මෙය www.gossipbook.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි..
ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 840 ක වියදමින් ගාල්ලේ ආරම්භ කරන ලද ලංකාවේ ප්‍රථම ටින් මාළු කම්හල මේ වනවිට වසා දමා ඇතයි වාර්තා වේ. 

මෙම කර්මාතශාලාව ආරම්භ කිරීමේදී ඒ පිළිබඳව ප්‍රකාශ වුනේ පිටරටින් ගෙන්වන මාළු ටින් එකකට වඩා රුපියල් 100ක්‌ පමණ අඩුවෙන් ගාල්ලේ නිපදවන මාළු ටින් එකක්‌ අලෙවිකළ හැකි බවය. 


ඒ අනුව ග්‍රෑම් 425 මාළු ටින් එකක්‌ රු. 170 කට අලෙවි කිරීමට බලාපොරොත්තු විය. ප්‍රථම ටින් මාළු කම්හල ලෙස මෙම ව්‍යාපෘතියෙන් ලාභ අපේක්ෂා කලත් මාළු චීනෙයන් ගෙන්වීමට සිදුවූ නිසා අපේක්ෂිත ලාභ අත්කරගැනීමට නොහැකි විය. 

කර්මාන්ත ශාලාවට අවශ්‍ය මාළු ගෙන්වීම සඳහා චීනය සමග රජය ගිවිසුමක් අත්සන් කර තිබූ අතර ලින්නා කිලෝවක්‌ රු. 100 ගණනේ පිටරටින් ගෙන්වීම නිසා මසකට රුපියල් එක්‌කෝටි හැටලක්‍ෂයක්‌ වැය කිරීමට රජයට සිදුවිය.

ලංකාව වටා ඇති නොගැඹුරු මුහුදු තීරයේ "ලින්නා" නම් මසුන් සිටියදී චීනයෙන් මෙම ලින්නා නම් මසුන් වර්ගය මෙට්‍රික් ටොන් මිලියන එක්ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් වසරකට ගෙන්වීමට ගිවිසුම් අත්සන් කිරීම ගැන මොහෝ දෙනා විමතිය පළ කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටින් මාළු කම්හල ලෙස මෙය මාධ්‍ය මඟින් නම් කරනු ලැබූවත් මෙය ලංකාවේ ප්‍රථම ටින් මාලු කම්හල නොවේ. ප්‍රථම ටින් මාළු කර්මාන්ත ශාලාව වනුයේ 1980 වසරේදී පේසාලේ ආරම්භ කරන ලද ටින් මාළු කර්මාන්ත ශාලාවයි

2012 අප්‍රේල් මස 03 වන දින ආරම්භ කල මෙම ටින්මාළු කම්හල ධීවර සංස්ථාව සමග එකාබද්ධව පවත්වාගෙන ගිය එකකි. එහි නිෂ්පාදන සතොස විසින් මිලදී ගනු ලැබුවද මේ වනවිට සතොසද එම ටින්මාළු මිලදී ගැනීම නවතා දමා ඇත. 

මෙම කර්මාන්තශාලාවේ දිනකට ටින්මාළු 10,000 ත් 12,000 ත් අතර නිපදවූ අතර මේවනවිට නිපදවන ලද ලක්ෂ එකහමාරක පමණ තොග විකුණා ගැනීමට නොහැකිව සිටින බව වාර්තා වේ. 

කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස කටයුතු කරනු ලබන්නේ ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරුන් කිහිප දෙනෙකු වන අතර ඔවුන් විසින් මෙම තත්ත්වය පිලිබඳ ජනපතිවරයාට දැනුම්දී තිබේ. 

ඉන් පසු භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සතොසට නියමකොට ඇත්තේ ව්හආම ටින්මාළු තොග මිලදී ගන්නා ලෙසය. නමුත් සතොස විසින් තවමත් එම තොග මිලදී නොගත් තත්ත්වයක් උඩ මෙසේ කර්මාන්තශාලාව වසා දැමීමට සිදුවී ඇත. 

සතොස මෙම මිලදී ගැනීම් සිදුකිරීම තාවකාලිකව නවතා ඇත්තේ බහුජාතික සමාගමකට නතුවීමේ එක් පියවරක් ලෙසය.(ඒ පිළිබඳව හෙළිදරව්වක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න). කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමග එහි සේවය කල සේවකයන් 56 දෙනෙකුටත් රැකියාව අහිමිවී ගොස් ඇත.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews