POSTED ON Monday, March 17, 2014| | Edit Post
උපුටා ගැනීම- SLTB buses - ශ්‍රී ලංගම බස්

Ceylon Transport Board (CTB / now SLTB) Central Workshop, Werahara in 1960's (The photo is copyright to the respective photographer) -- වේරහැර පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම / වත්මන් ශ්‍රී ලංගම) මධ්‍යම වැඩපොළේ බඳ සැකසුම් අංශයේ, 1960 දශයේ මැද භාගයේ ලබාගන්නා ලද ඡායාරූපයකි. 


(ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය) එවකට මෙම වැඩපොළෙහි ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය බස් රථ වලට බඳ නිෂ්පාදනය සිදුවී ඇති අතර එම වැඩපොළ ආසියාවේ විශාලතම වැඩපොළකි. බඳ නිෂ්පාදයට අමතරව ලංගමය සඳහා අවශ්‍ය බොහෝ අමතර කොටස් ද වැඩපොළ භූමියේ පිහිටි විවිධ ඒකක මගින් නිෂ්පාදනය කොට තිබේ. 

1970 දශකයේ අග භාගය වන විට 100% ක් දේශීයව බස් රථයක් නිපදවීමට මෙම වැඩපොළේ ඉංජිනේරුවරුන් සමත් විය. (එම බස් රථය ගැන ලිපිය මෙතැනින්) මෙම වැඩපොළේ නිපදවුණු බස් රථ ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය වුනු අතර 1960 දශකයේ නිපදවූ ඇතැම් බස් රථ තවමත් පොදු මගී ප්‍රවාහනයේ යෙදීම මගින් ඒ බව තහවුරු වේ. (1960 දශයේ වේරහැර වැඩපොළේ බඳ නිපදවා තවමත් පොදු ජන සේවයේ යෙදෙන බස් රථයක් මෙතැනින්). ඉන්ධන පිරිමැස්ම ඉතා හොඳ මට්ටමක පැවති එම බස් රථ වල බඳ ඇළුමීනියම් ලෝහයෙන් නිෂ්පාදිත බැවින් කල් පැවැත්මද ඉතා ඉහල විය.
වේරහැර වැඩපොළේ බඳ සකසා ඇති තවත් බස් රථ: මෙතැනින්

කෙසේ වෙතත් 1991 ජනතාකරණයෙන් පසු වැඩපොළ විවිධ පුද්ගලික අංශ වෙත පවරා දී ඇති අතර 2001 වසරේ වැඩපොළ මුළුමනින්ම වැසී යන තෙක්ම එහි බස් රථ සඳහා බඳ නිෂ්පාදයන සිදු වී ඇත. ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය වූ ලටෙක්, සහ වෙස්කෝ වැනි බස් රථ එලෙස පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කල බස් රථ වේ.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews