POSTED ON Monday, September 22, 2014| | Edit Post
වසර 24කට පසුව යාල් දේවී පරීක්‍ෂණ දුම්රිය අද  (22දා)  පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ගමන් කෙරිණි.

අද පෙ.ව.  10.30ට පමණ පලෙයි දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹූ යාල්දේවී පරීක්ෂණ දුම්රිය අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්‍ද්‍රසිරි යන අයගේ ප්‍රධානත්වයෙන් දහවල් 11.30ට පමණ යාපනය දුම්රිය ස්ථානයට ළඟා වූ අතර පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් හා උපදුම්රිය ස්ථාන 6කින් යුක්ත වන අතරම පලෙයි සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 56ක දුර ප්‍රමාණයකින් යුක්තය





1990 වසරේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යාල්දේවී දුම්රියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වවුනියාව දක්වා සීමා කෙරුණි.

අනතුරුව වවුනියාවේ සිට පිළිවෙලින් 2009 වසරේ ජුනි 06 වැනිදා තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයද පසුව 2011 මැයි 27  ඕමන්ත දුම්රිය ස්ථානයෙන්ද පසුගිය වසරේ සැප්තම්බර් මස 14 වැනිදා  ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා දුම්රිය ගමනාගමනයද අනතුරුව මෙම වසරේ මාර්තු මස 04 වනදා කිලිනොච්චි සිට අලිමංකඩ හරහා පලෙයි දක්වාද දුම්රිය ගමන් වාරයන් ඇරඹුණු අතර අද දිනයේදී මෙසේ පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාල් දේවී පරීක්‍ෂණ දුම්රිය යාපනය දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලැබීය.

වසර 24කට පසුව එලඹි මෙම ඓතිහාසික අවස්ථාව නැරඹීමට යාපනයේ වැසියෝ විශාල පිරිසක් පැමිණි සිටියහ.









Source : ada.lk
.........

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews