POSTED ON Thursday, September 4, 2014| | Edit Post
ලෝකයේ  වැඩිම වටිනාකමකින් යුත් අතුරුපස තම හෝටලය මගින් පිළියෙල කර තිබෙන බව කොග්ගල ෆෝට්‍රස් රිසෝර්ට් හෝටල් කළමනාකාරිත්වය පවසයි. රිටිපන්න ධීවරයෙකුගේ හැඩයට තනා ඇති මෙම අතුරුපස වර්තමානයේදී ඔවුන් මිලකොට ඇත්තේ රුපියල් මිලියන 1.8 (+VAT) ම්ලකටය.

එහි රිටිපන්න ධීවරයෙකුගේ හැඩය චොක්ලට්වලින් සාදා තිබෙන අතර,
ඉතාලියානු කැසෙටා රස සහිත අයිරිෂ් අයිස්ක්‍රීම් සහ අඹ රස සහිතව මෙම අතුරුපස සකසා තිබේ. මෙම අතුරුපස සමග කැරට් 80 ක නිල් මැණික් ගලක්ද පිරිනැමෙන අතර, එම මැණික් ගල හේතුවෙන් මෙහි වටිනාකම ඉහළගොස් තිබේ. මෙම මැණිකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් පමණ වේ. එම මැණික වෙළෙඳපොළෙන් මිලදීගන්නේ නම් මීට වඩා මිලක් වනු ඇති බව හෝටල් කළමනාකරීත්වය පවසයි.

මෙයට පෙර ලෝකයේ වටිනාම කේක් එක සකස් කළේද මෙම හොටෙල් බවද කළමණාකාරිත්වය පවසයි.

ෆෝට්ස් රිසෝට් අවන්හල මගින් සක්ස්කරනු ලැබූ මෙම අතුරුපස 2009 වසරේදී ප්‍රථමවරට අලෙවිකර තිබෙන අතර එම බිල්පතේ පිටපතක් පහතින් සඳහන්වෙයි.

2009 වසරේදී මෙම අතුරුපස මිළදීගෙන තිබෙන්නේ ජපන් ජාතික යුවළක් විසිනි. ඉන්පසුව අවස්ථා දෙකකදී මෙම අතුරුපස විකිණී තිබේ. කළමණාකාරිත්වය සඳහන් කරන්නේ දැනටත් ඕනෑම පාරිභොගිකයෙක් වෙතට තමන්ට මෙම අතුරුපස සකස්කර දියහැකි බවයි.

තවදුරටත් ඔවුන් පවසන්නේ මෙම අතුරුපස 'පොප්' නැමැති සඟරාව හා විනිශ්චය මණ්ඩලයක් එක්ව ලොව වැඩිම වටිනාකමකින් යුතු අතුරුපස බවට නම්කළ බවයි.






Ada.lk ........

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews