POSTED ON Friday, March 7, 2014| | Edit Post
උතුරු දුම්රිය මාර්ගයේ තවත් ප්‍රධාන සන්ධිස්ථානක් වූ පලෙයි දුම්රිය ස්ථානයට අද (04දා) ප්‍රථම වතාවට කිලිනොච්චියේ සිට යාල්දේවි දුම්රිය ගමන් කරවිය.
ඒ අනුව පරන්තන් අලිමංකඩ හා පලෙයි දුම්රිය ස්ථාන ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කිලිනොච්චිය දුම්රිය ස්ථානය පසුගිය සැප්තම්බර් මස 14 වැනිදා ජනාධිපතිවරයා විසින් විවෘත කරමින් කියා සිටියේ, එලඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට යාපනය දක්වා යාල්දේවි දුම්රිය ගමන් කරවන බවයි.
කොළඹ,ලංකාපුවත්) - යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය අද(04) කොළඹ කොටුවේ සිට පලෙයි දක්වා සිය ගමන් අරඹන බව දුම්රියසාමාන්‍යධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසීය.
මේ දක්වා යාල්දේවි දුම්රිය ගමන් කරනුයේ කිලිනොච්චි දක්වා පමණි. ඒ අනුව කිලිනෝච්චියේ සිට පලෙයි දක්වා දුර කිලේමීටර් 30කි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ අද දිනයේ දී විශේෂ දුම්රියක් කොළඹ සිට පලෙයි දක්වා ධාවනය කරනු ඇත.

ඉන්දියාවේ ඉර්කොන් ජාත්‍යන්තර සමාගම මගින් උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පසුගිය 2011 වසරේ ආරම්භ කළ අතර එය අදියර තුනකින් නිමකෙරේ. එසේම පලෙයි සිට යාපනය දක්වා දුම්රිය ධාවනය අප්‍රේල් මාසය වනවිට ආරම්භ කිරීමට නියමිතය.
 කොටි ත්‍රස්තවාදීන් විසින් දුම්රිය මාර්ගය විනාශ කිරීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය 1990 වසරේ සිට වව්නියාට ඔබ්බට දුම්රිය ධාවනය නොකෙරිණී.

2020 වනවිට රටපුරා නගර ජාලය වඩා හොඳින් සැලසුම් සහගතව සම්බන්ධ කිරීමට රජය බලාපොරොත්තු වන බව පවසයි.
මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, හම්බන්තොට, ත‍්‍රිකුණාමලය හා යාපනය යන නගර විශාල නගර ලෙස සංවර්ධනය කිරීමට රජය හඳුනාගනු ලැබ ඇති බව කියැවෙයි. ඒ අතර මුළු රටම ආවරණය කරමින් වෙනත් නගර 09 ක් නාගරික සංවර්ධන මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත.

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මෙම ව්‍යාපෘතීවලට ඇ.ඩො.මිලියන 147 ක ණය මුදලක් පිරිනැමීමට එකඟවී ඇති අතර, මේ සම්බන්ධයෙන් එම බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමටත් ඉන් අනතුරුව මූල්‍යමය ගිවිසුමකට එළැඹීමටත් මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews