POSTED ON Monday, August 18, 2014| | Edit Post
නව කළමනාකාරිත්වය යටතේ පොස්‌පේට්‌ රාජ්‍ය සමාගම පොහොර නිෂ්පාදනය දෙගුණ කර තිබෙනවා
- සාමාන්‍යාධිකාරි එච්. ආර්. යූ. ඩී. බණ්‌ඩාර

ලංකා පොස්‌පේට්‌ සමාගමේ සභාපති ජාලිය පී. කුලසේකර මහතා ඇතුළු නිලධාරීන් මාධ්‍ය හමුවට සහභාගි වූ අයුරුනව කළමනාකාරිත්වය යටතේ ලංකා පොස්‌පේට්‌ සමාගමට වසරක්‌ තුළ පොහොර නිෂ්පාදනය දෙගුණ කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරි එච්. ආර්. යූ. ඩී. බණ්‌ඩාර මහතා පැවැසීය.



සීමාසහිත ලංකා පොස්‌පේට්‌ රාජ්‍ය සමාගම පසුගිය වසර ඇතුළත ලැබූ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී බණ්‌ඩාර මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සාමාන්‍යාධිකාරිවරයා මෙසේද පැවසීය.

පොස්‌පේට්‌ සමාගම 2012 මාර්තු මාසයේදී චීනයෙන් රුපියල් මිලියන 34.5 ක්‌ වියදම් කර ගෙන්වන ලද ඇඹරුම් යන්ත්‍රය රුපියල් මිලියන 22 ක්‌ වියදම් කර ඉදිකළ ගොඩනැඟිල්ලක සවි කළා. වැඩ ආරම්භ කළ දිනයේම එය ක්‍රියා විරහිත වුණා. මාස 18 ක්‌ තිස්‌සේ එය අතහැර දමා තිබුණා. රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා සමාගමේ සභාපතිත්වයට ජාලිය පී. කුලසේකර මහතා පත් කිරීමෙන් පසුව දින 21 ක්‌ ඇතුළත මෙම යන්ත්‍රය යථා තත්ත්වයට පත්කරනු ලැබුවා. එය අලුත්වැඩියා කළේ යන්ත්‍රය ආනයනය කළ සමාගමේ වියදමින්. අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගත්තේ දේශීය ඉංජිනේරුවන්. මේ වන විට සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය දෙගුණ වී තිබෙනවා. පසුගිය ජුලි 18 වැනි දින වන විට මෙම යන්ත්‍රයෙන් පමණක්‌ පොහොර මෙටි්‍රක්‌ ටොන් 20498 ක්‌ නිෂ්පාදනය කර තිබෙනවා. සමාගම ලබාගත් ආදායම රුපියල් මිලියන 182 ක්‌ දක්‌වා ඉහළ දමාගෙන තියෙනවා. පසුගිය ජුලි මාසයේදී පොහොර මෙටි්‍රක්‌ ටොන් 8280 ක්‌ නිෂ්පාදනය කර සාමගමේ වසර 40 ක ඉතිහාසයේ වාර්තාගත වැඩිම පොහොර නිෂ්පාදනය වාර්තා කිරීමට අපට හැකි වුණා.

එප්පාවල වැඩ බිමෙහි නිමි භාණ්‌aඩ සඳහා ප්‍රමාණවත් පහසුකම් තිබුණේ නැහැ. නව කළමනාකාරිත්වය යටතේ වර්ග අඩි 11000 ක නිමි ද්‍රව්‍ය ගබඩාවක්‌ සාදා තිබෙනවා. සේවක විවේකාගාරය නවීකරණය කිරීම, අභ්‍යන්තර කාණු පද්ධතිය සංවර්ධනය කිරීම, පොල් පොහොර නිෂ්පාදනාගාරයක්‌ ආරම්භ කිරීම, නව ක්‍රෂර් යන්ත්‍රයක්‌ සවි කිරීම, නිෂ්පාදන අංශයේ පොදු පහසුකම් වැඩි දියුණු කිරීම, එප්පාවල නගරයෙහි නව පොහොර අලෙවි සලක්‌ ආරම්භ කිරීම, නව මිල් යන්ත්‍රයක්‌ සවි කිරීම, කොළඹ කාර්යාලය නවීකරණය කිරීම, නව කළමනාකාරිත්වය යටතේ සිදු වූ සේවාවන් අතර වෙනවා.

විධායක අධ්‍යක්‍ෂ නන්දන රාජපක්‍ෂ මහතා

සාමාන්‍යයෙන් පැවැති කාර්මික ආරවුල්, උද්ඝෝෂණ නතර කර පොහොර සමාගම ඵලදායී ආයතනයක්‌ බවට පත් කිරීමට නව කළමනාකාරිත්වයට හැකිවී තිබෙනවා. මහින්ද චින්තනයට අනුව ජාතික අවශ්‍යතාව හඳුනාගෙන පොහොර නිෂ්පාදනයේ අලුත් ගමනක්‌ යැමට අප සමාගමට හැකිවී තිබෙනවා. ඉදිරි කාලය තුළදී ආයතනයේ පරිගණක පද්ධතිය නවීකරණය කිරීම, එප්පාවල වැඩබිමේ නව කාර්යාලය ඉදිකිරීම, සේවකයන්ගේ ආරක්‍ෂාවට අලි වැටක්‌ ඉදිකිරීම, එප්පාවල නගර මධ්‍යයේ පානීය ජල පිරිපහදු මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීම, රබර් පොහොර සහ ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌ නිෂ්පාදනය කිරීම සඳහා පියවර ගැනීමට නියමිතයි.

ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

වසන්ත ලියනගේ විසින් දිවයිනට වාර්තාකළ ලිපියකි.



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews