POSTED ON Sunday, March 16, 2014| | Edit Post
ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින්  ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. 
මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි. Download Link


Download Link :  

මේ මෙහි නිපැයුම්කරු ගැන ඔහුගේම වදනින් ..

මගේ නම පසන් රජිත වීරසේකර. පදිංචිය කැලනිය , හෙයියන්තුඩුව ප්‍රදේශයේ. වයස අවුරුදු 28 යි. පාසල් ගියේ කැලනිය ශ්‍රී ධර්මාලෝක ම.ම.වි. (2004 A/L - Maths)

2006 වසරෙදි නාරාහේන්පිට  National Vocational Training Institute වලින් Computer System Designing & Programming Diploma  ව හැදැරුවා.  ඉන් පසුවත් තව ආයතන ගනනාවකින්ම MCP, MCSA, Computer hardware,networking,ecommerce, Ubuntu වැනි පාඨමාලා හැදෑරුවා.

වසර 2007 සිටම පුද්ගලික ආයතන කීපයකම IT රැකියාවල නිරත වුනා. දැන් කොලඹ පුද්ගලික ආයතනයක IT ADMINISTRATOR ලෙස වැඩ කරමින් ඉන්නවා.

මම පාසල් කාලයේ සිටම පොඩි පොඩි Softwares හදනවා. පූර්න කාලීනව මම Programmer කෙනෙක් ලෙස වැඩ කරන්නෙ නෑ. විනෝදාංශයක් ලෙස වෙලා තියෙන වේලාවට මේ වගේ පොඩි Softwares හදනවා. ඒවා Websites, Facebook, IT Magazine CDs හරහා ගොඩක් අය බාවිතා කරලා තියන බව මට ලැබෙන Comments වලින් පේනවා.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews