POSTED ON Monday, July 1, 2013| | Edit Post
අන්තර්ජාල සිංහල උපසිරැස කරණයේ මුල් පොත් තබමින් 2009 මාර්තු මස 10 බයිස්කෝප් බ්ලොග් අඩවිය මුල්ම වතාවට සිංහල උපසිරැසක් එක්කාසු කරන්න සමත්වුනා. ඉතින් ඒ පුංචි පියවර මේ වෙනකොට මහා දුරක් යමින් පවතිනව. අපි අපගේ ගමන හෙමින් සීරුවේ යන අතර තාක්ෂණික ලොව නිම් වළලු පුළුල් වන්නේ විදුලි වේගයෙන්. ඉතින් මේ වේගයට අපිට හැඩ ගැසීමට නොහැකි වුනත් ලොව නවීනම තාක්ෂණයේ තවත් මානයකට අප වෙබ් අඩවියේ ලිපි 1000 සම්පූර්ණ කල 2012 අගෝස්තු 15 වැනිදා පුංචි අඩියක් තියන්න අපි සමත් වුනා. ඒ ලොව පුරා මහත් වේගයෙන් පැතිර යන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය සිංහලෙන් සිනමා ලෝකය දකින්න වෙර දරන ඔබ සැමට විවර කිරීම. ඉතින් ඒ අදහස් පෙර දැරිව අපි ලිපි 1000 සම්පූර්ණ කල දිනයේ Bhasha Lanka (Pvt) Ltd ආයතනයත් සමග එක්ව ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය භාවිතා වන ජංගම දුරකතන වලින් අප වෙබ් අඩවියේ සැරි සරන්නට හා උපසිරැස අන්තර්ජාලයට එකවූ සැනින් එය දැනගැනීමට පහසුකම් සලසා දුන්න.

නමුත් ඒ පුංචි පියවර දැන් අලුත් කරන්න කාලෙ හරි. එදා පැවති තාක්ෂණය අද ගව් ගණනක් දුර ගිහින්. දැන් දැන් එන අලුත් අතුරු මහුණු අපගේ ඒ පුංචි පියවරේ ගැටළු මතු කරන්න අරගෙන, ඒ වගේම තවත් සිනමා ලෝකය ගැන ඔබේ ඇති කුකුස ඉහළ ගිහින්. ඉතින් නැවතත් ඔබගේ ඉල්ලීම හා නවීන තාක්ෂණික විධි ක්‍රම උපයෝගී කොටගෙන ඔබට පැවති ගැටලු වඩා සාර්ථකව විසදමින් නවීනතම තාක්ෂණයට ගැලපෙන ලෙස අද අපි අපගේ නවතම ඇන්ඩ්‍රොයිඩ් App එක ඔබ වෙත තිළිණ කරනව.එම වෙනස්කම් ලැයිස්තුව ඔබට පහතින් බලාගන්න පුළුවන්:

  • සම්පූරණයෙන් වෙනස් කල අතුරු මුහුණත
  • Android Jelly Bean නවතම මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම
  • අලුතෙන් එකතුකළ සර්ච් බාර්
  • උපසිරස,ටොරෙන්ට් ගොනු පහසුවෙන් සොයා ගැනීමට එක් කල මෙවලම්
  • අවශ්‍ය Movie Categories තෝරා ගැනීමේ පහසුව
  • Movie Categories වල පිලිවලට වෙනස් කර ගැනීම (Drag & Drop)
මුල් අවස්ථාවේ මෙන්ම මෙවරත් අප මුවින් වදන් ගිලිහෙන පමාවෙන ඔබගේ සුව සෙත උදෙසා මේ මිල අධික තාක්ෂණික උවටැන කරන්නට Bhasha Lanka (Pvt) Ltd ආයතනය පැකිළුනේ නැහැ. ඉතින් එම ආයතනයට අපගේ හද පිරි ස්තුතිය පුදකරන ගමන්ම විශේෂයෙන් මතක් කරන්න අවශ්‍ය චරිතයක් තියනව මේ සියල්ල පිටුපස ඔහු නමින් ධනික පෙරේරා ය. ධනික  සහ  ඔහුගේ කර්‍යය මණ්ඩයල අපගේ හා ඔබගේ පහසුව සඳහා මෙම නවීන තාක්ෂණය බෙදා ගැනීමට කළ කැපවීම නැවතත් මතක් කරන්න ඕනෙ.

ඉතින් මෙලෙසින් ඔබ වෙත ලැබෙන අපගේ නවතම වැඩිදියුණු කල ඇන්ඩ්‍රොයිඩ් app එක දැන් ඔබට Google App Store වෙතින් ලබාගැනීමේ හැකියාව තියනව. ඒ වගේම අමතක නොකර ඒ ගැන ඔබගේ අදහස්අකුරු කර යන ලෙස අප ඉල්ලා සිටිමු.එමෙන්ම ඔබට ඉදිරියේදී මෙම ඇප් එකට අලුතෙන් එකතු විය යුතුය සිතනාදෙත් අකුරු කර යන්න,අමතක නොකර Google App Store එකේ බයිස්කෝප් ඇප් එක රේට් කරන්න අමතක කරන්න එපා,  ඔබගේ මේ සම්බන්ධ තවත් අදහස් යෝජනා, චෝදනා ලබාදෙන්න අප වෙත. මේ සියල්ල ඔබ වෙනුවෙන් නිසා එය අපිට හා අපගේ ඉදිරි ගමන පහසු කරගන්න තවත් ශක්තියක්.
Download - Google App Store 








 webwww.baiscopelk.com


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews