෑම පියවරක්‌ම ගන්නවා."

"ගම්බද පහසුකම් අඩු සිසුවකු මෙසේ අපූරු නිර්මාණයක්‌ කොට ඊට රන් පදක්‌කමක්‌ දිනා ගැනීම ගැන මේ රටේ ඒවා ගැන සොයා බලා ඇගයීම් කරන වගකිව යුතු පිරිස වෙනතක්‌ බලා මුනිවත රැකීම ගැන මහත් සංවේගයක්‌ ඇතිවෙනවා. හර්ෂ ගයාන් සිසුවාට හිමිවියයුතු ඇගයීම දැන්වත් සිදු කිරීමට ඔවුන්ගේ මානව හිතවාදී හැඟීම් මතු කරගත යුතුව තිබෙනවා."

රන් පදක්‌කම් දිනූ හර්ෂ ගයාන් විජයරත්න සිසුවා, අවසානයේදී අප හා කතාවට එක්‌ විය.

"මම රූපවාහිනි දර්ශනවලදී දැකලා තිබෙනවා දුම්රිය හරස්‌ මාර්ගවලදී සිදුවන අනතුරු. ජීවිත දේපළහානි. මට හිතුණා මෙම අනතුරු කල්තියා වළකා ගත හැකි ක්‍රමවේදයක්‌ හදන්න. ඒ අනුව රන් පදක්‌කම් දිනා මෙම ව්‍යාපෘතිය අත්හදමින් එහි නිමාවක්‌ දකින්න මට මාස 10 ක පමණ කාලයක්‌ ගත වුණා. මාව මේ සඳහා නිතර නිතර දිරිමත් කළ පංතිභාර රේණුකා ගුරු මෑණියන්ටත් විදුහල්පති ගරු ස්‌වාමින් වහන්සේටත් ගෞරවනීය නමස්‌කාරය පිරිනමනවා.

"රට පුරා පිහිටි පාසල්වලින් මේ තරගයට විවිධ මාදිලියේ ව්‍යාපෘති රාශියක්‌ම යොමු කරලා තිබුණා. මගේ මෙම සරල ආකෘතිය රට පුරා පිහිටි දුම්රිය හරස්‌ මාර්ග ගේට්‌ටුවල ක්‍රියාත්මක කිරීමේදී මගී ජනතාවට විශාල සේවාවක්‌ සිදු වෙනවා. මේ සඳහා රජයට දරන්න වෙන්නේ ඉතා අඩු පිරිවැයක්‌ හා වැඩි ප්‍රතිලාභයක්‌. මෙමගින් දැනට දුම්රිය හරස්‌මාර්ග ගේට්‌ටු සඳහා යොදා සිටින සේවක පිරිසට ඔවුන්ගේ රැකියා අහිමිවී යැමට ඉඩ තිබෙනවා. දුම්රිය හරස්‌ ගේට්‌ටු වෙනුවෙන් භාවිත කරනු ලබන ජංගම දුරකථන සංකේතයන් වෙනත් කිසිවකුටත් ලබා නොදීමට එම ආයතන එකඟ වී තිබෙනවා.

දැනට මේ රටේ දුම්රිය මාර්ග හරස්‌ ගේට්‌ටු දහසකට අධික ප්‍රමාණයක්‌ පවතිනවා. ප්‍රධාන විදුලිය නොමැති අවස්‌ථාවක වුවද කාර් බැටරියකින් වුවද, එය ක්‍රියාත්මක කරගත හැකියි. මෙම ජංගම දුරකථන සංඥවලට අනුගත වන හරස්‌ මාර්ග ගේට්‌ටු ඇරෙන වැසෙන අවස්‌ථාවල නළා හඬ හා සංඥ විදුලි පහන්ද ස්‌වයංක්‍රීයව දැල්වෙනවා. රජය මෙම සරල ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟෙන විට රටේ ආර්ථික තත්ත්වය නගාසිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුවටද උර දුන්නා කියන හැඟීම ඇතිවේවි." ඔහු කියන්නේය.
Source : Divaina.com
විස්‌තර හා පිංතූර උඩුදුම්බර - 
ඇස්‌. අබ්දුල් අසීස්‌

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews