POSTED ON Thursday, August 7, 2014| | Edit Post

නොලේජ් පාර්ක් සංකීර්ණය ජනාධිපතිගේ නිරීක්ෂණයට

     දැනුම පදනම් කරගත් කර්මාන්ත සිදු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉදිකෙරෙන පිටකොටුව, නොලේජ් පාර්ක් සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ඊයේ (06) ලක් කෙරිණි.
     මරදාන ආසන්නයේ පිහිටා ඇති අක්කර 25කින් සමන්විත ට්‍රිපෝලි මාර්කට් නැමැති පැරණි ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර එහි පළමු අදියර යටතේ මේ වන විට අක්කර 12ක ඉදිකිරීම් සිදු කර ඇත.

     රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරයි. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් ඩොලර් මිලියන 7කි.
     මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සැලසුම් කර තිබෙන අතර වර්ෂ 2016 වන විට තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන් ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ලබාගැනීමට බලාපොරොත්තු වේ.
     ඒ යටතේ නවීන පන්නයේ අපනයන පහසුකම් සහිත ව්‍යාපාර පර්යේෂණ ආයතන සහිත නගරයක් ලෙස මෙය සංවර්ධනය කෙරේ. විෂයානුබද්ධ ඉහළ අධ්‍යාපනය ලැබූවන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම ඉන් අපේක්ෂා කෙරේ. දැනුම පදනම් කරගත් ව්‍යාපාරික ස්ථාන පිහිටුවීම සඳහා ලාබ ලැබීමේ චේතනාවකින් තොරව සමාගම් කිහිපයක්ද එක්ව කටයුතු කරන අතර එම සමාගම් සන්ධානය ට්‍රේස් යන නමින් හඳුන්වයි.
     ජාත්‍යන්තර සංචාරක කර්මාන්ත මෘදුකාංග විසැඳුම් වෙළෙඳ පොළට සේවා සපයන නව්‍යකරණ තොරතුරු තාක්ෂණ සමාගමක් වන කොඩිජෙන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම තම නවතම මාදිලියේ කාර්යාලය පසුගියදා මෙහිදී විවෘත කරන ලදී.
     එයද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ව්‍යාපෘති නිලධාරින් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිතුමා ඉදිරි සැලසුම් ද පරීක්ෂා කර බැලීය.
     ව්‍යාපාරික ප්‍රජාව සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසීය.
     ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ.
   

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews