POSTED ON Friday, July 26, 2013| | Edit Post
තවසර 124කට පසු මෙරටින් නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ. හඳුනාගැනීම කර තිබෙන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා අංශයයි.දැනට සිදුකර ඇති නිරීක්‍ෂණ අනුව එම මදුරු විශේෂය ඩෙංගු මදුරුවන් සමඟම ඔවුන් ආශි්‍රතව ජීවත් වන බවත් එම මදුරු කීට බහුල වශයෙන් ඩෙංගු මදුරු කීට ආහාරයට ගන්නා බවත් හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම මදුරු විශේෂය බෝවීම, ඩෙංගු මදුරුවන් සොබාදහම ඉක්මවා යෑම වැළැක්වීම සඳහා සොබාදහම විසින්ම ඩෙංගු මදුරුවන්ගේ විනාශය ළංකර වීමක් ලෙස කීට විද්‍යාඥයන් උපකල්පනය කරයි.එම මදුරු විශේෂය මිනිස් රුධිරය උරාබොන බවට මෙතෙක් වාර්තා වී නැත.


ඩෙංගු මදුරුවාගේ මෙන් එම මදුරුවාගේද හිස කොටසේ සුදුපාට රේඛාවක් දක්නට ලැබෙන අතර ආහාර භක්‍ෂණය පහසු කිරීම සඳහා වෙනත් මදුරුවන්ට නැති මුඛ නාළිකා දෙකක් එම මදුරුවාගේ හිස දෙපස දක්නට ඇත. එය දෙපැත්තට නැමී ගිය ස්වභාවයක්ද පෙන්නුම් කරයි.

කීට විද්‍යාඥ ඩබ්ලිව්. ජී. ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ පී. රණසිංහ, වයි. ශි්‍රයාකාන්ති යන කීට විද්‍යා සහකාර කණ්ඩායම මඟින් එම පරීක්‍ෂණය සිදුකළ අතර එම නව මදුරු විශේෂය 'ඊධනධථඪරච' වර්ගයට අයත්වන බව කිව හැකි යැයි ඔවුන් පවසයි. මෙතෙක් මෙරටින් වාර්තා වී තිබුණේ මදුරු විශේෂ 16ක් වන අතර 17 වැනි කාණ්ඩයට මේ නව මදුරු විශේෂය ඇතුළත් වනු ඇත.


 උපුටා ගෑනීම -  2013-07-26 07:30:00 මව්බිම 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews