උපුටා ගැනීම lankacnewsවෙබ් අඩවියෙනි.

වෙළඳ දැන්වීම් වලට රැවටී ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාරපාන මිළදී නොගන්නා ලෙස පාරිභෝගික හා ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මේ වන විට රටේ ජනතාවට ලෙඩ රෝග ගණනාවක් උරුම කර දෙන ක්‍ෂණික ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා බහු ජාතික කූට සමාගම් විසින් ප්‍රසිද්ධ චරිත වෙළඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට පෙළඹී ඇත. එමගින් ඔවුන් බලාපොරොත්තූ වනුයේ ජනතාව ආකර්ෂණය වන චරිත යොදා ගනිමින් තම භාණ්ඩ වැඩිපුර අලෙවි කර අධික ලාභ ලබාගැනීමය.
මෙම උපක්‍රමයට හසුවූ බොහෝ ප්‍රසිද්ධ චරිත තමා පෙනී සිටින වෙළඳ දැන්වීම පිළිබඳව සැබෑ අවබෝධයක් නොමැති බව අපගේ විශ්වාසයයි. තමාගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් නියම වන මිළ පිළිබඳ පමණක් සිතා ඔවුන්ටම ආදරය කරන ජනතාවට විවිධ රෝග සහ අනතූරු උරුමකර දෙන ආහාර පාන ප්‍රවර්ධනය කිරීම සඳහා පෙනී සිටීම අප සන්ධානයේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු.

තමාගේ ප්‍රසිද්ධිය හෝ හැකියාව උපයෝගි කර ගනිමින් තමාට කැමති ආකාරයකට ක්‍රියාත්මක විය හැකි වුවද එය සදාචාර සම්පන්න සහ ජනතාවට අයහපතක් නොවන ක්‍රියාවලියක් විය යුතූ බව අප විශ්වාස කරමු. ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් වෙළඳ දැන්වීම් මගින් කරන හානිය වැලැක්වීමට පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන කිසිදු ප්‍රචාරාත්මක වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම බහුජාතික සමාගම් වල මුදලට ඔවුන්ද යටවීමක් නොවේදැයි අපි ප්‍රශ්න කර සිටිමු.

වර්තමාන වෙළඳපල රටාව අනුව සියල්ල මුදල්මතම තීරණය කරන බැවින් වෙළඳ දැන්වීම් හරහා ජන මනස වෙනස් කිරීමේ සූක්‍ෂම උපක්‍රමයට පාරිභෝගික ජනතාව ගොදුරු නොවන ලෙසත්් පරිභෝජනය සඳහා මිළදී ගන්නා භාණ්ඩ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳ වඩාත් විමසිලිමත් වන ලෙස අපි ඉතා ඕනෑකමින් පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ඉන්දික බෙල්ප ගමගේ
ලේකම්




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews