POSTED ON Saturday, July 20, 2013| | Edit Post
රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදාහැරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (20) පස්වරු 3.00ට මහඔය පොල්ලේබැද්දේ දී සිදු කෙරේ.

රඹකැන් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3970කි. අක්කර අඩි 45,000ක ජලාශ ධාරිතාවකින් යුතු රඹකැන්ඔය ජලාශය හරහා කුඹුරු අක්කර 3500ක් සහ ගොඩ ඉඩම් අක්කර 1200ක් වගා කිරීමේ හැකියාව ලැබේ.


රඹකැන් ඔය ජලාශයේ බැම්ම අඩි 3600ක දිගකින් යුක්ත වන අතර බැම්ම උසින් අඩි 81කින් යුක්ත වේ. කිලෝමීටර් 6.7කින් යුත් ප්‍රධාන ඇළක් හා කිලෝ මීටර් 40ක දිගින් යුතු බෙදුම් ඇළක් ද මෙම සංවර්ධන ව්‍යාපෘතියට අයත් වේ. 

මේ සඳහා රුපියල් මිලියන 3900ක් වැය කළ අතර සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ උපදෙස් මත සිදුකර තිබේ.මෙහි සියලු කටයුතු දේශීය වාරි ඉංජිනේරුවරුන් ඉටුකර ඇති බවත් රඹකැන් ඔය නව ජලාශය අපේ වාරි ඉංජිනේරුවරුන් ඉදිකළ 72 වන මහ වාරි ජලාශය බවත් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු අයිවන් ද සිල්වා මහතා පවසයි.

රඹකැන් ඔය ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන මහඔය අවට ගම් 12 ක ප්‍රදේශය මහවැලි අධිකාරියේ 10 වැනි මහවැලි ප්‍රදේශය ලෙස පූර්ණ සියලු යටිතල පහසුකම් ඇතිව සංවර්ධනය කිරීමට ද කටයුතු යොදා ඇතැයි ලේකම්වරයා කීය. නව ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 5000 ක් වටිනා අවට යටිතල පහසුකම් රැසක් ද මහඔය හා අවට ජනතාවට ලැබුණි.

මෙම ව්‍යාපෘතියේදී සිදු කෙරුණේ මුංදෙණි ඔයේ ප්‍රධාන ශාඛාවක් වන රඹකැන් ඔය හරහා මහඔය කුරුඳුවත්තේදී අඩි 3600 ක් දිග අඩි 81 ක් උස වේල්ලක් බැඳ අක්කර අඩි 45000 ක් ගබඩා කර හැකි ජලාශයක් ඉදිකර එහි ජලය කෘෂිකාර්මික කටයුතු හා පානීය ජලය ලෙස ජනතාවට ලබාදීමයි.

මේ වෙනුවෙන් අද 20 දා විශේෂ තැපැල් මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතය. 



Anura S. Liyanage Target-news -divaina -2013 ජුලි 20 සෙනසුරාදා










 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews