POSTED ON Friday, September 5, 2014| | Edit Post

අනුර බාලසූරිය divaina.com

කොළඹ නගරයේ කුලුනු මතින් දිවෙන මාර්ග පද්ධතියක්‌ ඉදිකිරීමට මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යාංශය සැලසුම් කරගෙන යයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි මෙම මාර්ග පද්ධතිය ඉදිකිරීමට සැලසුම් කෙරෙන බව මහාමාර්ග වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා සඳහන් කළේය.



අධික වාහන තදබදය පවතින ස්‌ථාන හඳුනාගෙන මෙම මාර්ග පද්ධතිය ඉදිකෙරෙන බවද ඇමැතිවරයා පැවැසීය.

කැලණිය පාලම අසල සිට කොටුව චෛත්‍ය පාර දක්‌වා එක්‌ මාර්ගයකුත් කිරුළපන දක්‌වා අනෙක්‌ මාර්ගයත් ඉදිකිරීමට දැනට සැලසුම් කර ඇත.

මේ සම්බන්ධව ශක්‍යතා අධ්‍යයනයක්‌ කර අවසන්ව ඇතැයි අමාත්‍යාංශයේ සැලසුම් අංශය සඳහන් කරයි.
........

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews