POSTED ON Sunday, July 14, 2013| | Edit Post
සිංහල භාෂාව ජංගම දුරකථනයට ගෙන ඒම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ භාෂා ලංකා සමාගම (Bhasha Lanka Pvt Ltd) විසින් Android දුරකථන සඳහා එළිදැක්වූ Bhasha Apps දැන් iPhone සඳහා ද එළිදක්වා තිබෙනවා.

මේ අතරින් Bhasha English-Sinhala Dictionary යනු ඔබේ iPhone දුරකථනයෙන් නොමිලේම ඉංග්‍රීසි වචන වල සිංහල පරිවර්තන ලබාගත හැකි ජංගම ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්. වචන 36,000 කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත ‍මෙම ශබ්දකෝෂය සඳහා වචන පරිවර්තනයන් සපයනු ලබන්නේ කොළඹ සරසවියේ භාෂා තාක්ෂණ පර්යේෂණායතනය මඟින්. අන්තර්ජාල සම්බන්ධතාවක් නොමැති විට දී වුව ද මෙම ජංගම ශබ්දකෝෂයෙන් ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් ලබාගත හැකියි. 

Bhasha Puvath යනු ශ්‍රී ලාංකාවේ ඇති පුවත් සපයන වෙබ් අඩවි 30 කට ආසන්න ප්‍රමාණයකින් එකවර උණුසුම් පුවත් සපයනු ලබන ජංගම පුවත් කියවනයක්. මෙමඟින් සිංහල භාෂාවෙන් පමණක් නොව ඉංග්‍රීසි හා දෙමළ භාෂා වලිනුත් ශ්‍රී ලාංකීය පුවත් කියවිය හැකියි. වෙබ් අඩවිය වෙත නොයා සම්පූර්ණ පුවතම ඡායාරූප සමඟින්ම කියවිය හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.

මෙම ජංගම මෘදුකාංග දෙකට අමතරව භාෂා සමාගම විසින් Android සඳහා එළිදැක්වූ සිංහල බ්ලොග් කියවනය වන භාෂා වියුණු (Bhasha Viyunu) මෘදුකාංගය ද නුදුරු අනාගතයේම iPhone සඳහාත් නිපදවීමට එම සමාගම බලාපොරොත්තු වෙනවා.

මෙම භාෂා ජංගම මෘදුකාංග (Bhasha Apps) භාෂා සමාගම විසින් ඔබ වෙත සැපයනු ලබන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ඒවා පිළිබඳ වැඩි විස්තර පහත සබැඳීන් වෙතින් ලබාගන්න පුළුවන්.

1. Bhasha English-Sinhala Dictionary - මෙතනින්

2. Bhasha Puvath - මෙතනින්

* Bhasha Apps iPhone සඳහා එළිදැක්වීම පිළිබඳව භාෂා බ්ලොග් අඩවියේ පළ කළ නිළ නිවේදනය: - මෙතනින්

* Bhasha Apps වෙබ් අඩවිය: මෙතනින්

* භාෂා සමාගමේ ෆේස්බුක් පිටුව: මෙතනින්

* Bhasha Android Apps ලබාගත හැකි Google Play Store පිටුව: මෙතනින්

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews