POSTED ON Thursday, September 11, 2014| | Edit Post
KW Lite _web-resizedබ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණ පෙළ හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. 

ඔබගේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණ, දැනට වසර 4කට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ගෘහස්ත විදුලි උපකරණ වලින් වන නාස්තිය සැලකියයුතු ලෙස අඩුකර ගැනීමට කිලර්වොට් ලයිට් මගින් හැකියාව ලැබේ.


“කිලර්වොට් ලයිට් 13A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර  3000W දක්වා බලයක් දැරිය හැකිවේ.

තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.
1yr warranty



විශේෂාංග

සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්. 5A රවුම් පින් සහ 13A හතරැස් පින් සහිත විදුලි උපකරණ සම්බන්ධ කිරීමේ හැකියාව.

බහුවිධ (Multifunction) LED තිරයක්.
නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.

සෑහීමට පත් පාවිච්චි කරන්නන්

සවිකළ උපකරණය නිශ්චිත කාලයකට පසු විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.

සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ උපකරණ ආරක්ෂා කිරීම.

බලය විසන්ධි කිරීම සහ පනගැන්වීම Electronic Switching පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව.

වැඩිදුර විස්තර සහ භාවිතයන් පිලිබඳ අදහස්


ගෘහස්ත විදුලි බිල පාලනය කිරීමේ ක්‍රියාවලියේ මූලිකම අංගයක් විය යුත්තේ නාස්තිය පාලනය කිරීමයි. උදාහරණ ලෙස විදුලි ඉස්තිරික්කයක් (Electric Iron) මගින් රෙදි මදින අවස්ථාවක් ගනිමු. රෙදි මදින අතරතුර දුරකථන ඇමතුමක් ලැබුණු අවස්ථාවක ඉස්තිරික්කය රඳවනය මත තබා ඇමතුම වෙත යොමු වන්නෙමු. එය අවසන් වූ විට අප නිරත වී සිටි රෙදි මැදීමේ ක්‍රියාවලිය අමතක වුනහොත්, ඉස්තිරික්කය ක්‍රියාත්මක වන අතර, පැය ගණනක් වුව විදුලිය අපතේ යා හැකිය. මෙවැනි අතපසුවීම් වැළැක්වීමට KillerWattLiteඋපකරණය පහසුවෙන් භාවිතා කල හැකිවෙයි. අප සාමාන්‍යයෙන් රෙදි මදින්නේ විනාඩි 15ක් පමණ නම්, KillerWattLiteඋපකරණයේ ටයිමරය විනාඩි 15කට සකසා එය මෙමරියට ගබඩා කර තැබිය හැකිවෙයි. මෙවිට ඔබගේ විදුලි ඉස්තිරික්කය බල ගන්වන සෑම අවස්ථාවකම එහි ක්‍රියාකාරිත්වය විනාඩි 15කට පමණක් සීමා වෙයි. මෙම කාල අගය ඔබගේ අවශ්‍යතාවය අනුව ඕනෑම අවස්ථාවක අඩු/වැඩි කරගත හැකි වෙයි.

iron connection

මෙලෙසට ක්‍රියාත්මක වන ටයිමරය ගෘහ විදුලි උපකරණ බොහොමයකින් වන විදුලිබල නාස්තිය  අඩුකර ගැනීමට භාවිතා කල හැකි වෙයි.

මෑතකදී ලොව පුරා විදුලි ඉංජිනේරුවන්ගේ අවධානය යොමු වූ කරුණක් වන්නේ Standby Power Wastage හෙවත් අක්‍රීය විදුලි බල නාස්තිය අවම කර ගැනීමයි. උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. ඔබගේ රූපවාහිනිය, HiFi සෙටප් එක, DVD ප්ලේයරය, Home Theater පද්ධතිය ආදී බොහෝ විදුලි උපාංග බලගැන්වීම සහ හැසිරවීම සිදුකරන්නේ දුරස්ථ පාලකයක් මගිනි. දුරස්ථ පාලකයෙන් OFF කලද, Standby Mode හි ක්‍රියාත්මක වීමේදී සැලකිය යුතු විදුලිබලයක් වැයවෙයි. විදුලි ඒකක 150ක් වැයවන නිවසක විදුලි ඒකක 10කට ආසන්න ප්‍රමාණයක් Standby Power සඳහා අපතේ යයි. මෙය වලක්වා ගැනීමට  KillerWATTliteඋපකරණය ඉතා සාර්ථකව භාවිතා කල හැකිවෙයි. සාමාන්‍යයෙන් රූපවාහිනිය නරඹන්නේ පැයක් පමණ නම්,  KillerWATTliteටයිමරය පැයකුත් විනාඩි 15 කට පමණ සකසා තැබීමෙන් එම කාලයට පසු රූපවාහිනියත් ඊට සම්බන්ධක බූස්ටරය ඇතුළු සියලු උපාංගත් සම්පූර්ණයෙන්ම විදුලියෙන් විසන්ධි කර තබයි. මෙමනිසා මෙම උපකරණවලට අමතර ආරක්ෂාවක් සැපයීමද සිදුවෙයි.

TV connection

Laptop, Table PC, Smart Phone වල බැටරි ආයුකාලය වැඩිකිරීම සඳහා කිලර්වොට් ලයිට් 13A භාවිතා කරන අයුරු

ඉහත සඳහන් වටිනා ඉලෙක්ට්‍රොනික උපාන්ගවල බැටරිය අවම වශයෙන් දිනකට වරක්වත් ආරෝපණය (Charge) කල යුතුවෙයි. බොහෝවිට අප පුරුදුව සිටින්නේ, රාත්‍රියට නින්දට යනවිට මෙම උපකරණ චාජරයට සම්බන්ධ කර උදැසන ඉන් විසන්ධි කිරීමටයි. මෙහිදී බැටරිය වැඩිපුර චාජ් වී (Overcharge) රත්වීමකටද ලක්වී එහි ආයුකාලය බෙහෙවින් අඩුකර දමයි. ඔබගේ උපාංගය සම්පූර්ණයෙන්ම charge වීමට ගතවන කාලය පමණක් චාජරය ක්‍රියාත්මක කර නිවා දැමීමට මීට කදිම විසඳුමක් ලෙස KillerWATTlite උපකරණය ඉතා සාර්ථකව භාවිතා කල හැකිවෙයි. මෙමගින් මිල අධික බැටරි වැඩි ආයුකාලයක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

laptop connection

වතුර පොම්ප සඳහා කිලර්වොට් ලයිට් 13A ක්‍රමවත්ව භාවිතා කරන ආකාරය

අප බොහෝ විට නිවසේ වතුර මෝටරය ක්‍රියාත්මක කර වෙනත් වැඩක නිරත වන්නෙමු. ටැංකියට වතුර පිරී ඉතිරී යන ශබ්දයෙන් එය නිවා දැමීමට පුරුදුව ඇත්තෙමු. ඇතැම්විට අමතකවී ඔබ නිවසින් පිටව ගියහොත්, වතුර මෝටරය පිලිස්සී යාමට පවා ඉඩ ඇත. මෙය විදුලිබලය නාස්ති කිරීමකි. නිශ්චිත කාලයක් පමණක් වතුර මෝටරය ක්‍රියාත්මක කිරීමට KillerWattliteඋපකරණය භාවිතා කල හැකිවෙයි.

water motor connection

බත් පිසිනය (Rice Cooker) සඳහා කිලර්වොට් ලයිට් 13A ක්‍රමවත්ව භාවිතා කරන ආකාරය

සාමාන්‍යයෙන් බත් පිසිනයක් ක්‍රියාත්මක කල පසු, බත ඉදී අවසන් වූ විට, එය බත උණුසුම්ව තබා ගැනීමේ  “WARM” ක්‍රමවේදයකට ස්වයංක්‍රීයව සැකසේ. එහිදීද බත ඉදීමේදී මෙන් 50%ක පමණ විදුලි බලයක් වැයවෙයි. මෙයද අවශ්‍යනම් ඉතිරි කර ගැනීමට KillerWattliteහරහා ඔබට හැකියාව ලැබෙයි. සාමාන්‍යයෙන් බත ඉදීමට යන කාලය විනාඩි 25ක් යයි සිතමු. මෙවිට KillerWattliteහරහා බත් පිසිනය විනාඩි 30කට Timer එක සකසා බල ගැන්වීමෙන්, විනාඩි 30කට පසු සම්පූර්ණයෙන්ම බලය විසන්ධි වී යයි.

rice cooker connection


1yr warranty     මිලදී ගැනීම ?  <විස්තර මෙතනින්>

........

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews